එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හෙට (12) සිට ආරම්භ වීමට නියමිතයි. රටවල් 10ක් කාණ්ඩ ද්විත්වයක් යටතේ සහභාගී වන මෙම තරගාවලිය ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ.
තරගාවලියට එක් වෙන 14 දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට හර්ෂිතා සමරවික්‍රම පත් කර ඇති අතර එය ඇයගේ 100 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයයි. කණ්ඩායමේ උප නායකත්වය හිමි ව ඇත්තේ කවීෂා දිල්හාරි වෙතයි.
ශ්‍රී ලංකා නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායම
හර්ෂිතා සමරවික්‍රම (නායිකාව), කවීෂා දිල්හාරි (උප නායිකාව), සංජනා කාවින්දි, ඉමේෂා දුලානි, හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, නිලක්ෂිකා සිල්වා, කෞෂිනී නුත්‍යාංගනා, සත්‍යා සංදීපනී, රශ්මිකා සෙව්වන්දි, සුගන්දිකා කුමාරි, චමුදි ප්‍රබෝධා, මල්කි මදාරා සහ චේතනා විමුක්ති.
හර්ෂිතාට පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙහෙයවීමේ වරම්
තරාගවලිය සඳහා එක්වෙන කණ්ඩායම්
A කාණ්ඩය
අයර්ලන්තය, පැපුවා නිව් ගිනියාව, ස්කොට්ලන්තය, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය
B කාණ්ඩය
බංග්ලාදේශය, නෙදර්ලන්තය, පාකිස්තානය, පාකිස්තානය, තායිලන්තය සහ සිම්බාබ්වේ
තරගාවලියේ පළමු වටයේ තරග නොවැම්බර් මස 18 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඉන් අනතුරු ව කාණ්ඩ ද්විත්වයේ පළමු ස්ථාන 3 දිනා ගන්නා කණ්ඩායම් සුපිරි 6 වටයේ තරගාවලියට එක් වීමට නියමිතයි. එම වටයේ තරග මේ මස 20 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වේ.
එම කාණ්ඩයෙන් පළමු ස්ථාන ද්විත්වය ලබා ගන්නා කණ්ඩායම් ද්විත්වය නොවැම්බර් මස 25 වැනිදා Ajman හි Karwan ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
තරග කාලසටහන
1 වැනි තරගය :
- A කාණ්ඩය, ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය නොවැම්බර් 12 වැනිදා පෙරවරු 10.30ට Ajman හි Karwan ක්‍රීඩා සමාජ පිටියේ දී.
2 වැනි තරගය :
- A කාණ්ඩය, පැපුවා නිව් ගිනියාව සහ ස්කොට්ලන්තය අතර තරගය නොවැම්බර් 12 වැනිදා පෙරවරු 10.30ට Ajman හි Seven Districts ක්‍රීඩා සමාජ පිටියේ දී.
3 වැනි තරගය :
- B කාණ්ඩය, බංග්ලාදේශය සහ පාකිස්තානය අතර තරගය නොවැම්බර් 12 වැනිදා පස්වරු 2.45ට Ajman හි Karwan ක්‍රීඩා සමාජ පිටියේ දී.
4 වැනි තරගය :
- B කාණ්ඩය, නෙදර්ලන්තය සහ තායිලන්තය අතර තරගය නොවැම්බර් 12 වැනිදා පස්වරු 2.45ට Ajman හි Seven Districts ක්‍රීඩා සමාජ පිටියේ දී.
5 වැනි තරගය :
- A කාණ්ඩය, ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය නොවැම්බර් 13 වැනිදා පස්වරු 10.30ට Ajman හි Karwan ක්‍රීඩා සමාජ පිටියේ දී.
6 වැනි තරගය :
- A කාණ්ඩය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අයර්ලන්තය අතර තරගය නොවැම්බර් 13 වැනිදා පෙරවරු 10.30ට Ajman හි Seven Districts ක්‍රීඩා සමාජ පිටියේ දී.
7 වැනි තරගය :
- B කාණ්ඩය, පාකිස්තානය සහ තායිලන්තය අතර තරගය නොවැම්බර් 13 වැනිදා පස්වරු 2.45ට Ajman හි Karwan ක්‍රීඩා සමාජ පිටියේ දී.
8 වැනි තරගය :
- B කාණ්ඩය, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර තරගය නොවැම්බර් 13 වැනිදා පස්වරු 2.45ට Ajman හි Seven Districts ක්‍රීඩා සමාජ පිටියේ දී.
9 වැනි තරගය :
- B කාණ්ඩය, තායිලන්තය සහ සිම්බාබ්වේ අතර තරගය නොවැම්බර් 15 වැනිදා පස්වරු 10.30ට Ajman හි Karwan ක්‍රීඩා සමාජ පිටියේ දී.
10 වැනි තරගය :
- B කාණ්ඩය, පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර තරගය නොවැම්බර් 15 වැනිදා පෙරවරු 10.30ට Ajman හි Seven Districts ක්‍රීඩා සමාජ පිටියේ දී.
11 වැනි තරගය :
- A කාණ්ඩය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ස්කොට්ලන්තය අතර තරගය නොවැම්බර් 15 වැනිදා පස්වරු 2.45ට Ajman හි Karwan ක්‍රීඩා සමාජ පිටියේ දී.
12 වැනි තරගය :
- A කාණ්ඩය, පැපුවා නිව් ගිනියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය නොවැම්බර් 15 වැනිදා පස්වරු 2.45ට Ajman හි Seven Districts ක්‍රීඩා සමාජ පිටියේ දී.
13 වැනි තරගය :
- B කාණ්ඩය, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර තරගය නොවැම්බර් 16 වැනිදා පස්වරු 10.30ට Ajman හි Karwan ක්‍රීඩා සමාජ පිටියේ දී.
14 වැනි තරගය :
- B කාණ්ඩය, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර තරගය නොවැම්බර් 16 වැනිදා පෙරවරු 10.30ට Ajman හි Seven Districts ක්‍රීඩා සමාජ පිටියේ දී.
15 වැනි තරගය :
- A කාණ්ඩය, අයර්ලන්තය සහ පැපුවා නිව් ගිනියාව අතර තරගය නොවැම්බර් 16 වැනිදා පස්වරු 2.45ට Ajman හි Karwan ක්‍රීඩා සමාජ පිටියේ දී.
16 වැනි තරගය :
A කාණ්ඩය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර තරගය නොවැම්බර් 16 වැනිදා පස්වරු 2.45ට Ajman හි Seven Districts ක්‍රීඩා සමාජ පිටියේ දී.
- කෝඩුකාර පාකිස්තානුවෝ 2 වැනි දිනයේත් ශ්‍රී ලංකාව හඬවයි
- එංගලන්ත ක්‍රීඩිකාවෝ නවම් මහේ මෙරට එයි
- ශ්‍රී ලංකා යෞවනියෝ තුන්කොන් ශූරතාව දිනා ගනී
- සංජනා සහ ලිමංසා එක් ව පාකිස්තානය නැවතත් පරාජය කරයි
- සංජනා පාකිස්තානයටත් සැරට තලයි
17 වැනි තරගය :
- A කාණ්ඩය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ පැපුවා නිව් ගිනියාව අතර තරගය නොවැම්බර් 18 වැනිදා පස්වරු 10.30ට Ajman හි Karwan ක්‍රීඩා සමාජ පිටියේ දී.
18 වැනි තරගය :
- A කාණ්ඩය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර තරගය නොවැම්බර් 18 වැනිදා පෙරවරු 10.30ට Ajman හි Seven Districts ක්‍රීඩා සමාජ පිටියේ දී.
19 වැනි තරගය :
- B කාණ්ඩය, නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ අතර තරගය නොවැම්බර් 18 වැනිදා පස්වරු 2.45ට Ajman හි Karwan ක්‍රීඩා සමාජ පිටියේ දී.
20 වැනි තරගය :
- B කාණ්ඩය, බංග්ලාදේශය සහ තායිලන්තය අතර තරගය නොවැම්බර් 18 වැනිදා පස්වරු 2.45ට Ajman හි Seven Districts ක්‍රීඩා සමාජ පිටියේ දී.
ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ ම.






















