පාකිස්තාන ක්‍රිකට් පාලකය මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට එරෙහි ව පැවැත්වෙන ටෙස්ට් තරග ද්විත්වය සඳහා මීට පෙර 14 දෙනෙක්ගෙන් යුත් සංචිතයක් නම් කර තිබුණ ද එම කණ්ඩායමේ ප්‍රධාන වෙනස්කම් ත්‍රිත්වයක් සිදු කරමින් හෙටින් (9) ආරම්භ වන ටෙස්ට් තරගාවලියට 16 දෙනෙක්ගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා.
පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් සංචිතය
Babar Azam (නායක), Aamir Jamal, Ali Shabbir, Arafat Minhas, Azan Awais, Mohammad Abbas, Mohammad Ghazi Ghori (කඩුලු රකින්නා), Mohammad Suleman, Mohammad Taha, Muhammad Tayyab Arif, Razaullah, Saad Baig (කඩුලු රකින්නා), Salman Ali Agha, Sameer Minhas, Saqib Khan සහ Saud Shakeel.
Babar Azam ගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට දකුණත් මඳ වේග පන්දු යවන්නන් වන Ali Shabbir සහ Saqib Khan මෙම සංචිතයට පන්දු යවන්නන් ලෙසින් අලුතින් ම එක් කර ඇති අතර දකුණත් පිතිකරු Tayyab Arif ද ඒ ආකාරයෙන් ම මෙම කණ්ඩායමට නම් කර තිබෙනවා.
ඔවුන් තිදෙනා ම පාකිස්තාන කණ්ඩායමක් සඳහා නම් කරන්නේ ප්‍රථම වතාවට වන අතර ඔවුන් තිදෙනා ම ශ්‍රී ලංකාව සමඟින් නිමා වූ එක ම පුහුණු තරගය සඳහා ද එක් වූවා.
>>ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරග 59ක පැටිකිරිය<<
20 හැවිරිදි වියේ පසුවෙන Tayyab Arif මෙම සංචිතය සඳහා එක් වෙන්නේ එරට නිමා වූ පළමු පෙළ තරගාවලියේ දී පෑ දක්ෂතාත් සමඟිනුයි. Kingsmen Academy කණ්ඩායම නියෝජනය කරමින් පළමු වරට එම තරාගාවලියට එක් වූ ඔහු තරග 7ක දී ශතක 3ක් සමඟින් ලකුණු 727ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා. එහි සාමාන්‍ය 66.09ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද ඔහු සමත් වෙනවා.
19 හැවිරිදි වියේ පසුවෙන Ali Shabbir මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙළ තරග 8කට පමණක් වන අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව ද 22ක්. කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකාව සමඟින් නිමා වූ පුහුණු තරගය ද සඳහා ද එක් කර තිබුණා. එහි දී ඔහුට ඉනිම 2 දී කඩුලු 3ක් දවා ගන්නවා.
ඔවුන්ට අමතර ව එරට නිමා වූ 2025/26 Quaid-e-Azam තරගාලියේ දී Karachi Blues’ කණ්ඩායම සමඟින් එක් වූ 31 වැනි වියේ පසුවෙන Saqib Khan මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තරග 9ක දී කඩුලු 47ක් ලබා ගැනීම හේතු වූවා.
- පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට
- පාකිස්තානුවෝ තමන්ට එරෙහි වසර 51ක වාර්තාවක් සතු කර ගනී
- ශ්‍රී ලංකා යෞවනියෝ තුන්කොන් ශූරතාව දිනා ගනී
- කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වත්
එම වෙනස්කම් සමඟින් කණ්ඩායමට තවත් අලුතින් ම තවත් ක්‍රීඩකයෙක් ද නම් කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල තේරීම් කමිටුව කටයුතු කර තිබුණා. ඒ මේ දක්වා ටෙස්ට් තරග 9කට, එක්දින ජාත්‍යන්තර තරග 3කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරග 6කට පාකිස්තානය නියෝජනය කළ 30 වැනි වියේ පසුවෙන Aamer Jamal ද කණ්ඩායමට එක් කරමිනුයි. Aamer Jamal පාකිස්තානය අවසන් වරට එක් වූ එංගලන්ත ටෙස්ට් තරගාවලියට එක් කර තිබුණේ නැහැ.
ඔවුන්ට කණ්ඩායම හා එක්වීම සඳහා ආරාධනා ලැබෙද්දී ඊට පෙර නම් කරන ලද කණ්ඩායම හා එක් ව සිටි Abdullah Fazal සහ Ali Usman කණ්ඩායමෙන් ඉවත් කර තිබුණා.
ශ්‍රී ලංකාව සමඟින් එක් වෙන පාකිස්තාන කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නැවත වතාවක් Babar Azam වෙත ම හිමි ව ඇති අතර ඔහු මේ දක්වා ශ්‍රී ලංකාවට එරෙහි ව ටෙස්ට් තරග 4කට නායකත්වය ලබා දෙමින් ඉන් තරග 3ක් ජයග්‍රහණය කරමින් ද එක් තරගයක් පරාජය වෙමින් ද අවසන් කර තිබෙනවා.
මෙම තරගය කුසල් මෙන්ඩිස් ටෙස්ට් නායකත්වයට පත් වෙන පළමු තරගයයි.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය
කුසල් මෙන්ඩිස් (නායක), ලහිරු උදාර (කඩුලු රකින්නා), පසිඳු සූරියබණ්ඩාර, කමිඳු මෙන්ඩිස්, අංජල බණ්ඩාර (කඩුලු රකින්නා), දිනේෂ් චන්දිමාල්, ධනංජය ලක්ෂාන්, සොනාල් දිනූෂ, අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, මිලාන් රත්නායක, ලහිරු කුමාර, ඩිල්ශාන් මදුශංක, එශාන් මාලිංග සහ කේශර නුවන්ත.
මෙම තරගාවලිය ලෝක ටෙස්ට් තරගාවලියට අයත් ටෙස්ට් තරග ද්විත්වයකින් යුතු අතර මේ වෙද්දී එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයේත්, පාකිස්තානය 9 වැනි ස්ථානයේත් රැඳී සිටිනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන ක්‍රිකට් සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















