වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 33 වැනි වරටත් සංවිධානය කරන Singer – MCA Super Premier විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේ දී අර්ධ ශතක 5ක් එක් වූවා.
එහි දී CDB කණ්ඩායමේ විශාද් රන්දික (80) සහ පවන්ත වීරසිංහ (52), HNB A කණ්ඩායමේ සොහාන් ද ලිවේරා (නොදැවී 60), Hayleys Group A කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් (නොදැවී 52) සහ කවිශ්ක අංජුල (නොදැවී 55) අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් දිනය වර්ණවත් කළා.
මේ අතර පැවැති තරගවල දී CDB, Colombo Aces, HNB A සහ Amzet Lanka යන කණ්ඩායම් ජයග්‍රහණය කිරීමට සමත් වූවා.
- මිලාන් රත්නායක තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි
- ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලෝකඩ පදක්කම් සටනට
- ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බරයේ මෙරටට
- 19න් පහළ ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
- Major Club විස්සයි විස්සෙන් සොයගත් මිණි කැට
පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
CDB සහ David Pieris Group A අතර තරගය, කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී.
- CDB – කඩුලු 7ක්දැවී179 (19.0) විශාද් රන්දික 80, පවන්ත වීරසිංහ 52, සංතුශ් ගුණතිලක 2/23, ලහිරු සමරකෝන් 2/30
- David Pieris Group A – කඩුලු 9ක්දැවී 104(19.0) සනුක ගලගොඩ 47, සචිඳු කොළඹගේ 2/17, මොවින් සුබසිංහ 2/17
CDB කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
Fairfirst Insuarance සහ Colombo Aces අතර තරගය, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.
- Fairfirst Insuarance – කඩුලු 6ක් දැවි 82(7.0)තනුක දාබරේ 31, ගවිරු සෙන්හස් 33, මල්ශ ප්‍රනාන්දු 3/18
- Colombo Aces – කඩුලු 3ක්දැවී86 (5.4) සචිත ජයතිලක නොදැවී 46, දිලුම් සුදීර 2/20
Colombo Aces කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
Hayleys Group A සහ HNB A අතර තරගය, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.
- Hayleys Group A –කඩුලු 6ක්දැවී 194 (20.0) නුවනිඳු ප්‍රනාන්දු 30, මිනෝද් භානුක 29, රමේෂ් මෙන්ඩිස් නොදැවී 52, කවිශ්ක අංජුල නොදැවී 55, මල්ශ තරුපති 2/29
- HNB A – කඩුල 4ක්දැවී 145(15.0) පවන් සංදේශ් 20, සොහාන් ද ලිවේරා නොදැවී 60, ජනිශ්ක පෙරේරා නොදැවී 31, ඉඳුවර උදේන 2/36
HNB A කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 8ක ජයක්.
BBK Partnership සහ Amzet Lanka අතර තරගය, කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී.
- BBK Partnership – සියලුම දෙනාදැවී89 (17.2) නිපුන් කරුණානායක 23, දුල්නිත් සිගේරා 3/15, විනුශ්ක සිල්වා 3/13, ශාකූර් යූනුස් 3/19
- Amzet Lanka – කඩුලු 3ක්දැවී 55(10.0) තනුජ රාජපක්ෂ 27
Amzet Lanka කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 13ක ජයක්.
Singer – MCA Super Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















