ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැති එක ම තුන් දින තරගය විසඳුමකින් තොරව (11දා) අවසන් වුණා.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 285ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පාකිස්තාන ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 434ක් ලබා ගෙන ඉනිම අත් හිටුවනවා. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය නතර කරද්දී කඩුලු 6ක් දැවී ලකුණු 208ක් ලබා සිටියා.
සසිත් ශතකයක් වාර්තා කරයි; පාකිස්තානය 306/4
Multan ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ තෙවැනි දිනය ආරම්භ වෙන්නේ පාකිස්තාන කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 306ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී Mohammad Yousaf නොදැවී ලකුණු 144ක් සහ Hamid Raza නොදැවී ලකුණු 2ක් ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටියා.
Mohammad Yousaf පන්දු 190කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 161කට ද සහ Hamid Raza පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40කට දැවී ගියා.
ඊට අමතර ව Arsalan Hassan පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ද සහ Mohammad Saim පන්දු 15ක දී හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී සඳරු මල්ශාන් ලකුණු 104කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව තරුක සමන්ජිත් කඩුලු 2ක් ද, රවීන් සචින්ත සහ මහිරු කොඩිතුවක්කු කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- 17න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයෝ 277/8
- කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වත්
- නාලන්දා විද්‍යාලයට කඩුලු 9ක ජයක්
- සංජනා පාකිස්තානයටත් සැරට තලයි
- Tier B T20 පිටියේ පෑ දස්කම් විස්කම්
ලකුණු 149ක් පිටුපස සිටිමින් 2 වැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම් කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක ස්ටෙවෝන් පීරිස්. ඔහු පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තා. ඔහු ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පෙර දින ශතකලාභී සසිත් බණ්ඩාර හා එක් ව ලකුණු 68ක සබඳතාවක් ද ගොඩ නගනවා.
සසිත් බණ්ඩාර තරගය අවසන් වෙද්දී පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ලබා සිටියා.
ඔවුන්ට අමතර ව ආරම්භක පිතිකරු මෙතුක ගුණරත්න පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තා. ඔහු රෙශෝන් සොලමන්ස් හා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 62ක සබඳතාවක් ද ගොඩ නගනවා.
රෙශොන් සොලමන්ස් පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.
ඊට අමතර ව අදීශ ලක්ශාන් පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 15ක් ද සහ සඳරු මල්ශාන් පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Mohammad Ihsaan, Abdullah Ahmed Butt සහ Fahad Iqbal කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 285 (86.5) මෙතුක ගුණරත්න 22, චෙනුක දොඩංගොඩ 26, සසිත් බණ්ඩාර 103, රවින් සචින්ත 38, Mohammad Ihsaan 3/62, Fahad Iqbal 3/46, Mohammad Yaqoob Kahan 2/33
- පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 434 (101.3) Sudais Ahmed 61, Daud Tauqeer Rana 24, Mohammad Yousaf 161, Azan Ahmed 31, Mohammad Yaqoob Khan 26, Hamid Raza 40, Arsalan Hassan 45, Mohammad Saim 23, තරුක සමන්ජිත් 2/59, සඳරු මල්ශාන් 3/104
- ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 208 (59.0) මෙතුක ගුණරත්න 49, රෙශොන් සොලමන්ස් 30, ස්ටෙවෝන් පීරිස් 67, සසිත් බණ්ඩාර නොදැවී 27, Mohammad Ihsaan 2/46, Abdullah Ahmed Butt 2/26, Fahad Iqbal 2/58
තරගයේ විසඳුමක් නෑ.
දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින තරගාවලිය මේ මස 15 වැනිදා Multan හි දී ආරම්භ වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















