ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා වංශකතාවේ නවමු පරිච්ඡේදයක් රන් අකුරින් සටහන් කරන්නට නැවත වරක් රුමේෂ් තරංගට හැකියාව ලැබුණා. ආසියානු කුසලාන හෙල්ල විසිකිරීමේ තරග අංශයෙන් මීටර් 88.55ක අගයක් වාර්තා කළ ඔහු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසය රනින් වර්ණවත් කරනු ලැබුවා.
රුමේෂ්ගේ ක්‍රීඩා දිවිය මලල ක්‍රීඩාවෙන් ම ආරම්භ වූවක් නොවේ. ඔහු ප්‍රථමයෙන් දස්කම් දක්වා ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙනි. නමුත් 2017 වසර වනවිට හෙල්ල විසිකිරීමේ තරග ඉසව්ව වෙත ඔහු වැඩි අවධානයක් යොමු කර ඇත. 2017 Junior Sir John Tarbet Athletics Championships හි දී ඔහු මීටර් 42ක දුරක් වාර්තා කර ඇත.
ප්‍රථමයෙන් ශ්‍රීපාලි ජාතික පාසලේ අධ්‍යාපනය ලද ඔහු ඉන් පසු ශාන්ත පීතර විද්‍යාලයට පැමිණි අතර, පසුව හෙල්ල විසිකිරීම තම ප්‍රධාන ක්‍රීඩා ඉසව්ව බවට පත් කරගනු ලැබීය. ඒ පුහුණුකරු ටෝනි ප්‍රසන්නගේ මගපෙන්වීම යටතේයි. 2022 වසරේ ඔහුගේ ක්‍රීඩා ඉතිහාසයේ විශාල හැරවුම් ලක්ෂයක් ජාතයන්තර මට්ටමින් සනිටුහන් වුණා. ඒ World Athletics U20 Championships – Colombia තරගාවලියේ දී යි. ඔහු මීටර් 69.98ක් වාතා කරමින් අවසන් තරගයේ 7 වැනි ස්ථානය ලබාගත් ඔහු ඉන්පසු 2024 දී ඔහු Asian Throwing Championships ජයගනිමින් රන් පදක්කම දිනාගනු ලැබුවා. නමුත් 2024 Paris Olympics සඳහා සුදුසුකම් ලැබීමට තවත් සෙන්ටිමීටර් 5ක් අවශ්‍ය වූ නිසා Olympics සඳහා සහභාගි වීමේ අවස්ථාව ඔහුට අහිමි වුණා. නමුත් ඉන් නොසැලුණ ඔහු 2025 World Athletics Continental Tour Bronze තරගයේ දී මීටර් 86.50ක් සටහන් කරමින් පැවති ශ්‍රී ලංකා ජාතික වාතාව ද අලුත් කරනු ලැබුවා. එමෙන්ම World Athletics Championships හිදී ඔහු Qualification round හිදී 82.80mක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. එහිදී ශ්‍රී ලංකාවෙන් පිරිමි හෙල්ල විසිකිරීමේ අවසන් තරගයකට සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩකයා බවට ඔහු පත්වුණා. අවසන් වටයේ දී මීටර් 84.38ක් වාර්තා කරමින් 7 වැනි ස්ථානය ලබාගැනීමට ද ඔහු සමත් වුණා.
2026 වර්ෂය රුමේෂ්ගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වුණා. 2026 මාර්තු මාසයේ දී දියගම පැවති තරගාවලියෙන් ඔහු 89.37mක් සටහන් කරමින් නැවතත් ශ්‍රී ලංකා ජාතික වාතාව අලුත් කරනු ලැබුවා.
- රුමේෂ් පොදු රද මඩුලු අහසේ රන් රේඛා අඳී!
- යෙශාන් විස්මිත තුන් පිම්මේ 06 වැනි ස්ථානයට පැමිණෙයි
- රුමේෂ් පදක්කම් බලාපොරොත්තු සමඟ තරග බිමට පිවිසෙයි!
- ශ්‍රී ලංකාව 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම දිනා ගනියි
- රොෂාන් රණතුංග සහ නදීකා රණසිංහ බලාපොරොත්තු ඉහළ දමමින් ක්‍රීඩා කරයි!
එමෙන්ම ඔහු 2026 වසරේ දී Diamond League තරග අදියර 6කට සහභාගී වෙමින් ඉන් පහක් ජය ගැනීමට සමත් වූ අතර, වසරේ Diamond League ශූරයා බවට පත් වීමට ද සමත් වුණා. එහි Rome තරග අදියරේ දී මීටර් 92.62ක දක්ෂතාවක් දක්වමින් ශ්‍රී ලංකාවේ ජාතික වාර්‌තාව අලුත් කිරීමට ද සමත් වුණා. එමෙන් ම එම දක්ෂතාව මෙතෙක් මෙම වසර සඳහා ක්‍රීඩකයකු දැක්වූ හොඳම දක්ෂතාව ලෙස සටහන් වීම විශේෂත්වයක්. මීට අමතරව ඔහු මෙම වසරේ දී මීටර් 90 සීමාව තෙවරක් ඉක්මවා යෑමට ද සමත් වුණා.
Glasgow 2026 Commonwealth Games හිදී ඔහු 89.75mක් වාර්තා කරමින් රන් පදක්කම දිනාගනු ලැබුවා. එහි දී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් Commonwealth Games Athletics හෙල්ල විසිකිරීමේ අංශයේ රන් පදක්කමක් දිනාගත් පළමු ක්‍රීඩකයා බවට ද පත්වුණා. එමෙන්ම Commonwealth Games ඉතිහාසයේ මලල ක්‍රීඩා අංශයෙන් ශ්‍රී ලංකාව ජයගත් දෙවැනි රන් පදක්කම මෙයයි. වසර 76කට පසුව මෙම රන් පදක්කම හිමි කර ගැනීම ද සුවිශේෂී වූවකි. එහිදී ඔලිම්පික් ශූරයින් අභිබවා යමින් Ultimate Championship සඳහා හිමිකම් කීමට රුමේෂ් තරංගට හැකිවීම ද විශේෂත්වයකි.
2026 සැප්තැම්බර් 6 වනදා Brussels හි පැවති Diamond League පිරිමි හෙල්ල විසිකිරීමේ අවසන් තරගයේදී රුමේෂ් 89.04mක් විසි කරමින් පළමු ස්ථානය දිනාගනු ලැබුවා. ඒ අනුව ඔහු Diamond League අවසන් මහා තරගයක් ජයගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ද ඔහු ඉතිහාසගත වුණා.
2026 වසර රුමේෂ් තරංගගේ ක්‍රීඩා දිවියේ ස්වණමය වසරක් බව තවත් වරක් සනාථ කරමින්, Aichi-Nagoya හි පැවති 2026 Asian Games තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ද ඔහු සමත් වුණා. අවසන් මහා තරගයේදී මීටර් 88.55ක දුරක් වාර්තා කරමින් පළමු ස්ථානය හිමිකරගත් රුමේෂ් තරංග, Asian Games තරගාවලියේ හෙල්ල විසිකිරීමේ තරග අංශයෙන් පළමු රන් පදක්කම ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා දීමට සමත් වුණා.
ඒ අනුව Commonwealth Games, Diamond League Final සහ World Athletics Ultimate Championship ජයග්‍රහණවලින් පසුව, Asian Games රන් පදක්කම තම ජයග්‍රහණ ලැයිස්තුවට එක් කර ගැනීමට රුමේෂ් සමත් වී ඇත. 2027 දී චීනයේ බීජිං නුවර පැවැත්වීමට නියමිත World Athletic Championship තරගාවලිය ඔහුගේ තවත් එක් ඉලක්කයක් බවට පත්වනු ඇත.
2028 දී Los Angelesහි පැවැත්වීමට නියමිත Olympic තරගාවලිය මොහුගේ මීළඟ ප්‍රධාන ඉලක්කයයි. 2024 Paris Olympics සඳහා සුදුසුකම් ලැබීම සෙන්ටිමීටර් 5කින් අහිමි වූ අවස්ථාවෙන් පසුව, ඔහු 2028 Olympic Games සඳහා ඉතා ශක්තිමත් ලෙස සූදානම් වෙමින් සිටී. ඔහු මේ වනවිට Mission Olympic 2028 වැඩසටහනේ Tier-1 Special Development Squad එකට ද ඇතුළත් කර තිබීම ද විශේෂත්වයකි.
වසර කිහිපයක් ඇතුළත ඉතා ඉහළ මට්ටමේ දක්ෂතා දක්වමින් ලක් මාතාව රනින් සැරසූ රුමේෂ් තරංග ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිටී. 2028 ඔලිම්පික් රන් පදක්කම පමණක් නොව මෙතෙක් පැවති ලෝක වාර්තාව අලුත්වනු දැකීම සුවහසත් ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගේ එකම පැතුම වනු ඇත.
දිනෙන් දින උණුසුම් වන මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.






















