වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 33 වැනි වරටත් සංවිධානය කරන Singer – MCA Super Premier League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය අද (01) ආරම්භ වූ අතර ආරම්භක දිනයේ දී අර්ධ ශතක 8ක් වාර්තා වූවා.
ඒ අනුව Fairfirst Insuarance කණ්ඩායමේ ඉසුරු ප්‍රනාන්දු (නොදැවී 68), Colombo Aces කණ්ඩායමේ හිරාන් ජයසුන්දර (50), දිනරු කළුපහන (64) සහ ශිරාන් ප්‍රනාන්දු (නොදැවී 56), SLC Youth කණ්ඩායමේ රෙහාන් පීරිස් (50), HNB – A කණ්ඩායමේ අංජල බණ්ඩාර (83) සහ චමිඳු විජේසිංහ (නොදැවී 69), Hayleys Group – A රවිඳු ප්‍රනාන්දු (නොදැවී 78) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
- ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලෝකඩ පදක්කම් සටනට
- ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බරයේ මෙරටට
- එරාන් වික්‍රමරත්න ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව නම් කරයි!
- Army ක්‍රීඩකයෝ විස්සයි විස්ස කුසලානයත් දිනා ගනී
- Major Club විස්සයි විස්සෙන් සොයගත් මිණි කැට
අද දින අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු
BBK Partnership සහ Fairfirst Insuarance අතර තරගය, නාරාහේන්පිට SLLDC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- BBK Partnership – සියලුම දෙනා දැවී 117 (38.2) සිතාර හපුහින්න 21, නෙසකුමාර් එබනෙසර් ජෙසිල් 36, නිශාන්තන් අජේ 27, දුශාන් විමුකිත් 3/19, විහස් තෙව්මික 2/18, සනෝජ් දර්ශික 3/17
- Fairfirst Insuarance – කඩුලු 2ක් දැවී 119 (24.2) ඉසුරු ප්‍රනාන්දු නොදැවී 68, දුශාන් විමුක්ති නොදැවී 16
Fairfirst Insuarance කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
Colombo Aces සහ SLC Youth අතර තරගය, දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Colombo Aces – කඩුලු 9ක් දැවි 235 (50.0) විශේන් හැළඹගේ 28, හිරාන් ජයසුන්දර 50, දිනරු කළුපහන 64, ශිරාන් ප්‍රනාන්දු නොදැවී 56, ලතේන්ද්‍ර ආකාශ් 3/28, කිත්ම විතානපතිරණ 3/31
- SLC Youth – සියලුම දෙනා දැවී 164 (39.0) රෙහාන් පීරිස් 50, ලිත්ම පෙරේරා 30, සනුල වීරරත්න නොදැවී 20, නවොද් පරණවිතාන 3/21, කමිල් මිශාර 4/39
Colombo Aces කණ්ඩායමට ලකුණු 73ක ජයක්.
HNB – A සහ Hayleys Group – A අතර තරගය, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.
- HNB A – කඩුලු 9ක් දැවී 294 (50.0) පවන් සංදේශ් 28, අංජල බණ්ඩාර 83, කවිජ ගමගේ 28, චමිඳු විජේසිංහ නොදැවී 69, දුවිඳු රණතුංග 27, ට්‍රවීන් මැතිව් 2/36, රවිඳු ප්‍රනාන්දු 3/35
- Hayleys Group A – කඩුලු 6ක් දැවී 241 (36.0) නිශාන් මදුශ්ක 41, ධනංජය ලක්ෂාන් 22, අහන් වික්‍රමසිංහ 47, රවිඳු ප්‍රනාන්දු නොදැවී 78, කවිශ්ක අංජුල 21, දුවිඳු රණතුංග 2/44, අශේන් ඩැනියෙල් 2/40
Hayleys Group – A කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 15ක ජයක්.
Singer – MCA Super Premier League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















