ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්රිකට් කණ්ඩායම එළැඹෙන ඔක්තෝබර් මාසයේ දි පාකිස්තාන තරග සංචාරයක යෙදීමට නියමිතයි.
එම තරග සංචාරය සඳහා තුන් දින තරගයක් සහ එක්දින තරග 5ක් ඇතුලත් අතර සියලු තරග Multan හි දී පැවැත්වීමට යොජිත අතර තරගාවලිය සඳහා සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් මස 5 වැනිදා මෙරටින් පිටත්වීමට නියමිතයි.
මෙම තරගාවලියට එක් වීමට පෙර ශ්රී ලංකා ක්රිකට් ආයතනය මෙම වයස් කාණ්ඩය සඳහා මෙරට දී කණ්ඩායම් 5ක් එක්කර ගනිමින් Sri Lanka Youth League එක්දින ක්රිකට් තරගාවලියක් සංවිධානය කළ අතර එහි දී ගාල්ල කණ්ඩායම පරාජය කරමින් කොළඹ දකුණ කණ්ඩායම ජයග්රහණය කරනු ලැබුවා.
පාකිස්තානය ද මෙම තරගාවලියට පෙර එරට දී National U17 Cup නමින් යුත් තරගාවලියක් Faisalabad හි දී නිමා කර ඇති අතර එහි දී Rawalpindi U17 Region Emerging කණ්ඩායම ජයග්රහණය කර තිබුණා.
- රාජකීයයන් 17න් පහළ 2 වැනි පෙළ ශූරතාවත් දිනා ගනී
- අගෝස්තුවේ ICC ක්රීඩකයා සම්මානයට සොනාල් ගේ නමත්
- Lemonade Sixes කුසලානය වේල්ස් කුමරුවන්ට
- 17න් පහළ යොවුන් තරගාවලියේ අනාගත තරු
- 15න් පහළ 2 වැනි කොටසේ ශූරතාව බටපොළ මැදි විදුහලට
තරග කාලසටහන
ඔක්තෝබර් 9 සිට 11 : තුන්දින තරගය Multan හි දී.
ඔක්තෝබර් 15 වැනිදා : 1 වැනි එක්දින තරගය Multan හි දී.
ඔක්තෝබර් 17 වැනිදා : 2 වැනි එක්දින තරගය Multan හි දී.
ඔක්තෝබර් 19 වැනිදා : 3 වැනි එක්දින තරගය Multan හි දී.
ඔක්තෝබර් 21 වැනිදා : 4 වැනි එක්දින තරගය Multan හි දී.
ඔක්තෝබර් 24 වැනිදා : 5 වැනි එක්දින තරගය Multan හි දී.
දෙස් විදෙස් ක්රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















