ශ්රී ලංකා ක්රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ තවත් තරග 6ක් පෙර දින (24) අවසන් වූ අතර එහි දී පිතිකරුවන් අභිබවා පන්දු යවන්නෝ දක්ෂතා දැක් වීම කැපී පෙණුණා.
එහි දී Ace Capital CC කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යවන රචින්ත ද සිල්වා (4/10), Tamil Union C & AC කණ්ඩායමේ පා දඟ පන්දු යවන විජයකාන්ත් වියස්කාන්ත් (4/11) සහ Nugegoda S & WC කණ්ඩායමේ පා දඟ පන්දු යවන සචිඳු කොළඹගේ (4/13) තම විස්සයි විස්ස තරග දිවයේ හොඳම පන්දු යැවීම් වාර්තා කළා.
ඊට අමතර ව NCC කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යවන චාමික ගුණසේකර ද ලකුණු 17කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
පිතිකරුවන් අතුරින් Tamil Union C & AC කණ්ඩායමේ සිනෙත් ජයවර්ධන Police SC කණ්ඩායමට එරෙහි ව පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 84ක් ලබා ගත් අතර එය ඔහුගේ විස්සයි විස්ස තරග පිටියේ හොඳම ඉනිම බවට ද පත් වුණා.
මේ අතර නිමා වූ තරගවල දී Ace Capital CC කණ්ඩායමේ පවන්ත වීරසිංහ (50), Panadura SC කණ්ඩායමේ ඔෂද ප්රනාන්දු (63) සහ NCC කණ්ඩායමේ චාමික කරුණාරත්න (56) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
- ආසියානු කුසලානයට යන ශ්රී ලංකා කණ්ඩායම නම් කරයි
- ශෙවෝන් සහ හේෂාන් දක්ෂතා දක්වයි
- පෙසඳු සහ ආදිත්ය ශතක ලබා ගනී
- යොවුන් පිටිය බැබළවූ සඳරු, හිරාන්, මල්ෂ සහ තරුශ්ක
- පළමු දිනයේ ම මොවින්ගෙන් මල්වෙඩිවන් ඉනිමක්
නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු
Ace Capital CC සහ Baduraliya SC අතර තරගය කොළඹ, P. Sara Oval ක්රීඩාංගණයේ දී.
- Ace Capital CC – කඩුලු 8ක් දැවී 164 (20.0)පවන්ත වීරසිංහ 50, චාමික හීනටිගල 20, ඉසිත විජේසුන්දර නොදැවී 31, අවීශ සමාශ් 3/35
- Baduraliya SC – සියලුම දෙනා දැවී 91 (16.5) හිරුන් කපුරුබණ්ඩාර 21, මිලින්ද සිරිවර්ධන 27, රචින්ත ද සිල්වා 4/10, ට්රවීන් මැතිව් 2/12
Ace Capital CC කණ්ඩායමට ලකුණු 73ක ජයක්.
NCC සහ Panadura SC අතර තරගය කොළඹ, Colts ක්රිකට් ක්රීඩාංගණයේ දී.
- Panadura SC – කඩුලු 9ක් දැවී 142 (20.0) ඔෂද ප්රනාන්දු 63, ඩිල්ශාන් මුණවීර 20, තවීෂ අභිශේක් 28, චාමික ගුණසේකර 4/17, ශක්ති උදාර 2/25
- NCC – කඩුලු 8ක් දැවී 140 (20.0) යෙනුල දෙව්තුස 26, චාමික කරුණාරත්න 56
Panadura SC කණ්ඩායමට ලකුණු 2ක ජයක්.
Police SC සහ Tamil Union C & AC අතර තරගය, කොළඹ ආර්. ප්රේමදාස ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ දී.
- Police SC – සියලුම දෙනා දැවී 134 (19.3) චතුරංග ජයතිලක 47, ධනුජ ඉඳුවර 34, විජයකාන්ත් වියස්කාන්ත් 4/11, නවෝද් පරණවිතාන 2/14
- Tamil Union C & AC – කඩුලු 3ක් දැවී 135 (16.0) සිනෙත් ජයවර්ධන 84, නවොද් පරණවිතාන 28, දමිත් කප්පාගොඩ 2/18
Tamil Union C & AC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
CCC සහ Moors SC අතර තරගය කොළඹ, Colts ක්රීඩාංගණයේ දී.
- CCC – කඩුලු 7ක් දැවී 87 (10.0) ලසිත් කෲස්පුල්ලේ 40, මල්ෂ තරුපති 2/20
- Moors – කඩුලු 5ක් දැවී 93 (9.3) සොහාන් ද ලිවේරා 39
Moors කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්යාය මත කඩුලු 5ක ජයක්.
Bloomfield C & AC සහ SSC අතර තරගය කොළඹ, ආර්. ප්රේමදාස ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ දී.
- Bloomfield C & AC – කඩුල්ලක් දැවී 3 (1.0)
තරගයේ විසඳුමක් නෑ.
Nugegoda S & WC සහ Kurunegala Youth CC අතර තරගය, කොළඹ P. Sara Oval ක්රිකට් ක්රීඩාංගණයේ දී.
- Nugegoda S & WC – කඩුලු 5ක් දැවී 67 (8.0) ලහිරු දවටගේ 29, රෙහාන් පීරිස් නොදැවී 17
- Kurunegala Youth CC – කඩුලු 6ක් දැවී 75 (8.0) අමේෂ තෙන්නකෝන් 16, සචිඳු කොළඹගේ 4/13
ඩක්වර්ත් ලුවිස් න්යාය මත තරගයේ ලකුණු සමයි.
Major Club විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















