ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (11) ආරම්භ වූ අතර එහි දී Chilaw Marians CC සහ Kurunegala SC අතර තරගයේ දී Chilaw Marians CC කණ්ඩායමේ නායක කසුන් විදුර සහ අරෝෂ සිතුමිණ 1 වැනි කඩුල්ලට ශතක සබඳතාවක් එක් කරනවා.
එහි දී අරෝෂ සිතුමිණ පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 79ක් ලබා ගනිද්දී කසුන් විදුර පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තා. ඔවුන් දෙනො අතර එක් වූ සබඳතාව පන්දු 77ක දී ලකුණු 122ක්.
මේ අතර අද නිමා වූ තරගවල දී Navy SC කණ්ඩායමේ අදීශ නානායක්කාර (නොදැවී 53), Army SC කණ්ඩායමේ අශාන් සුදර්ශන (50), මනුශ්ක සමිත් (51), Kandy Customs SC කණ්ඩායමේ යශෝධ මෙන්ඩිස් 55, Negombo CC කණ්ඩායමේ රොමේෂ් සුරංග (නොදැවී 64), සහ Ragama CC කණ්ඩායමේ මනීෂ රූපසිංහ (52) අර්ධ ශතක ඉනිම් ගොඩ නැගුවා.
- පළමු දිනයේ ම මොවින්ගෙන් මල්වෙඩිවන් ඉනිමක්
- මෙවර තරගාවලියේ මංගල ශතකය නිලක්ෂිකාගෙන්
- Galle Gallants, LPL අදියර 3ක වාඩුව ගනී
- පැතුම් සහ චමරි සම්මාන වැස්සකට හසුවෙයි
අද පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
- Galle CC සහ Navy SC අතර තරගය කිරිමණ්ඩල මාවත, SLLDC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Galle CC– සියලුම දෙනා දැවී 76 (17.5) සඳුන් මදුශාන් නොදැවී 18, තිමිර මල්ශාන් 3/17, ඩිලංක අවර්ඩ්ට් 2/13, ඉශාන් අබේසේකර 3/14
- Navy SC– කිසිවෙක් නොදැවී 77 (6.2)ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 19, අදීශ නානායක්කාර නොදැවී 53
- Navy SC කණ්ඩායමට කඩුලු 10ක ජයක්.
- Army SC සහ Kandy Customs SC අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Army SC – කඩුලු 6ක් දැවී 201 (20.0) අශාන් සුදර්ශන 50, ජනක සම්පත් 25, මනුශ්ක සමිත් 51, රවිඳු විජේවර්ධන නොදැවී 24, යශෝධ මෙන්ඩිස් 2/32, නිර්මල රත්නායක 2/17
- Kandy Customs SC– සියලුම දෙනා දැවී 132 (17.1)යශෝධ මෙන්ඩිස් 55, ෂෙහඳ සොයිසා 4/28, ජනක සම්පත් 3/16
- Army SC කණ්ඩායමට ලකුණු 69ක ජයක්.
- Negombo CC සහ Leo CC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Negombo CC – කඩුලු 8ක් දැවී 137 (20.0)මොහොමඩ් මුර්ශාද් 25, ෂෙහාන් ප්‍රමෝද් නොදැවී 31, සුපුන් ඩිල්ශාන් 2/30, ප්‍රසාද් අසංක 2/25, රොමේෂ් සුරංග 2/18
- Leo CC – කඩුලු 7ක් දැවී 138 (19.0)රොමේෂ් සුරංග නොදැවී 64, පූර්ණ කල්හාර 29, වරුන් ඉමේෂාන් 2/35
- Leo CC කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
- Moratuwa SC සහ United Southern CC අතර තරගය කිරිමණ්ඩල මාවත, SLLDC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Moratuwa SC – කඩුලු 8ක් දැවී 164 (20.0)ලෙස්ටර් ජයවීර 28, උශේන් සිල්වා 27, චාමර ප්‍රනාන්දු 34, දිනෙත් සිතුමිණ නොදැවී 37, සෙනුක දංගමුව 2/27, කසුන් සේනාධීර 3/30
- United Southern CC– කඩුලු 2ක් දැවී 21 (2.4)පූර්ණ ප්‍රභාත් 2/08
- විසඳුමක් නෑ.
- Sebastianites C & AC සහ Ragama CC අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Sebastianites C & AC – සියලුම දෙනා දැවී 147 (20.0)චමිඳු පෙරේරා 43, මාලිංග සුරප්පුලිගේ 25, තරූෂ කොඩිකාර 2/23, කවීෂ ලියනාරච්චි 3/39, කාවින්ද ඊශ්වර 2/17
- Ragama CC– කඩුලු 6ක් දැවී 148 (18.4)මනීෂ රූපසිංහ 52, දෙනුර දිමන්සිත් 28, මලීෂ සිල්වා නොදැවී 19, කාවින්ද ඊශ්වර 25, සංජුල බණ්ඩාර 2/23
- Ragama CC කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
- Chilaw Marians CC සහ Kurunegala SC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Chilaw Marians CC– කඩුලු 5ක් දැවී 214 (20.0) කසුන් විදුර 59, අරෝෂ සිතුමිණ 79, සනුජ නඳුවර 2/45
- Kurunegala SC– කඩුලු 9ක් දැවී 183 (20.0)කවීන් බණ්ඩාර 32, ඩිල්ශාන් කොල්ලුරේ 38, කේශාන් වන්නිආරච්චි 45, කළණ ලියනගේ 2/30, තිමිර ඉරුශික 3/20, කෙවින් සැමුවෙල් 3/42
- Chilaw Marians CC කණ්ඩායමට ලකුණු 31ක ජයක්.
Tier B T20 තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















