ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අලුත් ම ශතකලාභියා බවට පත් වීමට NCC කණ්ඩායමේ චන්දූප සේනාරත්න සමත් වෙනවා.
ඔහු අද (18) Moors SC කණ්ඩායම සමඟ පැවැති තරගයේ දී පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 113ක් ලබා ගත්තා. ඔහු මෙම දක්ෂතාව සිදු කළේ ඉනිමේ ලකුණු 88කට කඩුලු 8ක් දැවී ගොස් තිබිය දී අවසන් පිතිකරුවන් දෙදෙනා එක් කර ගනිමිනුයි.
ඔහු ශක්ති උදාර (15) සමඟින් 9 වැනි කඩුල්ලට පන්දු 59ක දී ලකුණු 55ක සබඳතාවක් ද සහ රනුක මලවිආරච්චි සමඟින් (11) 10 වැනි කඩුල්ලට පන්දු 23ක දී ලකුණු 54ක සබඳතාවක් ද ගොඩ නගනවා.
ඔහුට අමතර ව Moors SC කණ්ඩායමේ නායක රවිශාන් ද සිල්වා (60), විශාර ප්‍රනාන්දු (53), Sebastianites C & AC කණ්ඩායමේ මානස ද සිල්වා (52) සහ Moratuwa SC කණ්ඩායමේ ලෙස්ටර් ජයවීර (62) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
පන්දු යැවීමේ දී Moors SC කණ්ඩායමේ සඳරු මල්ශාන් (5/70), CCC කණ්ඩායමේ තිසරු වන්නිනායක (5/60) සහ Leo CC කණ්ඩායමේ පූර්ණ කල්හාර (5/65) පන්දු යවන්නන් අතුරින් දක්ෂතා දැක් වූවා.
- හිරුන් ජයසුන්දර ද්විත්ව ශතකයක් ලබා ගනී
- Kandy Customs ලකුණු 33කට දැවී යයි
- හිරුන්, රනුද සහ විහස් දක්ෂතා දක්වයි
- ලහිරු, විරංග, යෙනුල ශතකලාභීන්ගේ ලැයිස්තුවට
අද ආරම්භ වූ තරගයේ කෙටි ලකුණු පුවරුව
NCC සහ Moors SC අතර තරගය, කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.
- Moors SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 218 (43.0)හිරුන් මතීෂ 38, රවිශාන් ද සිල්වා 60, විශාර ප්‍රනාන්දු 53, සඳරු මල්ශාන් 27, රනුක මලවිආරච්චි 2/35, ශක්ති උදාර 4/83, සංතුල් විජේරත්න 3/44
- NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 197 (40.4) ජීවක සශීන් 30, චන්දූප සේනාරත්න 113, හිවින් කෙනුල 4/24, සඳරු මල්ශාන් 5/70
NCC කණ්ඩායම ලකුණු 21ක් පිටුපසින්.
මෙම තරගය හෙට (19) 2 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.
අද අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු
Sebastianites C & AC සහ CCC අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.
- CCC– පළමු ඉනිම කඩුලු 9ක් දැවී 417 (77.0) සරිත් සුදීන 84, වෙනුර විතානගේ 111, අංජල බණ්ඩාර 82, රශ්මික පෙරේරා 68, ඉනුක කරන්නාගොඩ 20, සුතර්සන් සුබර්නන් 4/114, මෙත්නුල මයාදුන්න 2/92
- Sebastianites C & AC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 230 (80.1) මානස ද සිල්වා 52, එරංග ජයකොඩි 23, සුතර්සන් සුබර්නන් 38, දිනෙත් සමරවීර 24, තිසරු වන්නිනායක 5/60, රශ්මික පෙරේරා 2/13
- CCC –දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 112 (17.2)සරිත් සුදීන 37, වෙනුර විතානගේ 33, යශේන් ගුණතිලක නොදැවී 21, සුතර්සන් සුබර්නන් 2/56
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය CCC කණ්ඩායමට)
Leo CC සහ Moratuwa SC අතර තරගය කටුනායක, ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Leo CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 341 (94.0) අවින්ත ද අල්විස් 119, නෙලුක හේෂාන් 42, නෙත්ම කරුණාරත්න 29, සලිඳු පතිරණ 59, විශ්ව රාජපක්ෂ 47, හශ්මික නෙත්ශාන් 19, මයුර මල්ශාන් 3/56, මනුජ චන්තුක 2/75, සංජන සෙනෙවිරත්න 2/55, රුසිත් ජයවර්ධන 2/42
- Moratuwa SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (77.1)ලෙස්ටර් ජයවීර 62, ප්‍රමේෂ් මදුභාෂණ 43, රුසිත් ජයවර්ධන 22, සංජන සෙනෙවිරත්න 23, මනුජ චන්තුක 24, හශ්මික නෙත්ශාන් 3/21, පූර්ණ කල්හාර 5/65
- Leo CC– පළමු ඉනිම කඩුලු 5ක් දැවී 48 (6.0)මයුර මල්ශාන් 3/15, මනුජ චන්තුක 2/14
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Leo CC කණ්ඩායමට)
වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















