මේස පන්දු ජාතික කනිෂ්ඨ ශූරිය ටමාදි, ශූරයා අකේන්

Junior Nationals Table Tennis Championship 2026

49
Junior Nationals Table Tennis Championship 2026

ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනය සංවිධානය කළ ජාතික කනිෂ්ඨ මේස පන්දු ශූරතාවලියේ ශූරිය ලෙසින් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ටමාෂා කවින්ද්‍යා ද ශූරයා ලෙසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ අකේන් බෝජිත් ද සම්මාන දිනා ගත්තා.

මහනුවර මහ නගර සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැති මෙම තරගාවලියේ දී ජාතික කනිෂ්ඨ ශූරිය බවට පත් ටමාදි කවින්ද්‍යා ද මෙන් ම ජාතික කනිෂ්ඨ ශූරයා බවට පත් අකේන් බෝජිත් තමන් සහභාගී වූ සෑම ඉසව්වක ම ශූරතා දිනා ගැනීමට සමත් වීම කැපී පෙණුනා.

එහි දී ඔවුන් වයස අවුරුදු 17න් පහළ බාලක/බාලිකා ඒකල, වයස අවුරුදු 19න් පහළ බාලක/බාලිකා ඒකල, යුගල සහ මිශ්‍ර යුගල ඉසව් 4ට සහභාගී වෙමින් දක්ෂතා දැක් වූවා.

අකේන් බෝජිත් වයස අවුරුදු 19න් පහළ බාලක යුගල ඉසව්වේ දී තම විද්‍යාලයේ ම හරීන් නිම්දිනු හා එක් ව ද ටමාදි කවින්ද්‍යා වයස අවුරුදු 19න් පහළ බාලිකා යුගල ඉසව්වේ දී තම විද්‍යාලයේ ම ලෙසන්‍යා සෙතුම්දි හා එක් ව ද යුගල ශූරතා දිනා ගත් අතර ජයග්‍රාහී මිශ්‍ර යුගල ඉසව්වට අකේන් බෝජත් සහ ටමාදි කවින්ද්‍යා එක්ව ක්‍රීඩා කළා.

වුන්ට අමතර ව

තරග ප්‍රතිළුල

වයස අවුරුදු 11න් පහළ බාලිකා

  • ශූරතාව – දහම්දි ගුණතිලක (ප්‍රජාපති බාලිකා විද්‍යාලය, අම්බලන්ගොඩ)
  • අනු ශූරතාව – ඔලිවියා නුවරපක්ෂ (මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර)

අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩිකාවෝ

  • දිසේනි බණ්ඩාරගේ (උසස් බාලිකා විද්‍යාලය, මහනුවර) සහ එසදි අහස්නා (ප්‍රජාපති බාලිකා විද්‍යාලය, අම්බලන්ගොඩ)

වයස අවුරුදු 11න් පහළ බාලක

  • ශූරතාව – දිදුලන දෙව්මිණ (පී. ද එස්. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ)
  • අනු ශූරතාව – විනෝන් යෙන්දිව් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)

අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩකයෝ

  • අනුසර චන්මිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) සහ ඩබ්ලිව්. ශෙවෝන් (සාන්ත ජෝශප් විද්‍යාලය, කොළඹ)

වයස අවුරුදු 13න් පහළ බාලිකා

  • ශූරතාව – චනුකි අක්ශනා (ධර්මාශෝක මහා විද්‍යාලය, අම්බලන්ගොඩ)
  • අනු ශූරතාව – සෙනුලි රණසිංහ (උසස් බාලිකා විද්‍යාලය, මහනුවර)

අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩිකාවෝ

  • රනුමි පටබැඳි (උසස් බාලිකා විද්‍යාලය, මහනුවර) සහ ක්ලාරා ගුණරත්න (හිල්වුඩ් විද්‍යාලය, මහනුවර)

වයස අවුරුදු 13න් පහළ බාලක

  • ශූරතාව – කෙනුර සිල්වා (නාලන්දා විද්‍යාලය, කොළඹ)
  • අනු ශූරතාව – සනෝන් දුල්ජිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)

අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩකයෝ

  • ඔනෙල් ශම්මික (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) සහ සිනුර කෙවින් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)

වයස අවුරුදු 15න් පහළ බාලිකා

  • ශූරතාව – යෝශිනී ජයවර්ධන (මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර)
  • අනු ශූරතාව – විනුදි දහම්සා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)

අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩකයෝ

  • චනුකි අක්ශනා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) සහ මුතුලි සහන්‍යා (සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය, ගාල්ල)

වයස අවුරුදු 15න් පහළ බාලක

  • ශූරතාව – කෙනුර සිල්වා (නාලන්දා විද්‍යාලය, කොළඹ)
  • අනු ශූරතාව – නවිරු එගොඩගේ (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)

අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩකයෝ

වයස අවුරුදු 17න් පහළ බාලිකා

  • ශූරතාව – ටමාදි කවින්ද්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ)
  • අනුශූරතාව – ශමල්ෂා දෙව්මි (සිරි කුරුස බාලිකා විද්‍යාලය, ගම්පහ)

අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩිකාවෝ

  • සඳින්ති ජයසිංහ (මියුසියස් විද්‍යාලය, කොළඹ) සහ යෝශිනී ජයවර්ධන (කෑගලු බාලිකා විද්‍යාලය)

වයස අවුරුදු 17න් පහළ බාලක

  • ශූරතාව – අකේන් බෝජිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
  • අනු ශූරතාව – හරීන් නිම්දිනු (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)

අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩකයෝ

  • ජනිත් බටුගෙදර (රාජකීය විද්‍යාලය, කොළඹ) සහ යෙනුල් අබේවික්‍රම (ආනන්ද විද්‍යාලය, කොළඹ)

වයස අවුරුදු 19න් පහළ බාලිකා

  • ශූරතාව – ටමාදි කවින්ද්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ)
  • අනු ශූරතාව – ශමල්ෂා දෙව්මි (සිරි කුරුස බාලිකා විද්‍යාලය, ගම්පහ)

අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩිකාවෝ

  • සඳින්ති ජයසිංහ (මියුසියස් බාලිකා විද්‍යාලය, කොළඹ) සහ නවින්දි සෙනෙවිරත්න (බාලිකා විද්‍යාලය, කෑගල්ල)

වයස අවුරුදු 19න් පහළ බාලක

  • ශූරතාව – අකේන් බෝජිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
  • අනු ශූරතාව – ජනිත් බටුගෙදර (රාජකීය විද්‍යාලය, කොළඹ)

අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩකයෝ

  • හරීන් නිම්දිනු (ධර්මාශෝක විද්‍යාලය) සහ දනුක් ලමාසුරිය (ආනන්ද විද්‍යාලය, කොළඹ)

වයස අවුරුදු 19න් පහළ බාලිකා (යුගල)

  • ශූරතාව – ටමාදි කවින්ද්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ) සහ ලෙසන්‍යා සෙතුම්දි (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
  • අනු ශූරතාව – සඳින්ති ජයසිංහ (මියුසියස් විද්‍යාලය, කොළඹ) සහ නවින්දි සෙනෙවිරත්න (බාලිකා විද්‍යාලය, කෑගල්ල)

අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩිකාවෝ

  • යෝශිනී ජයවර්ධන (මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර) සහ මුතුලි සහන්‍යා (සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය, ගාල්ල)
  • රනුමි පටබැඳි (උසස් බාලිකා විද්‍යාලය, මහනුවර) සහ සෙනුමි පටබැඳි (උසස් බාලිකා විද්‍යාලය, මහනුවර)

වයස අවුරුදු 19න් පහළ බාලක (යුගල)

  • ශූරතාව – අකේන් බෝජිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) සහ හරීන් නිම්දිනු (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
  • අනු ශූරතාව – දෙව්මිත් වීරසේන (රාජකීය විද්‍යාලය, කොළඹ) සහ ජනිත් බටුගෙදර (රාජකීය විද්‍යාලය, කොළඹ)

අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩකයෝ

  • ලිතිර ද සිල්වා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) සහ අකිත රන්දිනු (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
  • නවිරු එගොඩගේ (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) සහ මතිල සස්දිනු (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)

මිශ්‍ර යුගල

  • ශූරතාව – ටමාදි කවින්ද්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ) සහ අකේන් බෝජිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
  • අනු ශූරතාව – ශමල්ෂා දෙව්මි (හොලි ෆැමිලි බාලිකා විද්‍යාලය, මහනුවර) සහ දනුක් ලමාසූරිය (ආනන්ද විද්‍යාලය, කොළඹ)

අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

  • සඳින්ති ජයසිංහ (මියුසියස් බාලිකා විද්‍යාලය, කොළඹ) සහ යෙනුල් අබේවික්‍රම (ආනන්ද විද්‍යාලය, කොළඹ)
  • චනුකි ආකර්ෂා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) සහ හරීන් නිම්දිනු (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<