සුපිරි පියවරුන්ගේ සටනේ අවසන් වටයට ප්‍රබල කණ්ඩායම් රැසක්

402

කාණ්ඩයන් තුනක් යටතේ පැවැත්වෙන My Dad, My Superstar 2019 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග සියල්ලම ඊයේ (6) කොළඹ කෝල්ට්ස් හා බී. ආර්. සී. ක්‍රිකට් ක්‍රීඩාංගණවල දී පැවැත්විය.

පියවරුන්ගේ ක්‍රිකට් සටනේ අවසන් වට උණුසුම් වන ලකුණු

My Dad My Super Star ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග කිහිපයක් හා අර්ධ අවසන් පූර්ව තරග සියල්ලම පසුගිය 30 හා 31 කොළඹ දී පැවැත්විය. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට්…

එම තරගවල ජයග්‍රහණ ලබා ගත් සාන්ත පීතර, සාන්ත සෙබස්තියන්, සාන්ත තෝමස්, වේල්ස් කුමර, ආනන්ද හා නාලන්ද යන කණ්ඩායම අද (7) දිනයේ පැවැත්වෙන අවසන් මා තරග තුන සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

කෝල්ට්ස් පිටියේ පැවැත්වුණු තරග,

Super Dads – පළමු අවසන් පූර්ව තරගය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා එකාබද්ධ පාසල් කණ්ඩායම

  • කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 125/7 (15)
  • එ්කාබද්ධ පාසල් කණ්ඩායම – 96/9 (15)
  • සාන්ත සෙබස්තියන් 29ක ජයක්
  • තරගයේ වීරයා  – දිනේෂ් සෙනෙවිරත්න (සාන්ත සෙබස්තියන්) – 5/22 (පන්දුවාර 3)

Super-Dads දෙවන අවසන් පූර්ව තරගය –  මහින්ද විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය

  • කාසියේ වාසිය – සාන්ත පීතර විද්‍යාලය
  • සාන්ත පීතර විද්‍යාලය – 126/7 (15)
  • මහින්ද විද්‍යාලය – 82 (13.1)
  • සාන්ත පීතර කණ්ඩායමට ලකුණු 44ක ජයක්
  • තරගයේ වීරයා – මලින්ද වර්ණපුර (සාන්ත පීතර) – 53 (32) හා 1/18 (පන්දුවාර 3)

Champion-Dads පළමු අවසන් පූර්ව තරගය – සාන්ත අන්තෝනි විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය

  • කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය
  • සාන්ත තෝමස් විද්‍යාලය – 133/7 (15)
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – 110/6 (15)
  • සාන්ත තෝමස් කණ්ඩායමට ලකුණු 23ක ජයක්
  • තරගයේ වීරයා  – මහින්ද හලංගොඩ (සාන්ත තෝමස්’) – 3/13 (පන්දුවාර 3)

Champion-Dads දෙවන අවසන් පූර්ව තරගය – වේල්ස් කුමර විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය

  • කාසියේ වාසිය – වේල්ස් කුමර විද්‍යාලය
  • සාන්ත ජෝසප් විද්‍යාලය – 127/6 (15)
  • වේල්ස් කුමර විද්‍යාලය – 128/3 (13)
  • වේල්ස් කුමර කණ්ඩායමට කඩුලු 7ක ජයක්
  • තරගයේ වීරයා – සහන් ගලප්පත්ති (වේල්ස් කුමර) – 37 (21) හා 1/29 (පන්දුවාර 3)

ශෙහාන් ජයසූරියගේ ශතකයේ පිහිටෙන් කොළඹට තවත් ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (6) පැවති තරගයකින් ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු තුනක තියුණු ජයක්…

බී. ආර්. සී. ක්‍රිකට් පිටියේ පැවැත්වුණු තරග

Challenger-Dads – පළමු අවසන් පූර්ව තරගය – ආනන්ද හා රාජකීය  

  • කාසියේ වාසිය – ආනන්ද විද්‍යාලය
  • ආනන්ද විද්‍යාලය – 187/7 (15)
  • රාජකීය විද්‍යාලය – 125/5 (15)
  • ආනන්ද කණ්ඩායමට ලකුණු 62ක ජයක්
  • තරගයේ වීරයා  – මුතුමුදලිගේ පුෂ්පකුමාර (ආනන්ද) – 64* (32) හා 1/20 (පන්දුවාර 3)

Challenger-Dads දෙවන අවසන් පූර්ව තරගය: නාලන්ද විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය

  • කාසියේ වාසිය – නාලන්ද විද්‍යාලය
  • නාලන්ද විද්‍යාලය – 185/5 (15)
  • රිච්මන්ඩ් විද්‍යාලය – 142/8 (15)
  • නාලන්ද කණ්ඩායමට ලකුණු 24ක ජයක්
  • තරගයේ වීරයා  – මෙවන් පෝරගේ (නාලන්ද) – 5/18 (පන්දුවාර 3)

අවසන් මහා තරග,

  • Super Dads – සාන්ත පීතර විද්‍යාලය හා සාන්ත සෙබස්තියන් විද්‍යාලය
  • Champion-Dads – සාන්ත තෝමස් විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය
  • Challenger-Dads -ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය

අද (7) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම අවසන් මහා තරග 3 සජීවීව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, පිවිසෙන්න >>

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<