සුපුන සහ බිමන්දි ජාතික මේස පන්දු ශූරයන් වේ

77th National Table Tennis Championship 2023

329

ශ්‍රී ලංකා මේස පන්දු සංගමය සංවිධානය කළ 77 වැනි ජාතික මේස පන්දු ශූරතාවලියේ දී ජාතික ශූරයා ලෙස 99x Technologies ආයතනයේ සුපුන වරුෂවිතාන ද සහ ජාතික ශූරිය ලෙස මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දි බණ්ඩාර ද අභිශේක ලැබුවා.

සුපුන වරුෂවිතාන පළමු වතාවට ජාතික ශූරයා ලෙස අභිශේක ලබද්දී, බිමින්දි බණ්ඩාර ජාතික ශූරිය ලෙස අභිශේක ලැබුවේ සිවු වැනි වතාවටයි. ඇය මීට පෙර 2018, 2021 සහ 2022 වසර ත්‍රිත්වයේ ද ජාතික ශූරතාව දිනා ගැනීමට සමත් වෙනවා.

පසුගියදා මහනුවර නගර සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැති මෙම ශූරතාවලිය සඳහා ක්‍රීඩකයන් 144ක් සහ ක්‍රීඩිකාවන් 88 දෙනෙක් සහභාගී වුනා.

එහි දී Open Women’s Singles ඉසව්වේ පළමු අවසන් පූර්ව තරගයේ දී මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දි බණ්ඩාර විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හංසනී පියුමාලි ලෙහෙසියෙන් ම පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

 2 වැනි අවසන් පූර්ව තරගයේ දී අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ටමාදි කාවින්ද්‍යා සහ ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ ශමල්ෂා දෙව්මි අතර පැවැති තියුණු තරගයකින් අනතුරුව තරග වට 4-2ක් ලෙස ජයගත් ටමාදි කාවින්ද්‍යා අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

අවසන් මහා තරගයේ දී ටමාදි කාවින්ද්‍යා තරග වට 4-1ක් ලෙස පරාජය කරමින් බිමන්දි බණ්ඩාර ජයග්‍රහණය කිරීමට සමත් වූවා.

මෙම ශූරතාවට අමතර ව ඇය මෙවර ශූරතාවලියේ දී Open Women’s Doubles ඉසව්වේ දී බුද්ධිපානි රාජගුරු සමඟ එක් වෙමින් අනුශූරතාව ද දිනා ගත්තා. එහි ශූරියන් වූයේ Open Women’s Singles ඉසව්වේ අවසන් තරගයේ පරාජයට පත් ටමාදි කාවින්ද්‍යාටයි. ඇයගේ එම ඉසව්වේ සහායිකාව වූයේ සිනෙත්මි තෙසන්‍යායි.

ජාතික ශූරයා ලෙස අභිශේක ලැබූ සුපුන වරුෂවිතාන  Open Men’s Singles ඉසව්වේ දී පළමු අවසන් පූර්ව තරගයේ දී පසුගිය වසරේ ජාතික ශූරයා ලෙස අභිශේක ලැබූ චමීර ගිනිගේ තරග වට 4-1ක් ලෙස පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීම කැපී පෙණුනා.

එම තරගයේ දී පළමු වටයේ දී පෙරමුණ ගැනීමට චමීර ගිනිගේ සමත් වූව ද එතැන් සිට තරගයේ ආදිපත්‍ය තමන් වෙත නතු කර ගැනීමට සුපුන වරුෂවිතාන සමත් වූවා.

2 වැනි අවසන් පූර්ව තරගයේ දී ප්‍රසාද් ද සිල්වා විසින් උමේෂ් නිලුමින්ද තරග වට 4-0කින් ලෙහෙසියෙන් ම පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්ත ද අවසන් මහා තරගයේ දී තරග වට 2-4ක් ලෙස සුපුන වරුෂවිතාන විසින් පරාජය වීමට ඔහුට සිදු වූවා.

Men’s Consolation:

  • චින්තක ඒකනායක (විද්‍යාර්ථ OBA, මහනුවර) විසින් තරග වට 2-0ක් ලෙසින් ඔසඳ උපේක්ෂණ (විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර) පරාජය කරන ලදි.

ලකුණු පුවරුව: 11-5 සහ 11-8

Women’s Consolation:

  • කාවින්ද්‍යා ශෙහදි (විශ්වවිද්‍යාලය, සබරගමුව) විසින් තරග වට 2-0කින් ඉයුනි වික්‍රමසිංහ (සිරි කුරුස විද්‍යාලය, ගම්පහ) පරාජය කරන ලදි.

ලකුණු පුවරුව: 11-9 සහ 11-1

Open Mixed Doubles:

  • නිමේෂ් රංචාගොඩ (ශ්‍රී ලංකා නාවික හමුදාව) සහ හංසනී පියුමාලි (ශ්‍රී ලංකා නාවික හමුදාව) විසින් තරග වට 3-2කින් නුවන්ත නිරෝෂණ (විශ්වවිද්‍යාලය, සබරගමුව) සහ කසුනි පිටිගල (ශ්‍රී ලංකා යුද හමුදාව) පරාජය කරන ලදි.

ලකුණු පුවරුව: 13-11, 11-13, 11-6, 4-11 සහ 11-4

Open Women’s Doubles:

  • ටමාදි කාවින්ද්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ) සහ සිනෙත්මි තෙසන්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ) විසින් තරග වට 3-2කින් බිමන්දි බණ්ඩාර (හිල්වුඩ් විද්‍යාලය, මහනුවර) සහ බුද්ධිපානි රාජගුරු (Dubai, United Arab Emirates) පරාජය කරන ලදි.

ලකුණු පුවරුව: 11-6, 11-9, 7-11, 8-11 සහ 11/9

Open Men’s Doubles:

  • නිර්මල ජයසිංහ (MAS) සහ දිනේෂ් කවිශ්ක (විද්‍යාර්ථ OBA, මහනුවර) විසින් තරග වට 2-1ක් ලෙස චමීර ගිනිගේ (විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර) නුවන්ත නිරෝෂණ (විශ්වවිද්‍යාලය, සබරගමුව) පරාජය කරන ලදි.

ලකුණු පුවරුව: 11-8, 12-10 සහ13-11

Open Women’s Singles:

  • 1 වැනි අවසන් පූර්ව තරගය

බිමන්දි බණ්ඩාර (හිල්වුඩ් විද්‍යාලය, මහනුවර) විසින් තරග වට 4-0ක් ලෙස හංසනී පියුමිලා (ශ්‍රී ලංකා නාවික හමුදාව) පරාජය කරන ලදි.

ලකුණු පුවරුව: 11-8, 11-7, 11-8 සහ 11-8

  • 2 වැනි අවසන් පූර්ව තරගය

ටමාදි කාවින්ද්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ) විසින් තරග වට 4-2ක් ලෙස ශමල්ෂා දෙව්මි (සිරි කුරුස විද්‍යාලය, ගම්පහ) පරාජය කරන ලදි.

ලකුණු පුවරුව: 11-9, 10-12, 11-7, 8-11, 11-5 සහ 11-7

  • අවසන් මහා තරගය

බිමන්දි බණ්ඩාර (හිල්වුඩ් විද්‍යාලය, මහනුවර) විසින් තරග වට 4-1ක් ලෙස ටමාදි කාවින්ද්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ) පරාජය කරන ලදි.

ලකුණු පුවරුව: 15-13, 11-8, 11-7, 10-12 සහ 11-1

Open Men’s Singles:

  • 1 වැනි අවසන් පූර්ව තරගය

සුපුන වරුෂවිතාන (99x Technologies) විසින් තරග වට 4-1ක් ලෙස චමීර ගිනිගේ (විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර) පරාජය කරන ලදි.

ලකුණු පුවරුව: 8-11, 11-5, 11-9, 11-6 සහ 11-9

  • 2 වැනි අවසන් පූර්ව තරගය

ප්‍රසාද් ද සිල්වා (Emjee Pvt Ltd) විසින් තරග වට 4-0ක් ලෙස උමේෂ් නිලුමින්ද (ශ්‍රී ලංකා යුද හමුදාව) පරාජය කරන ලදි.

ලකුණු පුවරුව: 11-1, 11-9, 11-4 සහ 12-10

  • අවසන් මහා තරගය

සුපුන වරුෂවිතාන (99x Technologies) විසින් තරග වට 4-2ක් ලෙස ප්‍රසාද් ද සිල්වා (Emjee Pvt Ltd) පරාජය කරන ලදි.

ලකුණු පුවරුව: 11-6, 5-11, 11-7, 11-9, 12-14 සහ 11-5

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<