Major Club විස්සයි විස්ස තරගාවලිය 23 වැනිදා සිට

SLC Major Club T20 Tournament 2026

1
SLC Major Club T20 Tournament 2026

පැවැති අයහපත් කාලගුණ තත්ත්වය යටතේ කල් දැමුණ Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 23 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබෙනවා.

මෙම තරගාවලිය මීට පෙර මැයි මස 13 වැනිදා ආරම්භ වී මැයි මස 31 වැනිදා නිමා වීමට තිබු අතර නව කාලසටහන අනුව තරගාවලියේ අවසන් මහා තරගය ජුනි මස 5 වැනිදා දක්වා කල් දමා තිබෙනවා.

පෙර කාලසටහන අනුව තරගාවලියේ තරග දිනක් ඇර දිනයක් පැවැත්වීමට යෝජිත ව තිබුණ ද මෙවර එක දිගට තරග 3කට සහභාගී වීමෙන් පසුවයි කණ්ඩායමට විවේකයක් ලැබෙන්නේ. සුපුරුදු ලෙසින් කාණ්ඩ ද්විත්වයක් යටතේ පැවැත්වෙන තරගාවලියේ පළමු වටයේ තරග මැයි මස 31 වැනිදා දක්වා පැවැත්වීමට යෝජිතයි.

Group A

CCC, Moors SC, BRC, Tamil Union C & AC, Nugegoda S & WC, Kurunegala YCC සහ Baduraliya CC

 

Group B

Pandura SC, NCC, Colts CC, Bloomfield C & AC, ACE Capital CC, Police SC සහ SSC

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ජුනි මස 2 වැනිදා පැවැත්වෙන අතර  ඒ සඳහා තෝරා ගැණෙන්නේ එක් එක් කාණ්ඩයෙන් ඉදිරියෙන් ම ලැයිස්තු ගත වන කණ්ඩායම් 4යි. එම තරගවලින් ජයග්‍රහණය කරන කණ්ඩායම් සහභාගී වන අවසන් පූර්ව වටයේ තරග ජුනි මස 3 වැනි දා කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී සහ කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී රාත්‍රී තරග ලෙසින් ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රාත්‍රී තරගයක් ලෙසින් ක්‍රියාත්මක අතර ඊට අතිරේක දිනයක් ලෙසින් පසු දින නම් කර තිබෙනවා.

තරගාවලියේ නව කාලසටහන

Date Time Host Opponent Venue
23rd May

 

 

 

 

9.45am-12.55pm CCC Nugegoda S & WC Colts
2pm-5.10pm Pandura SC ACE Capital CC Colts
9.45 am-12.55pm Bloomfield C & AC Police SC NCC
2pm-5.10pm Tamil Union C & AC Kurunegala YCC NCC
9.45am-12.55pm BRC Baduraliya CC CCC
2pm-5.10pm Colts CC SSC CCC
24th May

 

 

 

 

 

9.45am-12.55pm CCC Tamil Union C & AC Colts
2pm-5.10pm Pandura SC Bloomfield C & AC Colts
9.45am-12.55pm Kurunegala YCC Moors SC CCC
2pm-5.10pm NCC Police SC CCC
9.45 am-12.55pm ACE Capital CC Colts CC RPICS
2pm-5.10pm Nugegoda S & WC BRC RPICS
         
25th May

 

 

 

 

 

9.45am-12.55pm Colts CC Pandura SC NCC
2pm-5.10pm BRC CCC NCC
9.45 am-12.55pm NCC Bloomfield C & AC CCC
2pm-5.10pm Tamil Union C & AC Moors SC CCC
9.45am-12.55pm SSC Police SC P.Sara
2pm-5.10pm Baduraliya CC Kurunegala YCC P.Sara
         
27th May 9.45am-12.55pm NCC Pandura SC P.Sara
  2pm-5.10pm CCC Moors SC P.Sara
  9.45 am-12.55pm Baduraliya CC Tamil Union C & AC CCC
  2pm-5.10pm Bloomfield C & AC SSC CCC
  9.45am-12.55pm Police SC ACE Capital CC Colts
  2pm-5.10pm Kurunegala YCC Nugegoda S & WC Colts
28th May 9.45am-12.55pm Moors SC Baduraliya CC P.Sara
  2pm-5.10pm SSC NCC P.Sara
  9.45 am-12.55pm BRC Kurunegala YCC CCC
  2pm-5.10pm Police SC Colts CC CCC
  9.45am-12.55pm Nugegoda S & WC Tamil Union C & AC NCC
  2pm-5.10pm ACE Capital CC Bloomfield C & AC NCC
         
29th May 9.45am-12.55pm Pandura SC SSC P.Sara
  2pm-5.10pm Baduraliya CC CCC P.Sara
  9.45 am-12.55pm Moors SC Nugegoda S & WC Colts
  2pm-5.10pm ACE Capital CC NCC Colts
  9.45am-12.55pm Tamil Union C & AC BRC SSC
  2pm-5.10pm Bloomfield C & AC Colts CC SSC
         
31st May 9.45am-12.55pm Kurunegala YCC CCC Colts
  2pm-5.10pm Police SC Pandura SC Colts
  9.45 am-12.55pm SSC ACE Capital CC CCC
  2pm-5.10pm Nugegoda S & WC Baduraliya CC CCC
  9.45am-12.55pm Colts CC NCC P.Sara
  2pm-5.10pm Moors SC BRC P.Sara
         
         
2nd June 9.45am-12.55pm A1 B4 NCC
2pm-5.10pm B1 A4 NCC
9.45 am-12.55pm A2 B3 Colts
2pm-5.10pm B2 A3 Colts
         
3rd June 7pm-10.10pm Winner-QF 1 Winner-QF 4 CCC
Night 7pm-10.10pm Winner-QF 2 Winner-QF 3 SSC
         
5th June 7pm-10.10pm Winner Semi 1 Winner Semi 2 RPICS
6th June 9.45am-12.55pm Rain Reserve RPICS

Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<