දකුණු අප්‍රිකානු ගිවිසුම්ගත ක්‍රීඩක ලැයිස්තුවට අලුත් අයෙක්

79

2020/21 තරග වාරය සඳහා ජාතික කොන්ත්‍රාත්තු පිරිනැමීමට නියමිත පිරිමි සහ කාන්තා සඳහා ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් පසුගිය දා නිවේදනය කළේය. 

බියුරාන් හෙන්ඩ්‍රික්ස් වෙත ඔහුගේ පළමු ජාතික කොන්ත්‍රාත්තුව  දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් පිරිනමන ලද අතර ඇන්රිච් නෝර්ට්ජේ, ඩ්වේන් ප්‍රිටෝරියස් සහ රාසි වැන් ඩර් ඩුසන් කොන්ත්‍රාත් වැඩි දියුණු කිරීම් ලබා ගෙන ඇත. 

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ගමන් මඟ හා නව ක්‍රිකට් ආකෘතිය

2019-2023 ජාත්‍යන්තර ක්‍රිකට් තරගවාරයේ එක්දින තරග චක්‍රය හා 2023 ජාත්‍යන්තර ………….

“අපි ක්‍රීඩකයින් 16 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 14 දෙනෙකු සමඟ ගිවිසුම්ගත වෙලා තියනවා. විවිධ ආකෘතීන් හරහා අපගේ ජාතික සංචිත පවත්වා ගෙන යාම සඳහා සුදුසු සංඛ්‍යාවක් ලෙස අපට හැඟෙනවා.” යැයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක වෛද්‍ය ජැක් ෆෝල් සඳුදා (මාර්තු 23) පැවසීය.  

“මේ මඟින් අපගේ ටෙස්ට් ක්‍රීඩකයින් මෙන්ම සීමිත ඕවර විශේෂ ක්‍රීඩකයන් ද ගිවිසුම් ගත කිරීමට අපට හැකියාව ලබා දී තිබෙනවා. 17 වැනි පිරිමි කොන්ත්‍රාත්තුව මේ මොහොතේ විවෘතව තබා ගැනීමට අපි තීරණය කර තිබෙනවා. ක්‍රීඩකයන්ට ඒ සඳහා දක්ෂතා අනුව සුදුසුකම් ලැබිය හැකියි.” 

“2020/21 තරග වාරයේ දී දකුණු අප්‍රිකාව සඳහා කාර්ය සාධනය සහ තෝරා ගත් ක්‍රීඩකයින්ට අමතරව ගිවිසුම්ගත නොවන ක්‍රීඩකයින්ට ජාතික කොන්ත්‍රාත් වැඩිදියුණු කිරීම සඳහා සුදුසුකම් ලැබිය හැකි නවීන පද්ධතිය මේ වසරේ දී නැවත ක්‍රියාත්මක කරනවා” දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය තවදුරටත් සඳහන් කර ඇත.

පිරිමි කොන්ත්‍රාත්තු මගින් ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පිරිමි විස්සයි 20 ලෝක කුසලානය, දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ශ්‍රී ලංකාව (ටෙස්ට්), ඕස්ට්‍රේලියාව (ටෙස්ට්), පාකිස්තානය (විස්සයි 20), ඉන්දියාව (විස්සයි 20) තරගාවලි හා බටහිර ඉන්දීය කොදෙව් හා ශ්‍රී ලංකාව යන රටවලට එරෙහි සංචාරයන් ආවරණය කරනු ඇත.

ක්‍රිකට් ගහන්නෙ ඇඟෙන් විතරද?

ඔබ ලෝක පූජිත පන්දු යවන්නෙක් යැයි මොහොතකට සිතන්න. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ……

කාන්තාවන් සඳහා, නාඩින් ඩි ක්ලාක් සහ සිනාලෝ ජෆ්ටා පසුගිය තරග වාරයේ දී කොන්ත්‍රාත් වැඩි දියුණු කිරීම් ලබා ගත් අතර, මෙම ක්‍රීඩකයන් දෙදෙනා මෙම තරග වාරය සඳහා ද කාන්තා ගිවිසුම්ගත ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ රඳවා ගෙන ඇත.

බටහිර ඉන්දීය කොදෙව් හා එංගලන්ත සංචාරවලට අමතරව 2021 දී නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන තරගාවලිය මෙම කාන්තා කොන්ත්‍රාත්තු මගින් ආවරණය කෙරේ.  එය ඕස්ට්‍රේලියාවට එරෙහි කල් දැමූ සත්කාරක තරගාවලිය ද ආවරණය කරනු ඇත. 

ගිවිසුම්ගත ක්‍රීඩකයින්: ටෙම්බා බාවුමා, ක්වින්ටන් ඩි කොක්, ෆෆ් ඩු ප්ලෙසිස්, ඩීන් එල්ගාර්, බියුරන් හෙන්ඩ්‍රික්ස්, රීසා හෙන්ඩ්‍රික්ස්, කේෂව් මහරාජ්, අයිඩන් මාක්‍රම්, ඩේවිඩ් මිලර්, ලුන්ගි එන්ගිඩි, ඇන්රිච් නෝර්ට්ජේ, ඇන්ඩිලේ ෆෙලුක්වායෝ, ඩ්වේන් පිටෝරියස්, කගීසෝ රබාඩා, ටබ්‍රායිස් ෂම්සි, රාසි වැන් ඩර් ඩුසන්.

ගිවිසුම්ගත ක්‍රීඩිකාවන්: ත්‍රිෂා චෙට්ටි, නාඩින් ඩි ක්ලර්ක්, මිග්නන් ඩු ප්‍රීස්, ෂබ්නිම් ඉස්මයිල්, සිනාලෝ ජෆ්ටා, මරිසැන් කැප්, අයබොංගා කාකා, මසබාටා ක්ලාස්, ලිසෙල් ලී, සුනේ ලූස්, ටුමි සේඛුකූන්, ක්ලෝයි ට්‍රයොන්, ඩේන් වෑන් නියකේර්ක්, ලෝරා වුල්වඩාර්ට්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<