කමිල් මිෂාර නවසීලන්ත ඉලක්ක විනාශ කරයි

52nd Battle of the Saints Limited Over

14
52nd Battle of the Saints Limited Over

කමිල් මිෂාර ගේ දැවැන්ත ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන වැනි සිව් දින ක්‍රිකට් තරගය තෙවැනි දිනයට නතර කරන විට ඉනිමක පරාජයෙන් ගැලවීමට සංචාරක ක්‍රීඩකයන්ට තවත් ලකුණු 168ක් අවශ්‍ය අතර ඒ වෙනුවෙන් ඔවුන් සතු ව ඇත්තේ තවත් කඩුලු 6ක් පමණයි.   

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 305ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ලෙසින් සත්කාරක ශ්‍රී ලංකා A ක්‍රිකට් ක්‍රීඩකයෝ තරගයේ 3 වැනි දිනයේ දී සියලුම දෙනා දැවී ලකුණු 518ක් ලබා ගත්තා. 

ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 213ක් පිටුපසින් සිටින නවසීලන්ත ක්‍රීඩකයෝ තරගය අද දිනට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 45ක් ලබා සිටියා.  

දිලුම් සුදීර නවසීලන්ත ඉනිමේ කඩුලු 6ක් ඩැහැ ගනී

අද තරගය  ආරම්භ වෙද්දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 197ක් ලබා සිටියා. ඒ වෙද්දී කමිල් මිෂාර නොදැවී ලකුණු 72ක් ද සහ සැදෑ ආරක්ෂකයා ලෙසින් පිටියට පිවිසි මොහොමඩ් ශිරාස් ලකුණු නොලබා ද නොදැවී පිටියේ රැඳී සිටියා.  

ඔවුන් අතුරින් අද පළමුවෙන් ම ඉනිම අහිමිකර ගන්නේ මොහොමඩ් ශිරාස්. ඔහු දැවී යන විට පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා සිටියා.  

කමිල් මිෂාර ඉනිමේ සිව් වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 168කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සමඟින් ලකුණු 174ක් ලබා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 9 වැනි ශතක ඉනිමයි.  

ඒ වෙද්දී ඔහු නුවනිඳු ප්‍රනාන්දු සමඟ එක් වෙමින් 4 වැනි කඩුල්ලට ලකුණු 135ක සබඳතාවක් ද ගොඩ නගා සිටියා. නුවනිඳු ප්‍රනාන්දු 5 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තා.  

ඔවුන්ට අමතර ව නායක පසිඳු සූරියබණ්ඩාර පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණ 43ක් ද සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී සොනාල් දිනූෂ පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුනු 60ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී Dale Phillips ලකුණු 44කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරන ලද අතර ඊට අමතර ව Michael Rae, Simon Keene සහ Tim Pringle කඩුලු ද්විත්වය බැගින් දවා ගෙන තිබුණා.  

නවසීලන්ත ඉනිම ආරම්භ වෙන්නේ ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 213ක් පිටුපස සිටිමිනුයි. එවන් වගකීම් සහිත ඉනිමක පළමු කඩුලු ද්විත්වය ලකුණු 2කට දැවී යෑමත් සමඟින් ඔවුන්ගේ බලාපොරොත්තු සේදී යනවා. එම තත්ත්වය තරගය 3 වැනි දිනයට නතර කරන තුරු ම පැවැති අතර ඒ වෙද්දී ඔවුන් ලබා සිටියේ කඩුලු 4ක් දැවී ලකුණු 45ක් පමණයි.  

නවසීලන්ත ඉනිමේ දැවී ගිය කඩුලු 4, දුලාජ් සමුදිත, දිලුම් සුදීර, මොහොමඩ් ෂිරාශ් සහ රමේෂ් මෙන්ඩිස් විසින් කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • නවසීලන්තA ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 305 (87.1) Rhys Mariu 22, Curtis Heaphy 59, Matthew Boyle 102, Max Chu 27, Mitchell Hay 20, Simon Keene 20, දිලුම් සුදීර 6/107, රමේෂ් මෙන්ඩිස් 3/103
  • ශ්‍රී ලංකාA ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 518 (127.0) නිශාන් මදුශ්ක 57, ලහිරු උදාර 61, කමිල් මිෂාර 174, නුවනිඳු ප්‍රනාන්දු 55, පසිඳු සූරියබණ්ඩාර 43, සොනාල් දිනූෂ නොදැවී 60, දිලුම් සුදීර 24, Michael Rae 2/35, Simon Keene 2/73, Tim Pringle 2/144, Dale Phillips 3/44
  • නවසීලන්තA ක්‍රිකට් කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 45 (13.0) Max Chu නොදැවී 15

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම ලකුණු 168ක් පිටුපසින්. 

මෙම තරගය හෙට (26) 4 වැනි සහ අවසන් දිනයටත් පැවත්වේ 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<