ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන 2 වැනි සිව් දින ක්‍රිකට් තරගයේ දී නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 305 පිළිතුරු ලෙසින් සත්කාරක ශ්‍රී ලංකා A ක්‍රිකට් ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 197ක් ලබා සිටියා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය අද (24) ආරම්භ වෙද්දී නවසීලන්ත ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 238ක් ලබා සිටියා. ඒ වෙද්දී Max Chu නොදැවී ලකුණු 26ක් ද සහ Mitchell Hay නොදැවී ලකුණු 13ක් ද ලබා සිටියා.
ඔවුන් අතුරින් අද පළමුවෙන් ම දැවී යන්නේ Max Chu. ඔහු තම ඉනිමට ලකුණක් පමණක් එකතු කර ගනිමින් සිටිය දී දැවී යන අතර Mitchell Hay 6 වැනි කඩුල්ලට දැවී යද්දී ලකුණු 20ක් ලබා සිටියා. ඔවුන්ට අමතර ව Simon Keene ද ලකුණු 20කට දැවී ගිය අතර නවසීලන්ත කණ්ඩායමේ අනෙක් කඩුලු 4 ලකුණු 27ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.
එහි දී වමතින් දඟ පන්දු යැවූ දිලුම් සුදීර ලකුණු 107කට කඩුලු 6ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව රමේෂ් මෙන්ඩිස් ලකුණු 103කට කඩුලු 3ක් ද සහ දුලාජ් සමුදිත කඩුල්ලක් ද දවා ගත්තා.
- 2026 LPL තරගාවලියට දින නියම වෙයි
- පවන් රත්නායක PSL වරම් ලබයි!
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ නවසීලන්තය 3-0කින් පරාජය කරයි
- කුසල් මෙන්ඩිස් PSL පිටියේ ඉතිහාසගත ශතකයක් වාර්තා කරයි
- වනුජ, දිලුම් සහ ලහිරු සම්මාන ලැබූ Major Club තරගාවලිය
ශ්‍රී ලංකා A කණ්ඩායමේ පිළිතුරු ඉනිම ආරම්භ කරන්නේ නිශාන් මදුශ්ක සහ ලහිරු උදාර විසිනුයි. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 98ක සබඳතාවක් එක් කරනවා. එහි දී ලහිරු උදාර පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 61කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසි කමිල් මිෂාර ද සාර්ථක ඉනිමක නිරත වෙමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු තත්ත්වය ඉහළ දැමීමට දායකත්වය දක්වනවා. ඒ අතර තුර ශ්‍රී ලංකා ඉනිමේ 2 වැනි කඩුල්ල ලෙසින් නිශාන් මදුශ්ක දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 57ක් ලබා සිටි අතර ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 97ක සබඳතාවක් එක් කරනවා.
තරගය 2 වැනි දිනයට නතර කරන විට අද සිය 25 වැනි උපන් දිනය සමරන කමිල් මිෂාර පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 72ක් ලබා සිටි අතර සැදෑ ආරක්ෂකයා ලෙසින් පිටියට පිවිසි මොහොමඩ් ශිරාස් ලකුණු නොලබා නොදැවී පිටියේ රැඳී සිටියා.
ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වයේ හිමිකාරීත්වය ආරම්භක වේග පන්දු යැවූ Michael Rae සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 305 (87.1) Rhys Mariu 22, Curtis Heaphy 59, Matthew Boyle 102, Max Chu 27, Mitchell Hay 20, Simon Keene 20, දිලුම් සුදීර 6/107, රමේෂ් මෙන්ඩිස් 3/103
- ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 197 (45.3) නිශාන් මදුශ්ක 57, ලහිරු උදාර 61, කමිල් මිෂාර නොදැවී 72, Michael Rae 2/36
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම ලකුණු 108ක් පිටුපසින්.
මෙම තරගය හෙට (25) 3 වැනි දිනයටත් පැවත්වේ.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















