දමේස් මොරටු කඩුලු 9ක් බිඳ දමයි

U19 School Cricket 2026

3
U 19 School Cricket

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ දකුණතින් පිට දඟ පන්දු යවන දමේස් මතිසාන් මොරටු මහා විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ දී ලකුණු 60කට කඩුලු 9ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (28) දවසේ දී ද පැවැති අතර නිමා වූ සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ මොරටු විද්‍යාලය අතර තරගයේ දී දමේස් මතිසාන් දෙවැනි ඉනිමේ දී ද කඩුලු 2ක් දවා ගනිමින් තරගයේ දී ලකුණු 74කට කඩුලු 11ක දවා ගන්නවා.

ඊට අමතර ව එම තරගයේ දී සාන්ත ජෝසප් වාස් විද්‍යාලය නියෝජනය කරන 16 හැවිරිදි වියේ පසුවෙන නේතන් ප්‍රනාන්දු පන්දු 218කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 128ක් ලබා ගත්තා.

එමෙන් ම වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ කවිඳු සේනාදි මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහි ව තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වීම ද කැපී පෙණුනා. ඔහු ප්‍රතිවාදී කඩුලු 7ක් ලකුණු 74ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 106ක් ලබා ගන්නවා.

එමෙන් ම එම තරගයේ දී මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සශිත් බණ්ඩාර ලකුණු 51කට කඩුලු 7ක් දවා ගත් අතර පන්දුවට පහර දීමට පිවිසෙමින් අර්ධ ශතක ඉනිමක් ද වාර්තා කරනවා.

ඔවුන්ට අමතර ව නිමා වූ තරගවල දී කැපී පෙනෙණ පිතිකරුවන් අතරට මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ වමත් පිතිකරු විරාන් චමුදිත ද එක් වුණා. ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහි ව පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහර 10ක් සමඟින් ලකුණු 180ක් ලබා ගත්තා.

ඊට අමතර ව බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ තරීන් සංකේත් කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහි ව පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 113ක් ලබා ගනිද්දී මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ ගවේශ ප්‍රනාන්දු කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහි ව පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගන්නවා.

අද පැවැති තරගවල දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දිමන්ත මහවිතාන (60) සහ මහේන්ද්‍ර අබේසිංහ (85), සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ අමල් දෙනුවන් (72), සාන්ත අන්තෝනි විද්‍යාලයේ හිතේෂ් රුවන්ද (58) සහ රිද්ම බාශික (75), ගාල්ල මහින්ද විද්‍යාලයේ තෙවිඳු රශ්මික (55), අරෝෂ උදයංග (64), සෙහස් ආශිංස (52), මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ හේෂාන් මදුශංක (83),  මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ ඔෂාන් ද සිල්වා (65) සහ කාවින්ද කුරේ (79), කොළඹ ලුම්බිණි විද්‍යාලයේ මිහිසර විහඟ (නොදැවී 57) සහ නිකිල් අබිලාශ් (61), කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ මාරියෝ ප්‍රනාන්දු (57) මෙවන් දිසානායක (52) සහ විහඟ රත්නායක (56), බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ ශවිඳු සිල්වා (60), ජේසන් ප්‍රනාන්දු (71), එනෝෂ් පීටර්සන් (57), කුරුණෑගල මලියදේව විද්‍යාලයේ චන්දුප අබේසිංහ (92) සහ දිමත් අබේසිංහ (51), කොළඹ ඉසිපතන විද්‍යාලයේ තරුන් රශ්මින (67) සහ නවිඳු උමෙත් (56), වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ හිතේෂ් රුවන්ද (58), රිද්ම බාශික (75) සහ කවිඳු විහඟ (නොදැවී 96) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී කුරුණෑගල මලියදේව විද්‍යාලයේ වමතින් දඟ පන්දු යවන දිමත් අබේසිංහ කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ දී ලකුණු 39කට කඩුලු 5ක් ද සහ 2 වැනි ඉනිමේ දී ලකුණු 42කට කඩුලු 5ක් ද ලෙසින් තරගයේ දී ලකුණු 81කට කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. එමෙන් ම ඔහු පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතකයක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

කොළඹ වේල්ස් කුමාර විද්‍යාලයේ මතීෂ අපෝන්සු (6/37) සහ කොළඹ ලුම්බිණි විද්‍යාලයේ යශෝද් කවිඳු (5/104) දක්ෂතා දක්වනවා.

අද අවසන් වූ තරගවල දී මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා.

අද (28) අවසන් වූ තරගවල කෙටි ලකුණු සටහන්

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය අතර තරගය කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – වේල්ස් කුමාර විද්‍යාලය

  • වේල්ස් කුමාර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 378 (72.1) පළිඟු පෙරේරා 25, සෙතික විජේතුංග 47, ඔශාන් ද සිල්වා 65, ගවේශ ප්‍රනාන්දු නොදැවී 100, කාවින්ද කුරේ 79, යශෝද් කවිඳු 5/104, මිහිසර විහඟ 2/76
  • ලුම්බිණි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 190 (68.0) නිකිල් අබිලාශ් 47, මිහිසර විහඟ නොදැවී 57, දිනාල් සෙව්මිණ 25, නෙතුල් අනුහස් 2/65, මතීෂ අපෝන්සු 6/37
  • ලුම්බිණි විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 125 (37.1) නිකිල් අබිලාශ් 61, ජයනිත මෙන්ඩිස් 23, මතීෂ අපෝන්සු 2/42, ඔෂාන් ද සිල්වා 3/17, නෙතුල් අනුහස් 2/36

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 63ක ජයක්.

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගය කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – මලියදේව විද්‍යාලය

  • මලියදේව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 321 (77.3) තිවංක පබසර 37, චන්දූප අබේසිංහ 92, දුශාන් සයුරංග 41, දිමත් අබේසිංහ 51, සොනාල් අශ්වින් 43, තරිඳු නවීන් 2/22, දිමුතු තාරුක 2/77, තරුන් රශ්මික 4/39
  • ඉසිපතන විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 151 (43.0) නවිඳු උමෙත් 32, තරුන් රශ්මින 67, කවිඳු දේවශාන් 25, තවීෂ බාලසූරිය 2/33, දිමත් අබේසිංහ 5/39
  • ඉසිපතන විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 177 (42.3) නවිඳු උමෙත් 56, මලීෂ සඳරුවන් 28, දිමත් අබේසිංහ 5/42, තවීෂ බාලසූරිය 3/57
  • මලියදේව විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 8 (3.0)

කුරුණෑගල මලියදේව විද්‍යාලයට කඩුලු 9ක ජයක්.

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය පිටියේ දී. (Traditional)

කාසියේ වාසිය – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 333 (73.0) මාරියෝ ප්‍රනාන්දු 57, ටෙහාන් බීටර් 32, මිහිල ජයවීර 45, මෙවන් දිසානායක 52, මානික්‍ය දේශප්‍රිය 33, විහඟ රත්නායක 56, සදීශ සිල්වා 2/93, ජනිත් පණ්ඩිතරත්න 2/71, තරීන් සංකේත් 2/58, දින්සර රත්නවීර 3/58
  • සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 407 (80.0) අසදිස තේජාන් 37, ශවිඳු සිල්වා 60, ජේසන් ප්‍රනාන්දු 71, ජොශුවා සෙබස්තියන් 35, එනෝෂ් පීටර්සන් 57, තරීන් සංකේත් 113, අයේෂ් ගජනායක 4/111
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 112 (24.0) මාරියෝ ප්‍රනාන්දු 30, ටෙහාන් බීටර් 26, මිහිල ජයවීර නොදැවී 32

වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර තරගය කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Traditional)

කාසියේ වාසිය – මොරටු මහා විද්‍යාලය

  • මොරටු මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 219 (78.1) දෙනෙත් සිතුමිණ 28, විසල් සිරිවර්ධන 46, සිතුම් සිල්වා 39, සඳුන් සුවාරිස් 26, මෙනුක කොතලාවල 34, දමේස් මතිසන් 9/60
  • සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 300 (80.0) දමේස් මතිසන් 20, සස්මිත ප්‍රනාන්දු 22, නේතන් ප්‍රනාන්දු 128, අමල් දෙනුවන් 72, මේනුක කොතලාවල 2/78, සවිඳු පෙරේරා 4/73
  • මොරටු මහා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 121 (37.0) ඔෂඳ ජයවික්‍රම 27, සංජන සෙනෙවිරත්න 44, දෙනෙත් සිතුමිණ නොදැවී 39, දමේස් මතිසන් 2/14

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට)

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය මහනුවර ධර්මරාජ විද්‍යාලයීය පිටියේ දී. (Tier B)

කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය

  • සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 236 (67.1) හිතේෂ් රුවන්ද 58, හෆීස් ජුන්කීර් 30, රිද්ම බාශික 75, සදීශ කාවින්ද 21, සශිත් බණ්ඩාර 7/51
  • ධර්මරාජ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 241 (78.3) කාශ්‍යප දිසානායක 39, තරිඳු වර්ණකුලගේ 34, සශිත් බණ්ඩාර 57, මංදිල් ගුණවර්ධන 26, ඉසුරු සමරතුංග නොදැවී 20, කවිඳු සේනාදි 7/74, රිද්ම බාශික 2/48
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 237 (43.0) කවිඳු සේනාදී නොදැවී 106, කවිඳු විහඟ නොදැවී 96, සශිත් බණ්ඩාර 2/91

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට)

ගාල්ල මහින්ද විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය අතර තරගය ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – සාන්ත සර්වේශස් විද්‍යාලය

  • මහින්ද විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 138 (38.3) තෙවිඳු රශ්මික 55, මුහම්මදු සධීක් 3/27, විරාන් චමුදිත 4/40, සමිරු ගිම්හාන් 2/15
  • සාන්ත සර්වේශස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 350 (43.3) හේෂාන් මදුශංක 83, රිසිනු කිත්මුක 41, විරාන් චමුදිත 180, තෙවිඳු රශ්මික 2/20
  • මහින්ද විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 340 (72.2) රන්දුල මාබරණ 33, දුල්සිත් දර්ශන 28, දිනෙත් පැහැසර 33, ගෙසඳු බිසස් 35, අරෝෂ උදයංග 64, සෙහස් ආශිංස 52, කවීෂ ගිත්මල් 37, මුහම්මදු සධීක් 2/30, ප්‍රවීන් මදුසංක 2/92, ලසිඳු රාමනායක 3/71, සමිරු ගිම්හාන් 2/106
  • සාන්ත සර්වේශස් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 66 (19.0) රිසිනු කිත්මුක නොදැවී 30, ගෙසඳු බිසස් 3/28

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය සාන්ත සර්වේශස් විද්‍යාලයට)

>>සාන්ත තෝමස් – ත්‍රිත්ව තරගය විසඳුමක් නෑ<<

අද (28) ආරම්භ වූ තරගවල කෙටි ලකුණු සටහන්

නුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය මහනුවර අස්ගිරිය පිටියේ දී. (Traditional)

කාසියේ වාසිය – රාජකීය විද්‍යාලය

  • රාජකීය විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 83 (29.1) උදන්ත ගංගෙවත්ත 42, හිමරු ද සිල්වා 21, චනිරු සේනාරත්න 2/14, ඩිනාල් ප්‍රනාන්දු 3/20, කනිල්ක ඇන්තනී 2/07
  • ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 243 (63.0) දිමන්ත මහවිතාන 60, මහේන්ද්‍ර අබේසිංහ 85, මාලික විතානගේ 28, විදුනෙත් ධම්මගේ නොදැවී 34, රමිරු පෙරේරා 2/50, සෙහඳු සූරියආරච්චි 2/21

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 160ක් ඉදිරියෙන්.

මෙම තරගය හෙට (01) 2 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<