ගෙවුනු දවස ජුනි 30 – තරග තහනමක් ත්‍රිත්ව සහ ධර්මරාජ විද්‍යාලවලට

519
Sri Lanka Sports news last day summary june 30

පුරා මාසයක කාලයක් කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින්, ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි. පුරා මාසයක් ලිපි මාලාව සමඟ එකතු වු ඔබට ස්තූතියි. ගෙවුනු දවස පිළිබඳ ඔබේ අදහස් පහතින් ප්‍රකාශ කරන්න ඔබට පුළුවන්. එය අපේ ගමනට තවත් රුකුලක් විය හැකිය.

 ක්‍රිකට් 

යොවුන් කණ්ඩායමෙන් ක්‍රිකට් අානාගතය ගැන පෙරනිමිති

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ගාමිණී දිසානායක අභියෝගතා කුසලානය සඳහා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ දෙවන යොවුන් ටෙස්ට් තරඟය  (28) කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩා පිටියේදී ඇරඹිනි. අද (30) එම තරගයේ තෙවන  දිනය ක්‍රියාත්මක විය. මෙම තරඟය ද ජය පරාජයෙන් තොරව නිමාවිය.

ශ්‍රී ලංකා පළමු ඉණිම – 378-7 (136.1) dec පැතුම් නිස්සංක 172, අශේන් බණ්ඩාර 121, නවිදු නිර්මාල් 33, ඩැනියල් මොයිරාටි 2/98, වියාන් මුල්ඩර් 2/66

දකුණු අප්‍රිකානු දෙවන ඉණිම – 133-1 (47) වෑන් ටොන්ඩර්  63*, ජොශුවා හර්ඩින් 49* ,රශ්මික ඩිල්ශාන් 1/14

සම්පූර්ණ ලිපිය : ජාතික කණ්ඩායමේ අනාගත පිත්තට සුදු එලියක්

 රග්බි 

ත්‍රිත්ව, ධර්මරාජ සහ කේරි විද්‍යාලය ගෙදරට

මෙවර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය අවසන් වුනේ ගැටුම් රැසක් මැදිනුයි. ඒ අතරින් බ්‍රැඩ්බි පලිහ ත්‍යාග ප්‍රදානය අතරතුර ඇතිවූ ගැටුම සහ පළිඟ ශූරතාව සඳහා මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය සමග පැවති තරගයේදී ධර්මරාජ ක්‍රීඩකයන් ඇති කරගත් ගැටුම ප්‍රධාන ස්ථානයක් ගනි.

මේ ගැටුම් සම්බන්ධයෙන් පාසල් රග්බි සංගමය ආරම්භ කළ විනය පරීක්ෂණ අවසන් කෙරුණේ අධ්‍යාපන අමාත්‍යංශයේ ද මැදිහත්වීමෙනි. ක්‍රීඩාවේ අත්‍යවශ්‍ය අංගයක් වන විනය, පාසල් ක්‍රීඩකයන් අතරින් ගිලිහී යාම වලක්වා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබෙනවා.

සම්පූර්ණ ලිපිය : විනය කැඩු ධර්මරාජ, ත්‍රිත්ව සහ කේරි රග්බි කණ්ඩායම් වලට දඩුවම්

 ඔලිම්පික් 

සුදේශ්, මැතිව්, කිමිකෝ ටිකට්පත් අතැතිව

ලබන අගෝස්තු මස 5 වැනිදා සිට 21 වැනිදා දක්වා බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදින කණ්ඩායමට අලුතින්ම එක්වූ ක්‍රීඩකයා ලෙස සුදේශ් පීරිස් ඇතුළත්ව ඇතැයි වාර්තා වේ.

පසුගිය දකුණු ආසියානු තරගාවලියේදී (සාග්) පිහිනුම් ඉසව්වලින් සුවිශේෂ දස්කම් දැක්වූ මැතිව් අබේසිංහට හා කිමිකෝ රහීම්ට මෙවර ඔලිම්පික් වරම් හිමිවී ඇති බවද ඊයේ අප වෙත අදහස් දැක්වූ ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවැසීය.

සම්පූර්ණ ලිපිය: සුදේශ්, මැතිව් හා කිමිකෝ සමග 9ක් රියෝ යයි

අද දිනයේ පුවත් සඳහා රැදි සිටින්න – මුල්පිටුව සමඟින්

දවසේ නිමාව