ඩිල්ශාන් මදුශංක ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට කැඳවයි

ICC Men's T20 World Cup 2026

4
ICC Men's T20 World Cup 2026

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ඩිල්ශාන් මදුශංක කැඳවා තිබෙනවා.

පසුගිය දා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු ලෝක කුසලාන තරගය අතරතුර ආබාධයකට ලක් වූ මතීෂ පතිරණ වෙනුවට ඩිල්ශාන් මෙසේ සංචිතයට කැඳවා තිබෙනවා.

මේ වන විට 25 හැවිරිදි වියේ පසු වන ඩිල්ශාන් විසින් මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 15ක් ක්‍රීඩා කරමින් කඩුලු 15ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු 2024 වසරේ ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කිරීමෙන් පසුව වෙනත් විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කර නැහැ.

ඩිල්ශාන් සංචිතයට ඇතුළත් කිරීම සඳහා තරගාවලි තාක්ෂණික කමිටුවේ අවසරය හිමි වී තිබෙනවා.

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිත මීළඟ තරගය හෙට (19) සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

එම තරගය පිළිබඳ සියලු තොරතුරු මෙන්ම, 2026 විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<