ThePapare ඓතිහාසික කඩ ඉමකට; ලෝක කුසලාන තරග අත්දැකීම සිංහල විස්තර විචාරයක් සමඟ ඔබට සමීප කිරීමට සූදානම්!

ICC Men's T20 World Cup 2026

332

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. 

මෙවර ලෝක කුසලානයේ පළමු තරගය මේ වන විට පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර ක්‍රියාත්මක වන අතර, එම තරගයත් සමඟ ThePapare ද ඓතිහාසික කඩ ඉමකට සමීප වීමට සමත් වී තිබෙනවා. 

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට දේශීය රූපවාහිනී නාලිකාවක් හරහා සිංහල විස්තර විචාරයක් සමඟින් ලෝක කුසලාන තරග අත්දැකීම සජීවී ව විඳ ගැනීමේ හැකියාව මෙවර ThePapare වෙතින් හිමි වනවා.  

ThePapare විසින් ගෙන එන මෙම විකාශනය අද (07) සිට එළඹෙන මාර්තු 08 දිනය දක්වා, මෙවර ක්‍රියාත්මක වන සියලු තරග වෙනුවෙන් (තරග 55) අදාළ වන අතර, මෙමගින් දිවයින පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තමන්ට වඩාත් හුරුපුරුදු හඬින් එම තරග නැරඹීමේ අවකාශය උදා වනු ඇති. 

සිංහල විස්තර විචාරය සමඟ තරග නැරඹීමේ අවස්ථාව පහත ආකාරවලින් සපුරා ගත හැකි: 

  1. Dialog Television – නාලිකා අංක 62 
  2. Dialog Play App  
  3. ThePapare.com වෙබ් අඩවිය 

මෙම සජීවී විස්තර විචාරය වෙනුවෙන් ෆර්වීස් මහරූෆ්, චාමර කපුගෙදර, හරිත පෙරේරා, දිනේෂ් උපේන්ද්‍ර, සජීව වීරකෝන්, රුවන් කල්පගේ, ඉසුරු උදාන, නුවන් සොයිසා, කමල් දේශප්‍රිය වැනි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම, ප්‍රවීණ විස්තර විචාරකයින් ද එක් වීමට නියමිතයි. 

මෙවර ලෝක කුසලානය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ඔබ සමඟ බෙදා හදා ගැනීමට ද ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<