ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන තරඟය අද (4) මීර්පූර් හිදී පැවැත්විණි. කාසිය වාසිය දිනාගත් පාකිස්තානයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරයුම් කරන ලදි.

සුපුරුදු ලෙස ආරම්භක පිතිකරුවන් යුගල ලෙස පිටියට පිවිසි තිලකරත්න ඩිල්ශාන් හා දිනේෂ් චන්දිමාල් පසුගිය තරඟ කිහිපයේම වු අසාර්ථකත්වයට නිමාවක් දෙමින් පාකිස්තානු පන්දු යවන්නන්ට දැඩි පිතිහරඹයක් දියත් කරන ලදි. ප්‍රථම පන්දුවාර 6 නිමා වනවිට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 44 ක් ලබා ‍ගෙන තරමක ස්ථාවර මට්ටමකට ශ්‍රී ලංකා කණ්ඩායම ගෙන ඒමට තිලකරත්න ඩිල්ශාන් හා දිනේෂ් චන්දිමාල් සමත්විය.එයින් නොනැවතී පාකිස්තානු පන්දු යවන්නන්ට රිසි සේ පිත්ත හැසිරවු දිනේෂ් චන්දිමාල් පන්දු 43 කදී තරඟාවලියේ දෙවන අර්ධ ශතකය හා ඔහුගේ T20 දිවියේ තෙවන අර්ධ ශතකය වාර්තා කරන ලදි. එයට සහය වු තිලකරත්න ඩිල්ශාන් තම දිවියේ 12වන අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. එ් සඳහා ඔහුට පන්දු 42ක් පමණක් වැය විය. මෙම තරඟාවලියේ ප්‍රථම කඩුල්ල නොදැවී ලකුණු 100 සීමාව පසුකර එකම කණ්ඩායමද ශ්‍රී ලංකාව විය. පාකිස්තානු කණ්ඩායමේ ප්‍රථම ගොදුර බවට දිනේෂ් චන්දිමාල් දැවී ගියේ 14 වන පන්දුවාරයේදීය, එවිට ශ්‍රී ලංකාව ලකුණු 110 ක් ලබා ගෙන සිටින ලදි. දිනේෂ් චන්දිමාල් දැවී යනවිට පන්දු 49 කට ලකුණු 58 ක් ලබා ගැනීමට, අලංකාරවත් 4 පහරවල් 7ක් හා එක් 6 පහරක් එල්ල කර තිබිණි. අනතුරුව පිටියට පැමිණි ‍ෂෙහාන් ජයසූරිය පන්දු 6 කදී ලකුණු 4 ක් ලබා සිටින විට දැවී යන ලදි. පන්දුවාර 17ක් අවසානයේ කඩුළු 2 ක් දැවී ලකුණු 125ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. අවසාන පන්දුවාර කිහිපය තුල

Sri Lanka cricketer Dinesh Chandimal (C) plays a shot as Pakistan wicketkeeper Sarfraz Ahmed (R) looks on during the Asia Cup T20 cricket tournament match between Pakistan and Sri Lanka at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on March 4, 2016. / AFP / MUNIR UZ ZAMAN
ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් පාකිස්තානයට ඒරෙහිව අාසියානු කුසලානයේ තරඟ කරමින් ©AFP

ක්‍රියාත්මක වු පාකිස්තානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා මැද පෙලේ සැබෑ ස්වරූපය පෙන්වමින් එක් පන්දුවාරයකදී කඩුළු 2ක් ලබා ගන්නා ලදි. චාමර කපුගෙදර ලකුණු 2කටද, දසුන් ශානක ලකුණු නොලබා ද දැවී යන ලදි. තවද මොහොමඩ් ඉර්ෆාන්, තිලකරත්න ඩිල්ශාන් විසින් ලබා දුන් උඩ පන්දු 2ක් අතහැරීමද කැපී පෙනිණි. අවසාන පන්දුවාර 3 තුල ලකුණු 25 ක් ලබා ගැනීමට හැකිවුයේ තිලකරත්න ඩිල්ශාන් නිසා වෙනි. මෙහිදී මැද පෙළ යොවුන් ක්‍රීඩකයන් ගේ දායකත්වය නිසි පරිදි නොලැබුනු බවද කිව යුතුමය. තිලකරත්න ඩිල්ශාන් නොදැවී පන්දු 56 කදී ලකුණු 75 ක් ගැනීමට, 4 පහරවල් 10 ක් හා  එක්  6 පහරක් සමඟින් තම ඉනිම වර්ණවත් කරගත් අතර, මිලින්ද සිරිවර්ධන නොදැවී ලකුණු 4ක් ගන්නා ලදි. පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 150 ක් ලබා ගැනීමට හැකි විය.පන්දු යැවීමේදී පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ඉර්ෆාන් පන්දුවාර 4 කදී ලකුණු 18 කට කඩුළු 2 ක්ද, වහබ් රියාස් පන්දුවාර 4 කදී ලකුණු 30 කට එක් කඩුල්ලක්ද, ෂොයිබ් මලික් එක් පන්දුවාරයකදී ලකුණු 3 කට එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් විය.

ලකුණු  150 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලකුණු 23 කදී දවාලීමට ෂෙහාන් ජයසූරිය සමත් විය. ඔහු පන්දු 11 කදී ලකුණු 14 ක්  ලබා ගැනීමට 4 පහරවල් 3 ක් එල්ල කරන ලදි. අනතුරුව පැමිණි සෆ්රාස් අහමඩ් සමඟ සහර්ජීල් කාන් ලකුණු 35 ක සබඳතාවක් එක් කල අතර ඔහු දැවී ගියේ තිලකරත්න ඩිල්ශාන් ගේ පන්දුවක් හමුවේය. ඔහු පන්දු 24 කදී,  4 පහරවල් 5 ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු  31 ලබා ගන්නා ලදි. ඉන් අනතුරුව පිවිසි උමාර් අක්මාල් සමඟ එක්වූ සෆ්රාස් අහමඩ් 3වන කඩුල්ලට ගොඩ නැගූ සබඳතාව ලකුණු 36 කට සීමා කරමින් සෆ්රාස් අහමඩ් දැවී ගියේ පන්දු 27 කදී ලකුණු 38 ක් ලබා ගෙනය. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගින් දිගටම පහරදුන් උමාර් අක්මාල් පන්දු 37 කදී ලකුණු 48 ක් ගෙන දැවී ගියේ තිසර පෙරේරා

Pakistan cricketer Umar Akmal plays a shot during the Asia Cup T20 cricket tournament match between Pakistan and Sri Lanka at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on March 4 , 2016. / AFP / MUNIR UZ ZAMAN
අාසියානු තරඟාවලියේ ශ්‍රී ලංකාවට ඒරෙහිව පකිස්තාන ක්‍රීඩක උමාර් අක්මාල් තරඟ වැදෙමින් ©AFP

රැකගත දක්ෂ උඩ පන්දුවත් සමඟිනි. නොදැවී පන්දුවට පහරදුන් ෂොයිබ් මලික් පන්දු 17 කදී ලකුණු 13 ක් ලබා ගෙන පන්දුවාර 19 යි පන්දු 2 කදී  කඩුළු  4 ක් දැවී  ලකුණු 151 ක් ලබා තරඟය ජයග්‍රහණය කරන ලදි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් , නුවන් කුලසේකර පන්දුවාර 4 කදී ලකුණු 20 කට එක් කඩුල්ලක්ද, තිලකරත්න ඩිල්ශාන් එක් පන්දුවාරයකදී ලකුණු 2 කට එක කඩුල්ලක්ද ,ෂෙහාන් ජයසූරිය එක් පන්දුවාරයකදී ලකුණු 13 කට එක් කඩුල්ලක්ද, මිලින්ද සිරිවර්ධන පන්දුවාර 2 කදී  ලකුණු 20 කට එක් කඩුල්ලක්ද ලෙස සටහන් කරමින් පාකිස්තානු කණ්ඩායමට කඩුළු 6 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි විය.

තරඟයේ වීරයා ලෙස උමාර් අක්මාල් සම්මාන දිනා ගන්නා ලදි.

මෙම තරඟය නැරැඹීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, අරවින්ද ද සිල්වා මහතා ,ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා අැතුලු සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකුම පැමිණ සිටියහ.

ආසියානු කුසලාන තරඟාවලිය නිමා කරමින්, මෙම තරඟය නිමා වීමත් සමඟ T20 ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ කරමින් මාර්තු මස 17 වැනි බ්‍රහස්පතින්දා,  B කාණ්ඩයෙන් තරඟාවලියට සුදුසුකම් ලබන කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම කොල්කටා හීදී තරඟ වැදීමට නියමිතය.