ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි සතිය ආරම්භ කරමින් පැවැති පළමු දිනයේ දී ගයාන් මනීශාන් සහ අදීශ තිලංචන දිනයේ කැපී පෙණෙන දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් බවට පත් වුණා.
Kurunegala Youth කණ්ඩායමේ ආරම්භක පිතිකරු ගයාන් මනීශාන් Tamil Union කණ්ඩායමට එරෙහි ව පන්දු 162කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 160ක් ලබා ගත්තා. එය ඔහුගේ 108ක් වන පළමු පෙළ තරගවල 13 වැනි ශතකයයි.
පන්දු යවන්නන් අතුරින් කැපී පෙණුන දක්ෂතා දැක් වූ Baduraliya කණ්ඩායමේ වමතින් මඳ වේග පන්දු යවන අදීශ තිලංචන දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ NCC කණ්ඩායමට එරෙහිවයි.
මේ අතර Panadura කණ්ඩායමේ ෂෙහාන් ජයසූරිය (69), Police කණ්ඩායමේ ධනුජ ඉඳුවර (60) සහ අශේන් බණ්ඩාර (නොදැවී 74), NCC කණ්ඩායමේ විනුක රූබසිංහ (77) සහ සහන් ආරච්චිගේ (76), Kurunegala Youth කණ්ඩායමේ සමීර සඳමාල් (නොදැවී 72) සහ BRC කණ්ඩායමේ රමින්ද විජේසූරිය (80) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
- 2025 වසරේ දී මැද මාවතක ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් දෙස නැවත හැරී බැලීමක්
- ලසිත් මාලිංගට නව වගකීමක්!
- Moors කණ්ඩායමට ඉනිමක ජයක්
A කාණ්ඩය
Bloomfield C & AC සහ Panadura SC අතර තරගය මග්ගොන, Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Bloomfield C & AC
- Panadura SC – පළමු කඩුලු 8ක් දැවී 213 (65.0)කංචන ද ලිවේරා 21, විශ්ව චතුරංග 33, ෂෙහාන් ජයසූරිය 69, දුශාන් විමුක්ති 40, දුලාජ් සමුදිත 2/48, රවිඳු ප්‍රනාන්දු 2/49, ජෙෆ්රි වැන්ඩර්සේ 2/50
Police SC සහ Nugegoda SW & C අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Nugegoda SW & C
- Police SC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 210 (58.0)ධනුජ ඉඳුවර 60, ප්‍රියමාල් පෙරේරා 23, අශේන් බණ්ඩාර නොදැවී 74, විශාද් රන්දික නොදැවී 41, නිපුන් මාලිංග 1/34
CCC සහ Chilaw Marian CC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – CCC
- Chilaw Marian CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 185 (120.5)තරිඳු අමරසිංහ 47, හිරාන් ජයසූන්දර 28, කසුන් විදුර 46, අසිත ප්‍රනාන්දු 4/31, නිශාන් පීරිස් 2/35, සොනාල් දිනූෂ 2/33
- CCC– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 62 (15.0)ලසිත් කෲස්පුල්ලේ 27, තික්ෂිල ද සිල්වා 3/30
CCC කණ්ඩායම තවත් ලකුණු 123ක් පිටුපසින්.
- මිලාන් පළමු පෙළ හොඳම පන්දු යැවීම වාර්තා කරයි
- SSC ක්‍රීඩකයෝ තෙවැනි ජයග්‍රහණයත් වාර්තා කරයි
- අශේන් බණ්ඩාර සහ මැතිව්ස් සුවිශේෂී කඩඉම්වලට
B කාණ්ඩය
NCC සහ Baduraliya SC අතර තරගය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Baduraliya SC
- NCC– පළමු ඉනිම කඩුලු 6ක් දැවී 244 (68.0)ලහිරු උදාර 47, විනුක රූබසිංහ 77, සහන් ආරච්චිගේ 76, අදීශ තිලංචන 5/67
Tamil Union C & AC සහ Kurunegala Youth CC අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Tamil Union C & AC
- Kurunegala Youth CC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 331 (80.0)ගයාන්මනීශාන් 160, ලක්ෂාන් එදිරිසිංහ 27, මනෝජ් සරත්චන්ද්‍ර 29, සමීර සඳමාල් නොදැවී 72, චමෝද් සඳරු නොදැවී 25, කවිඳු දිල්හාර 2/82, විජයකාන්ත් වියස්කාන්ත් 2/88
BRC සහ ACE Capital CC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – ACE Capital CC
- BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (105.3)හේෂාන් ධනුශ්ක ප්‍රනාන්දු 37, සමින්ද ප්‍රනාන්දු 20, ප්‍රමෝද් මදුවන්ත 23, රමින්ද විජේසූරිය 80, යසිරු රොද්‍රිගෝ 21, ඉසිත විජේසුන්දර 2/52, රොශාන් ජයතිස්ස 3/69, වනුජ සහන් 4/39
- ACE Capital CC– පළමු ඉනිම කඩුලු 3ක් දැවී 23 (11.0)
ACE Capital කණ්ඩායමට තවත් ලකුණු 210ක් පිටුපසින්.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















