NBA හි පළමු ක්‍රියාකාරී බිලියනපතියා ලෙබ්රෝන්

258
Sports Illustrated

Forbes (ෆෝබ්ස්) හි පළමු ක්‍රියාකාරී NBA බිලියනපතියා බවට පත්වීමට Lakers කණ්ඩායමේ ලෙබ්රෝන් ජේම්ස් සමත්ව තිබෙනවා. මෙතෙක් NBA පිටියෙන් බිලියනපතියන් බිහි වුනේ ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුවයි.

ලොව වැඩිම වැටුපක් ලබන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට ඔහු පත්ව ඇතැයි ෆෝබ්ස් සඟරාව පවසනවා. එහි පළමු තැන ගෙන ඇත්තේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී.

NBA හි MVP (Most Valuable Player – වටිනාම ක්‍රීඩකයා) යන සම්මානය සිව්වතාවක් දිනා ඇති ලෙබ්රෝන් පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 121.2ක ආදායමක් ක්‍රීඩාව තුළින් ද, ඉන් පිටතින් ඇ.ඩො. මිලියන 80ක මුදලක් ද උපයා ගෙන තිබෙනවා. ඉන් වැඩි ප්‍රමාණයක් වෙළඳ දැන්වීම් සහ සන්නාම ප්‍රවර්ධනයන් තුළින් උපයා ගත් මුදල්.

ඒත් සමඟින් ඔහුගේ මුළු වත්කම් වල ප්‍රමාණය ඇ.ඩො. බිලියනය ඉක්මවා තිබෙනවා. බිලියනයක් යනු මිලියන 1000ක අගයක්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<