ලසිත් මාලිංගට නව වගකීමක්!

ICC T20 World Cup 2026

217

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක වේගපන්දු පුහුණුකරු ලෙස හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මහතා පත් කර තිබෙනවා. 

ඔහුගේ මෙම වගකීම් ධුර කාලය පසුගිය දෙසැම්බර් මස 15 වැනි දා සිට, එළඹෙන ජනවාරි 25 දක්වා බලපැවැත්වෙනු ඇති අතර, මෙහි දී ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු යවන්නන් ව එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් සූදානම් කිරීමේ වගකීම දරනු ඇති. 

මාලිංග යනු විස්සයි විස්ස තරග රටාවේ දී අති විශාල අත්දැකීම් ඇති පන්දු යවන්නකු වන අතර, විශේෂයෙන්ම ඉනිමක අවසන් පන්දුවාර කිහිපය ක්‍රියාත්මක කිරීම පිළිබඳ හසල දැනුමක් ඇත්තෙකු ලෙස ලෝක මට්ටමින් පිළිගැනීමට ලක් වූ ක්‍රීඩකයෙක්. 

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය පෙබරවාරි මස 07 වැනි දා ආරම්භ වීමට නියමිත අතර, මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි. 

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<