ඉන්දියාවට යන ශ්‍රී ලංකා කාන්තා T20 සංචිතය ප්‍රකාශයට පත් කරයි

Sri Lanka Women’s Tour Of India 2025

52

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

විස්සයි විස්ස තරග පහකින් සමන්විත මෙම තරගාවලියට නම් කළ 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තු හට හිමි වී තිබෙනවා. 

එමෙන්ම කණ්ඩායමේ උපනායකත්වය හර්ෂිතා සමරවික්‍රම හට හිමි වී තිබෙනවා. 

ශ්‍රී ලංකා සංචිතය; 

චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, හර්ශිතා සමරවික්‍රම (උපනායිකා), නිලක්ශිකා ද සිල්වා, කවීශා දිල්හාරි, ඉමේෂා දුලනි, කෞශිනී නුත්‍යාංගනා, මල්ෂා ශෙහානි, ඉනෝකා රණවීර, ශෂිනි ගිම්හානි, නිමේෂා මදුශානි, කාව්‍යා කාවින්දි, රශ්මිකා සෙව්වන්දි, මල්කි මදාරා 

දෙරට අතර තරගාවලිය එළඹෙන 21 ආරම්භ වීමට නියමිත අතර, එතැන් පටන් පිළිවලින් 23, 26, 28 සහ 30 ඉතිරි තරග පැවැත්වීමට නියමිතයි. 

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<