නුවනිඳු, චරිත් සහ එශාන් දක්ෂතා දක්වයි

SLC T20 League 2025

159
SLC T20 League 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන විස්සයි විස්ස League ක්‍රිකට් තරගාවලියේ 2 වැනි තරගයෙන් ලකුණු 24ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Greys ක්‍රීඩකයෝ අද (08) සමත් වෙනවා.

ඒ සමඟින් මෙම තරගයේ ප්‍රතිවාදීන් වූ Team Blues ක්‍රීඩකයෝ මෙම තරගාවලියේ තමන් සහභාගී වූ තරග ද්විත්වය ම පරාජයට පත් වෙනවා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැති අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් Team Blues ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තා. ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි  Team Greys ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 192ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි Team Blues ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් පමණයි.

Team Blues

 

දුනිත් වෙල්ලාලගේ (නායක), පැතුම් නිස්සංක, විශේන් හැළඹගේ, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, අහන් වික්‍රමසිංහ (කඩුලු රකින්නා), දසුන් ශානක, ජෙෆ්රි වැන්ඩර්සේ, අකිල ධනංජය, මතීෂ පතිරණ සහ ඩිල්ශාන් මදුශංක.

Team Greys

 

චරිත් අසලංක (නායක), නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), දිනේෂ් චන්දිමාල්, ලහිරු උදාර, නුවනිඳු ප්‍රනාන්දු, චමිඳු වික්‍රමසිංහ, රමේෂ් මෙන්ඩිස්, විජයකාන්ත් වියස්කාන්ත්, මහීෂ් තීක්ෂණ, එශාන් මාලිංග සහ බිනුර ප්‍රනාන්දු.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Greys කණ්ඩායමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 15ක් වෙද්දී දැවී යනවා. අනතුරු ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලහිරු උදාර සහ නුවනිඳු ප්‍රනාන්දු එක් ව පන්දු 35ක දී ලකුණු 50ක් එක් කිරීමට සමත් වෙනවා.

ඔවුන් අතුරින් ලහිරු උදාර පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු ලකුණු 41ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

අනතුරු ව පිටියට නුවනිඳු ප්‍රනාන්දුට එක් වුණේ නායක චරිත් අසලංක. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 59ක් ලබා ගන්නවා. Greys ඉනිම අවසන් වීමට තවත් පන්දු 3ක් තිබිය දී චරිත් අසලංක දැවී යන විට සිව් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 72ක දී ලකුණු 122ක සබඳතාවක් එක් කිරීමට සමත් වෙනවා.

Greys ඉනිම අවසන් වන විට නුවනිඳු ප්‍රනාන්දු පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 70ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ධනංජය ද සිල්වා, මතීෂ පතිරණ, අකිල ධනංජය සහ ඩිල්ශාන් මදුශංක කඩුල්ලක් බැගින් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක සහ විශේන් හැළඹගේ වේගවත් ආරම්භයක් ලබා ගන්නවා. ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 27ක දී ලකුණු 38ක් එක් කරනවා. පළමු කඩුල්ල ලෙසින් පැතුම් නිස්සංක දැවී යන අතර ඔහු ඒ වන විට පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගෙන සිටියා.

අනතුරු ව 2 වැනි කඩුල්ල වෙනුවෙන් විශේන් හැළඹගේ සහ කුසල් පෙරේරා එක් ව පන්දු 9ක දී ලකුණු 24ක් Blues ඉනිමට එක් කරනවා. විශේන් හැළඹගේ පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

කුසල් පෙරේරා පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා සිටිය දී 3 වැනි කඩුල්ලට දැවී යන අතර ඊට පසු පන්දුවේ දී අහන් වික්‍රමසිංහ ලකුණු නොලබා ම දැවී යනවා.

 Blues ඉනිමේ මැදි පෙළින් පිටියට පිවිසි දසුන් ශානක පන්දු 22ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා ගනිමින් වැදගත් සේවයක් සැලසූව ද අය තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට තරම් ප්‍රමාණවත් වූයේ නැහැ.

ඔහුට අමතර ව ධනංජය ද සිල්වා පන්දු 18ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් ද සහ නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 13කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 11ක් ද Blues ඉනිමට එක් කළා.

පන්දු යැවීමේ දී එශාන් මාලිංග ලකුණු 42කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව බිනුර ප්‍රනාන්දු ලකුණු 36කට කඩුල්ලක් ද සහ මහීෂ් තීක්ෂණ කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Greys – සියලුම දෙනා දැවී 192 (20.0) ලහිරු උදාර 41, නුවනිඳු ප්‍රනාන්දු 41, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 70, චරිත් අසලංක 59

Team Blues – කඩුලු 8ක් දැවී 168 (20.0) පැතුම් නිස්සංක 20, විශේන් හැළඹගේ 35, කුසල් පෙරේරා 33, දසුන් ශානක 31, බිනුර ප්‍රනාන්දු 3/36, එශාන් මාලිංග 4/42

Greys කණ්ඩායමට කඩුලු 24ක ජයක්.

මෙම තරගාවලියේ Greys සහ Greens අතර තරගය මේ මස 10 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<