පාපන්දු ක්‍රීඩකයින්ට අවසන් වරටත් අවස්ථාවක්

449

ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයට ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා වූ තෝරා ගැනීමේ තරග පසුගිය දා නිමා වූ අතර ඊට සහභාගී වීමට නොහැකි වූ ක්‍රීඩකයින් සඳහා තවත් එක් අවසන් අවස්ථාවක් ලබා දීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර ඇත.

තවත් පාපන්දු නායකයෙක් කණ්ඩායම මාරු කරයි!

දැවැන්ත පාපන්දු ලීග් තරගාවලියක් වන ඩයලොග් ශූරයින්ගේ පාපන්දු තරගාවලිය ආරම්භයට ප්‍රථම ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කණ්ඩායම් මාරු කරන පුවත් පසුගිය දින…

අදාළ තෝරා ගැනීමේ තරග අප්‍රේල් මස 2, 3 සහ 4 වැනිදා බැද්දෙගාන පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිත අතර මේ සඳහා උනන්දුවක් දක්වන ක්‍රීඩකයින්ට 2 වැනිදා උදෑසන 6 වන විට අදාළ ස්ථානයට පැමිණෙන මෙන් දන්වා සිටී.

“අපි මේ අතිරේක තෝරා ගැනීමේ තරග වටයක් පවත්වන්නේ පසුගිය දා පැවති තරගවලට ආබාධ නිසා හෝ වෙනයම් හේතුවක් නිසාවෙන් සහභාගී වීමට නොහැකි වූ ක්‍රීඩකයින් වෙනුවෙනුයි. එමෙන්ම පසුගිය දා මහනුවර සහ දිගන පැවති කලබලකාරී තත්වය නිසාවෙන් අගනුවරට ළඟා වීමට නොහැකි වූ ක්‍රීඩකයින් ද වෙනුවෙනුයි.” යැයි ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ කළමනාකරු සුනිල් සේනාවීර මහතා ThePapare.com වෙත අදහස් දක්වමින් පැවසීය.

ජාතික කණ්ඩායම් පුහුණු නිලධාරින් විසින් තෝරා ගැනීමේ තරග වට 5ක් උතුර සහ නැගෙනහිර පළාත් ද කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූයේ මීට සති කිහිපයකට ඉහත දීය.

පෙලිකන්ස් නායකයා කණ්ඩායම මාරු කරයි

පසුගිය වර්ෂයේ පෙලිකන්ස් ක්‍රීඩා සමාජයේ නායකත්වය දැරූ චරිත රත්නායක මේ වසරේ පැවැත්වෙන ඩයලොග් අන්තර් සමාජ ලීග් පාපන්දු තරගාවලියේ දී වත්මන් ශූරයින්…

“ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුතු මූලික සංචිතය අපි එළඹෙන 6 වැනිදා වන විට නිකුත් කරන්න සැලසුම් කරන් ඉන්නවා. ඒත් සමඟින්ම තවත් ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් සමන්විත B කණ්ඩායම ද එදිනම ප්‍රකාශයට පත්කරන්න නියමිතයි” යනුවෙන් සේනාවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එළඹෙන සැප්තැම්බර් මස 4 වැනිදා සිට 15 වැනිදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු පාපන්දු සම්මේලන ශූරතා තරගාවලිය (SAFF) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන සංචිතයට ක්‍රීඩකයින් තෝරා ගැනීම මෙහි අරමුණක් වේ.  

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<