ඩින්කා පීරිස් තවදුරටත් රග්බි විනිසුරු මුල් පුටුවේ

Sri Lanka Society of Rugby Football Refrees

502

ශ්‍රී ලංකා රග්බි විනිසුරුවරුන්ගේ සංගමයේ (SLSRFR) සභාපති ධුරය තවදුරටත් හිටපු ජ්‍යෙෂ්ඨ රග්බි විනිසුරු ඩින්කා පිරීස් මහතාට ම හිමි වී තිබෙනවා. 

අද (13) පැවැත්වුණු SLSRFR වාර්ෂික සමුළුවේ දී ඉදිරි කාල සීමාව සඳහා නිළදාරීන් තෝරා ගැනීමේ නිලවරණයෙන් ඔහු නැවතත් මෙම තනතුරට තේරී පත් වුනා. 

මේ අතර සංගමයේ උප සභාපතිවරුන් ලෙස ඉ‍ශාද් කාදර් සහ ප්‍රියන්ත ගුණරත්න යන මහත්වරුන් තේරී පත් වූ අතර සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස ජෙෆ්‍රි ශහිඩ් සහ භාණ්ඩාගාරික ලෙස මාධව විජේසිරි යන මහත්වරුන් තේරී පත් වුනා. 

2024/25 කාල සීමාව සඳහා සංගමයේ වගකීම් මෙසේයි; 

  • සභාපති – ඩින්කා පීරිස් 
  • උප සභාපති – ඉශාඩ් කාදර් 
  • උප සභාපති – ප්‍රියන්ත ගුණරත්න  
  • භාණ්ඩාගාරික – මාධව විජේසිරි 
  • ප්‍රධාන ලේකම් – ජෙෆ්‍රි ශහිඩ්  

පසුගිය කමිටු සාමාජිකයින්  

  • රොහාන් ප්‍රනාන්දු 
  • ප්‍රදීප් විල්සන් 

කමිටු සාමාජිකයින් 

  • අනිල් මංගල 
  • දීපාල් පුන්‍යවර්ධන 
  • තෝමස් පෝල් 
  • මොහොමඩ් ෆයිසාල් 

දේශීය රග්බි පිටියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<