මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආබාධ ලැයිස්තුව තවත් ඉහළ දමමින් තවත් Royal Challengers Bangalore නියෝජනය කරන විදෙස් ක්‍රීඩක Reece Topley ආබාධයට ලක්ව තිබෙනවා.
Mumbai Indians සමඟ පැවති තරගයේ දී ඔහු ආබාධයකට ලක්වනු දක්නට ලැබුණු අතර ඔහුගේ උරහිස ප්‍රදේශය ආබාධයට ලක් ව තිබෙන බව පසුව තහවුරු වුනා.
මේ පිළිබඳ අදහස් දක්වමින් RCB ප්‍රධාන පුහුණුකරු ප්‍රකාශ කළේ ක්‍රීඩකයා (Topley) සුවයෙන් පසු වන නමුත් ඔහු පිළිබඳ ප්‍රකාශයක් කිරීමට වෛද්‍ය පරීක්ෂණ වාර්තා පැමිණෙන තුරු රැඳී සිටීමට සිදු වන බවයි.
“අවාසනාවන්ත ලෙස ඔහුගේ පාදය පිටියේ හිර වෙලා උරහිස ප්‍රදේශය බිම වැදුණා. ඒ නිසා ඔහුගේ උරහිස විසන්දි (dislocated) වීමකට ලක් වුනා. නමුත් එය නැවත සැකසීමට වෛද්‍යවරුන් කටයුතු කරලා තියෙන්නේ.
ඔහුව දැන් පරීක්ෂණවලට යොමු කරලා තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා පරීක්ෂණ ප්‍රතිඵල ඉක්මනට ඇවිත් ඔහුට නැවතත් අපි සමඟ එකතු වෙන්න ලැබෙයි කියලා.”
- Chahalගෙන් වාර්තාවක්!
- Gujarat Titans සුපිරි පිතිකරුවාට තරගාවලිය අහිමි වෙයි
- භානුකගේ මංගල අර්ධ ශතකය Punjab දිනවයි
- Punjab Kings කණ්ඩායමට Bairstowව අහිමි වෙයි
- චෙන්නායි කඳවුර දෙදරවමින් ගියවර ශූරයින්ගෙන් ජයග්‍රාහී ආරම්භයක්
RCB කණ්ඩායමේ දකුණත් පිතිකරු Rajat Patidar සහ වේගපන්දු යවන ක්‍රීඩක Josh Hazlewood මීට පෙර ආබාධයකට ලක් වූ අතර Patidarට තරගාවලියේ මුල් භාගය සහ Hazlewoodට පළමු තරග හත මඟ හැරෙන බව වාර්තා වෙනවා.
මෙවර තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් Mumbai Indians පරදවා කඩුලු 8ක පහසු ජයක් ලබා ගැනීමට RCB ක්‍රීඩකයින්ට හැකි වූ අතර එය ඔවුන් Mumbai Indians පරාජය කරමින් නොකඩවා ලැබූ සිව්වැනි ජයග්‍රහණය වීම ද විශේෂත්වයක්.
මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
Times of India ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<