
ලෝක ලීග් ක්‍රිකට් පිටියේ වැඩි අවධානයක් දිනා ගනිමින් මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (01) පැවති පළමු තරගයෙන් Kolkata Knight Riders ක්‍රීඩකයින් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 7කින් පරාජය කිරීමට Punjab Kings කණ්ඩායමට හැකි වුනා.
මොහාලි හී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Knight Riders නායක Nitish Rana පළමුවෙන් පන්දුවට පහර දීමට Punjab Kings ක්‍රීඩකයින්ට ආරාධනා කළා.
සිය නායකයාගේ තීරණයට උපරිම සාධාරණය ඉටු කරමින් Punjab පළමු කඩුල්ල ලකුණු 23 දී දවා ගැනීමට Tim Southee හැකි වුනේ Prabhsimran Singh ලකුණු 23කට පිටියෙන් ඉවත් කරමිනුයි.
ඉන්පසුව පිටියට එක් වූ භානුක සමඟ එක්ව නායක Shikhar Dhawan දෙවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 76ක්. කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ භානුක පන්දු 32ක් තුළ ලකුණු 50ක් රැස් කළා.
එය ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් පිටියේ වාර්තා කළ පළමු අර්ධ ශතකය වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර පහක් ඇතුළත් වුනා.
පන්දු 11ක් තුළ ලකුණු 26ක් ලබා සිටි Jitesh Sharma, Southeeගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ලකුණු 40ක් ලබා සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි Shikhar Dhawan දැවී ගියේ Varun Chakaravarthyගේ පන්දුවක් හමුවේයි.
කණ්ඩායමට අවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක වෙමින් Sikandar Raza (13), Sam Curran (26*) සහ Shahrukh Khan (11) රැස් කළ ඉනිම් නිසා නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 191ක් ලබා ගැනීමට Punjab Kings ක්‍රීඩකයින්ට හැකි වුනා.
- Punjab Kings කණ්ඩායමට Bairstowව අහිමි වෙයි
- චෙන්නායි කඳවුර දෙදරවමින් ගියවර ශූරයින්ගෙන් ජයග්‍රාහී ආරම්භයක්
- මාර්තු 31 වැනිදා සිට ඇරඹෙන IPL උන්මාදය!
- දුවන්න කරන්න කම්මැළි ද?; කමක් නැහැ මෙන්න IPL වලින් විසඳුමක්!
- Smith ආයෙත් IPL එයි; KKR රසිකයින් කුල්මත් වෙයි!
ලකුණු 192ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි Kolkata Knight Riders කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 17ක් තුළ දවා ගැනීමට Punjab පන්දු යවන්නන්ට හැකි වුනේ හොඳ ආරම්භයක් ලබා දෙමිනුයි.
ආරම්භයේ දී ගරා වැටුණු KKR ඉනිම ශක්තිමත් කිරීමට උත්සාහ කළ Rahmanullah Gurbaz ලකුණු 22කට දවා ගැනීමට Nathan Ellisට හැකි වුනේ ලකුණු 29ක් වන විට KKR තෙවැනි පිතිකරුවාත් ක්‍රීඩාගාරයට හරවා යවමිනුයි.
සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 36ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අනතුරුව නායක Rana ලකුණු 24කට දැවී ගිය අතර Rinku Singhට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 4ක් පමණයි.
KKR ක්‍රීඩකයින්ට යම් බලාපොරොත්තුවක් ගෙන දෙමින් පන්දු 19ක් තුළ ලකුණු 35ක් ලබා ගැනීමට කොදෙව් ක්‍රීඩක Andre Russellට හැකි වූවත්, පන්දුවෙන් ද දස්කම් දැක්වූ Sam Curranගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියා.
ලකුණු 38ක් ලබා සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි Venkatesh Iyer දවා ගැනීමට Punjab ක්‍රීඩකයින්ට හැකි වීමත් සමඟ 16 වැනි පන්දුවාරයේ දී ඇදවැටුණු වර්ෂාව නිසා තරගය නතර කිරීමට විනිසුරුවන් තීරණය කළා.
ඒ වන විට KKR ක්‍රීඩකයින් කඩුලු 7ක් දැවී ලකුණු 146ක් ලබා සිටියත්, තරගය නැවත ආරම්භ කිරීමට නොහැකි වූ නිසා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව තරගයෙන් ලකුණු 7ක ජයක් ලබා ගැනීමට Punjab Kings ක්‍රීඩකයින්ට හැකි වුනා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ තවත් තරගයක් අද (01) Lucknow Super Giants සහ Delhi Capitals අතර පැවැත්වීමට නියමිතයි. එම තරගය ඇතුළු සමස්ත තරගාවලිය සජීවිව ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්. තරගාවලියේ උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<