ගෙවුනු දවස ජුනි 18 – පාසල් රග්බි සංග්‍රාමයේ අදියරක් නිමයි

639
Sri Lanka Sports news last day summary june 18

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින් ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

රග්බි –->

ඉසිපතන විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය

පාසල් රග්බි පිටියේ 9 වැනි සතියේ පැවැත්වු දැවැන්තම තරගය වන්නේ ඉසිපතන විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර තරගයයි. මන්දයත් මේ දක්වා අපරාජිකත්වයේ කිරුල දරා සිටින පාසල් දෙකක් සිය අපරාජිකත්වයේ කිරුල වෙනුවෙන් කරට කර තරග වැදීමයි. තරගය 18 වැනි සෙනසුරාදා කොළඹ CR & FC ක්‍රීඩා පිටියේදි පැවැත්වු අතර තරගය විජයග්‍රහණය කරමින් ඉසිපතනය, තෝමසුවන් පරාජය කරවීමට සමත් විය.

පළමු අර්ධය – ඉසිපතන විද්‍යාලය 20 : 12 ශාන්ත තෝමස් විද්‍යාලය

ඉසිපතන විද්‍යාලය 28 (3T, 2C, 3P) : 24 (4T, 2C) ශාන්ත තෝමස් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: වගීෂ වීරසිංහ

තරග තීරක: ඉර්ෂාඩ් කාඩර්

සම්පූර්ණ ලිපිය: ඉසිපතනය ඩැහැගත් තෝමසුවන්ගේ අපරාජිකත්වය – 9වැනි සතිය

ත්‍රිත්ව විද්‍යාලය සහ ශාන්ත පීතර විද්‍යාලය

සිංගර් පාසල් රග්බි ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් අද (18) මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අතර මහනුවර පල්ලේකැල් ක්‍රීඩාංගනයේදි පැවැත්විනි. එහිදි අාරාධිත පාසල වු ශාන්ත පීතර විද්‍යාලය ලකුණු 29 – 20 ලෙස ජයග්‍රහනය කිරීමට සමත් විය.

ප්‍රථම අර්ධය – ශාන්ත පීතර විද්‍යාලය 13 : 15 ත්‍රිත්ව විද්‍යාලය

ශාන්ත පීතර විද්‍යාලය 29 (3T 1C 4P) : 20 (3T 1C 1P) ත්‍රිත්ව විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: ස්ටෙෆාන් සිවරාජ්

තරග තීරක: ඩි. නාමල්

සම්පූර්ණ ලිපිය: ඉසිපතනය ඩැහැගත් තෝමසුවන්ගේ අපරාජිකත්වය – 9වැනි සතිය

ශාන්ත අැන්තෝනි විදුහල සහ වෙස්ලි විදුහල

පාසල් රග්බි ලීග් තරගාවලියේ ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය හමුවන අවසන් තරගය අද මහනුවර නිත්තවෙලදි පැවැත්විනි. එහිදි එක් ලකුණක තියුණු ජයක් ලබා ගැනීමට අන්තෝනි විද්‍යාලය සමත් විය.

ප්‍රථම අර්ධය: ශාන්ත අන්තෝනි විදුහල 13 : 19 වෙස්ලි විදුහල

ශාන්ත අන්තෝනි විදුහල 23 (2T,2C,2P,1D) : 19 (3T,2C,1P) වෙස්ලි විදුහල

ThePapare.com තරගයේ වීරයා: සැමුඑල් මධුවන්ත

තරග තීරක: එස්. එන්. මුතුමල

සම්පූර්ණ ලිපිය: ඉසිපතනය ඩැහැගත් තෝමසුවන්ගේ අපරාජිකත්වය – 9වැනි සතිය

විද්‍යා විද්‍යලය සහ රාජකීය විද්‍යාලය

නිමා වු රග්බි ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් වු ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය අද (18) හැව්ලොක්ස් ක්‍රීඩා පිටියේදි පැවැත් විනි. එහිදි ලකුණු 29 – 22 ලෙස රාජකීයයෝ තරගය ජයග්‍රහනය කිරීමට සමත් විය. පසුගිය සතියේ මෙම පාසල් දෙකම සහභාගී වු තරග දෙකම පාරජයෙන් කෙලවර විනි.

ප්‍රථම අර්ධය: විද්‍යා විද්‍යාලය 10 : 15 රාජකීය විද්‍යාලය

විද්‍යා විද්‍යාලය 22 (4T, 1C): 29 (5T, 2C) රාජකීය විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා:  අශෝක් විජේකුමාර්

සම්පූර්ණ ලිපිය: ඉසිපතනය ඩැහැගත් තෝමසුවන්ගේ අපරාජිකත්වය – 9වැනි සතිය


ක්‍රිකට් –->

කුසල්, ප්‍රසන්න, ධනුශ්ක වැඩ පෙන්වයි.

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟාවලියට සමගාමීව අයර්ලන්තය සමඟ පැවැත්වෙන, අන්තර් ජාතික එක්දින තරඟ දෙකේ දෙවන හා අවසන්  තරඟය අද (18) අයර්ලන්තයේ ඩබ්ලින් හිදී පැවැත්විණි. මෙම තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 136 කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම – 377-8 (50) කුසල් පෙරේරා 135, සීකුගේ ප්‍රසන්න 95, ධනුෂ්ක ගුණතිලක 63, ෆර්විස් මහරූෆ් 29, ඇන්ජලෝ මැතිව්ස් 24 , ජේම්ස් මර්ටාග් 3/66, ජෝන් මැකාති 2/52

අයර්ලන්ත කණ්ඩායම – 241 -10 (45) ඇන්ඩෘ මැක්බ්‍රයන් 79, විලියම් පොයින්ටර් 36, ජෝන් ඇන්ඩරසන් 34, පෝල් ස්ටයිරින් 22 සුරංග ලක්මාල් 4/38 , සීකුගේ ප්‍රසන්න 2/32

සම්පූර්ණ ලිපිය: කුසල් සහ ධනුශ්කගෙන් සාර්ථක අාරම්භයක්

පෙරේදා දිනයේ (17) ගෙවුනු දිනය ලිපිය පළකිරීමට නොහැකි වීම පිළිබදව මා කනගාටු වෙමි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න

දවසේ නිමාව