චාමික කරුණාරත්න ජාත්‍යන්තර ලීග් තරගාවලියට

ජාත්‍යන්තර ලීග් විස්සයි විස්ස තරගාවලිය 2023

2555

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිතව ඇති ජාත්‍යන්තර ලීග් තරගාවලියේ Dubai Capitals කණ්ඩායම සඳහා ශ්‍රී ලාංකික තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ගිවිසුම් ගත කරගෙන තිබෙනවා.

චාමික එලෙස එම තරගාවලියට එක් වන්නේ ආබාධයට ලක් වූ ශ්‍රී ලාංකික වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරගේ ආදේශක ක්‍රීඩකයා ලෙස වීම විශේෂත්වයක්.

පළමු වරට පැවැත්වීමට නියමිත මෙම ජාත්‍යන්තර ලීග් විස්සයි විස්ස තරගාවලිය මෙම මස 13 සිට පෙබරවාරි 12 දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් සහභාගී වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<