ශ්‍රී ලංකා ‘A’ ක්‍රීඩකයින්ට කාර්යය බහුල සමයක්

එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

936

ශ්‍රී ලංකා ‘A’ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව නිල නොවන සිව්දින ටෙස්ට් තරග දෙකකට සහ නිල නොවන එක්දින තරග 3 කට සහභාගී වීම සඳහා එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායම ජනවාරි 21 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

සිව්දින තරගාවලියෙන් ආරම්භ වන මෙම තරගාවලියට පෙර එංගලන්ත ලයන්ස් කණ්ඩායම තුන්දින සිව්දින තරගයකට සහභාගී වීමට නියමිත අතර එම තරගය ජනවාරි 25 වැනිදා සිට 27 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇති.

ඉන් අනතුරුව පැවැත්වෙන පළමු සිව්දින තරගය ජනවාරි 31 වැනිදා සිට පෙබරවාරි 3 දක්වා පැවැත්වීමට නියමිත අතර එහි දෙවැන්න පෙබරවාරි 07 වැනිදා සිට 10 දක්වා පැවැත්වෙනු ඇත.

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත සිව්දින තරග දෙක අවසන් වුනු වහාම තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය පෙබරවාරි 15, 18 සහ 21 යන ‌දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

මේ තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා මූලික සංචිතය මේ වන විට සිය පුහුණුවීම් ආරම්භ කර තිබෙන නමුත් නිල සංචිතය තවමත් නම් කර නැහැ.

තරග කාලසටහන,

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<