ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව සාමාජිකයෙක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

4063

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන භෞතචිකිත්සක ලෙස ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි Chris Clarke-Irons පත් කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

නැගෙනහිර ලන්ඩන් විශ්ව විද්‍යාලයේ භෞතචිකිත්සාව පිළිබඳව ගෞරව උපාධියක් සම්පූර්ණ කර ඇති Chris Clarke-Irons මීට පෙර Essex ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන භෞතචිකිත්සකවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

ඔහු එංගලන්ත කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ එක්දින සංචාරයක නිරත වූ අතරවාරයේ එංගලන්තය සමඟ සබඳතා පවත්වා ඇති අතර එංගලන්ත වේගපන්දු වැඩසටහනේ භෞතචිකිත්සකයෙකු ලෙස ද ඔහු කටයුතු කළා.

Chris Clarke වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වීමට නියමිතව ඇති අතර ඔහු හෙටින් (03) ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගාවලියේ සිට නිල වශයෙන් සිය රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි.

එක්දින තරග තුනකින් සහ විස්සයි විස්ස තරග දෙකකින් යුත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගාවලිය හෙට (03) සිට ජනවාරි 15 දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<