නව ස්ථාන සහ නව ක්‍රමයක් යටතේ පැවැත්වෙන 2024 ලෝක කුසලානය

විස්සයි විස්ස ලෝක කුසලානය 2024

4185

නව තරග ආකෘතියක් යටතේ සහ වැඩි කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගී කරගනිමින් පැවැත්වීමට නියමිත 2024 විස්සයි විස්ස ලෝක කුසලානය ඉතිහාස ගත වන තරගාවලියක් වනු නොඅනුමානයි.

තරගාවලියේ සම සත්කාරකත්වය දරමින් බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයට හැකි වුනා.

ඇමරිකා එක්සත් ජනපදය විස්සයි විස්ස ලෝක කුසලානයකට සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙය වන අතර ඇමරිකාව ප්‍රමුඛ පෙළෙහි ක්‍රිකට් තරගාවලියකට (ලෝක කුසලාන) සත්කාරකත්වය දරන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

කණ්ඩායම් 20ක් සමඟ පැවැත්වෙන මෙම තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයට පෙර වට දෙකක් පැවැත්වීමට නියමිතව ඇති අතර එය නිමා වූ ලෝක කුසලානය පැවැත්වූ සුපිරි 12 වටයට වඩා වෙනස් ක්‍රමයකින් ක්‍රියාත්මක වීමට නියමිතයි.

මුල් වටයේ දී කණ්ඩායම් 20 එක් කාණ්ඩයකට කණ්ඩායම් පහ බැගින් කාණ්ඩ 4කට වෙන් කර ඇති අතර ඒ අතරින් පළමු ස්ථාන දෙකේ පසුවන කණ්ඩායම් සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබයි.

සුපිරි අට දෙනාගේ වටයේ දී එම කණ්ඩායම් කාණ්ඩ දෙකකට වෙන් කර ඇති එක් එක් කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් ද්විත්වය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

මේ සියල්ලට පෙර කණ්ඩායම් 20 තෝරා ගත යුතු වනවා.

2024 විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගන්නා ආකාරය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇමරිකා එක්සත් ජනපදය පළමුවෙන්ම තරගාවලියට සුදුසුකම් ලබා ගත් අතර අනෙක් කණ්ඩායම් 10 2022 ලෝක කුසලානයේ සහ නොවැම්බර් 14 දිනට කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ඔස්සේ සුදුසුකම් ලබා ගත්තා.

2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ එක් එක් කාණ්ඩයේ පෙරමුණේ සිටි කණ්ඩායම් 4 එලෙස සුදුසුකම් ලබද්දී බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ඔස්සේ සුදුසුකම් ලැබුවා.

කණ්ඩායම සුදුසුකම් ලැබූ ආකාරය
West Indies සත්කාරක
USA සත්කාරක
Australia 2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන්
England 2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන්
India 2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන්
Netherlands 2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන්
New Zealand 2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන්
Pakistan 2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන්
South Africa 2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන්
Sri Lanka 2022 T20WC top eight finish
Afghanistan ශ්‍රේණිගත කිරීම් ඔස්සේ
Bangladesh  ශ්‍රේණිගත කිරීම් ඔස්සේ

ක්‍රිකට් ක්‍රීඩාව ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ 2024 තරගාවලියට තවත් කණ්ඩායම්වලට ඉඩ දීමට ජාත්‍යන්තර ක්‍රිකට් සංගමය තීරණය කර තිබුණා.

ඒ අනුව කලාපීය සුදුසුකම් ලැබීමේ තරගවලින් එම කණ්ඩායම්  තෝරා ගැනීමට නියමිතයි.

කලාපය සුදුසුකම් ලැබීමේ ස්ථාන
Africa Two
Americas One
Asia Two
East Asia-Pacific One
Europe Two

අප්‍රිකානු කලාපය

සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් ගණන: 02

දකුණු අප්‍රිකාව තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමත් සමග 2024 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට වැඩිම ඉඩක් පවතින්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි.

එම කලාපයේ සුදුසුකම් ලබා ගන්නා අනෙක් කණ්ඩායම වීමට නැමීබියාවට වැඩි ඉඩක් ඇතත් උගන්ඩා සහ කෙන්යා කණ්ඩායම් ද වෙනසක් කළ හැකි කණ්ඩායම් වේ.

ඇමරිකානු කලාපය

සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් ගණන: 01

2022 සුදුසුකම් ලබා ගන්නා තරගාවලියේ දී අවාසනාවන්ත ලෙස සිය ස්ථානය අහිමි වූ කැනඩා ක්‍රීඩකයින් මෙම සුදුසුකම් ස්ථානය දිනා ගැනීමට වැඩිම ඉඩක් ඇති කණ්ඩායමයි.

මෑත කාලයේ ඉහළ දස්කම් දක්වන ඔවුන් පරාජය කිරීමට හැකි වුනේ ඇමරිකානු කණ්ඩායමටයි පමණයි.

ආසියානු කලාපය

සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් ගණන: 02

සුදුසුකම් ලබා ගැනීමේ කලාප අතරින් ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීමට අසීරුම කලාපය ආසියානු කලාපයයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය සහ ඕමානය මෙම කාණ්ඩයේ ප්‍රබලයින් ලෙස හැඳින්වීමට හැකි වූවත් සිංගප්පූරුව, මැලේසියාව, හොංකොං, කටාර් සහ බහරේන් වැනි කණ්ඩායම් ද තරගයක් ලබා දිය හැකි කණ්ඩායම් වේ.

නැගෙනහිර ආසියා පැසිෆික් කලාපය

සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් ගණන: 01

මෙම කලාපය සැලකීමේ දී සිය සුදුසුකම ලබා ගැනීමට පැපුවා නිව් ගිනියා කණ්ඩායමට බොහෝ අවස්ථාවක් ඇත.

මෙම කාණ්ඩයේ ඔවුන්ට අමතර ජපානය, පිලිපීනය වැනි කණ්ඩායම් ද නියෝජනය කරනවා.

යුරෝපා කලාපය

සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් ගණන: 02

ආසියානු කලාපයට වඩා තරගකාරීම කලාපය ලෙස යුරෝපය හැඳින්විය හැක.

මෙම කලාපයේ ස්ථාන දෙක සඳහා අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් ඉදිරියෙන්ම සිටියත් වර්තමානයේ යුරෝපය තුළ ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය වී ඇති ආකාරයත් සමඟ ඉතාලිය, ඔස්ට්‍රියා සහ ඩෙන්මාර්ක් වැනි කණ්ඩායම් ඕනෑම මොහොතක තරගයක් වෙනස් කළ හැකි කණ්ඩායම් වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<