සදීර, නවෝද්, ඉරෝෂ් සහ නිමේෂ් දක්ෂතා දක්වයි

SLC Major League Cricket Tournament 2022

909

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League තුන්දින ක්‍රිකට් තරගාවලියේ 13 වැනි සතිය ආරම්භ කරමින් අද (10) පැවති තරගවල දී සදීර සමරවික්‍රම, නවෝද් පරණවිතාන, ඉරෝෂ් සමරසූරිය සහ නිමේෂ් විමුක්ති කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා.

ටැමිල් යූනියන් කණ්ඩායම නියෝජනය කරන ආරම්භක පිතිකරුවන් වූ නවෝද් පරණවිතාන සහ සදීර සමරවික්‍රම නුගේගොඩ කණ්ඩායමට එරෙහිව ද්විත්ව ශතක සබඳතාවක් ගොඩ නගමින් ශතක වාර්තා කිරීම කැපී පෙනුණා.

නවෝද් පරණවිතාන පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 147ක් ලබා ගත්තා. 20 හැවිරිදි වමත් පිතිකරු නවෝද්ගේ පළමු පෙළ මංගල ශතකයයි මේ. ඒ සමඟින් ම ඔහු තම පළමු පෙළ ලකුණු 1000 සම්පූර්ණ කිරීමට ද සමත් වුණා. ඔහු මේ සඳහා වැය කර ඇත්තේ පළමු පෙළ තරග 17ක ඉනිම් 28ක් පමණයි.

ඔහු පළමු කඩුල්ල ලෙසින් ඔහු දැවී යන විට ටැමිල් යූනියන් කණ්ඩායම ලකුණු 229ක් ව තිබුණා.

අනතුරු ව ටැමිල් යූනියන් කණ්ඩායමේ නායක සදීර සමරවික්‍රම පන්දු 194කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 151ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ 11 වැනි ශතකයයි.

කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ දකුණත් පිතිකරු ඉරෝෂ් සමරසූරිය පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහි ව පන්දු 158කට මුහුණ දුන් ඔහු හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 103ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ 9 වැනි ශතකයයි.

මේ අතර පානදුර කණ්ඩායම නියෝජනය කරන වමතින් දඟපන්දු යවන 25 හැවිරිදි නිමේෂ් විමුක්ති අද තම පළමු පෙළ තරගවල කඩුලු 200 වාර්තා කිරීමට සමත් වුනා. ඔහු බදුරලිය කණ්ඩායමට එරෙහිව දිනය අවසන් වන විට ලකුණු 95කට කඩුලු 4ක් දවා සිටි අතර ඔහුගේ කඩඉම් කඩුල්ල බවට පත් වූයේ ගිහාන් රූපසිංහයි.

දවසේ අර්ධ ශතකලාභීන් අතරට බදුරලිය කණ්ඩායමේ දුනිත් ජයතුංග සහ රනේෂ් සිල්වා, BRC කණ්ඩායමේ දුශාන් හේමන්ත, මූවර්ස් කණ්ඩායමේ දිනුක ඩිල්ශාන්, සොහාන් ද ලිවේරා සහ පසිඳු සූරියබණ්ඩාර, NCC කණ්ඩායමේ ජොහාන් ද සිල්වා සහ සඳුන් වීරක්කොඩි, CCC කණ්ඩායමේ ලසිත් අබේරත්න, සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ ඉෂාන් රංගන සහ සචිත ජයතිලක එක් වුනා.

Group A

කළුතර සහ BRC අතර මග්ගොන Surry ක්‍රිකට් පිටියේ දී.

  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 237 (54) ඩිලාන් ජයලත් 20, තිලකරත්න සම්පත් 42, ලහිරු සමරකෝන් 46, දුශාන් හේමන්ත නොදැවී 53, සචින්ත පීරිස් 37, තෙමාල් බණ්ඩාර 4/68, ඉෂාන් අබේසේකර 2/51, සාරංග රාජගුරු 2/44
  • කළුතර – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 118 (40) මාධව නිමේෂ් 20, සවන් කංකානම්ගේ 32, චතුර පීරිස් 29, තිලකරත්න සම්පත් 3/34, සචින්ත පීරිස් 2/41

කුරුණෑගල යූත් සහ මූවර්ස් අතර තරගය BRC ක්‍රීඩා පිටියේ දී.

  • මූවර්ස් – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 280 (72) දිනුක ඩිල්ශාන් 77, සොහාන් ද ලිවේරා 88, පසිඳු සූරියබණ්ඩාර නොදැවි 74, රමේෂ් මෙන්ඩිස් නොදැවී 39

ලංකන් සහ ගාල්ල අතර තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • ලංකන් – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 167 (90) ගීත් කුමාර 31, ඉසිවර දිසානායක නොදැවී 48, දමිත සිල්වා 26, යසිරු රොද්‍රිගෝ 22, චතුර ලක්ෂාන් 3/46, Raghu Sharma 4/53

පොලිසිය සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය පොලිස් ක්‍රීඩාංගණයේ දී.

  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 295 (90) ඉරෝෂ් සමරසූරිය 103, හර්ෂ රාජපක්ෂ 79, චානක විජේසිංහ නොදැවී 33, සුපුන් මධුශංක 2/42

රාගම සහ CCC අතර තරගය තර්ස්ටන් ක්‍රීඩා පිටියේ දී.

  • රාගම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 112 (37.4) ජනිත් ලියනගේ 21, තෙවිඳු දික්වැල්ල 26, සොනාල් දිනූෂ 4/44, අසිත ප්‍රනාන්දු 3/16
  • CCC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 119 (42.2) ලසිත් අබේරත්න නොදැවී 53, චමිඳු විජේසිංහ 41, ශෂික දුල්ශාන් 4/38

SSC සහ සෙබස්තියනයිට්ස් අතර තරගය SSC ක්‍රීඩාංගණයේ දී.

  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 314 (82) රයන් ප්‍රනාන්දු 25, විශාල් සිල්වා 36, සශ්‍රීක පුස්සෙගොල්ල 38, ඉෂාන් රංගන නොදැවී 79, සචිත ජයතිලක නොදැවී 98, නිසල තාරක 3/74

Group B

බ්ලූම්ෆීල්ඩ් සහ Ace කැපිටල් අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ දී.

  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 182 (58) අශාන් ප්‍රනාන්දු 30, Hasnain Bokhari 41, ලහිරු මධුශංක 38, හර්ෂ විතාන නොදැවී 32, මලිත් ද සිල්වා 2/64

පානදුර සහ බදුරලිය අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

  • බදුරලිය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 254 (80.2) මලිඳු මදුරංග 30, දුනිත් ජයතුංග 77, රනේෂ් සිල්වා 58, අනුක් ප්‍රනාන්දු 46, තමිඳු වික්‍රමාරච්චි නොදැවී 22, නිමේෂ් විමුක්ති 4/95, කොෂාන් දනුශ්ක 2/41

මීගමුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තරගය කටුනායක FTZ ක්‍රීඩා පිටියේ දී.

  • නාවික හමුදාව – පළමු ඉනිම කඩුල්ලක් දැවී 14 (4.3)

NCC සහ හලාවත මේරියන්ස් අතර තරගය NCC ක්‍රීඩා පිටියේ දී.

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 304 (64.5) ජොහාන් ද සිල්වා 60, කවින් බණ්ඩාර 29, සඳුන් වීරක්කොඩි 51, අහන් වික්‍රමසිංහ 31, අම්ෂි ද සිල්වා 29, ලසිත් ඇඹුල්දෙණිය 46, නිපුන් රන්සික 20, රජිඳු පුංචි හේවා 3/23, පුලින තරංග 2/45, ලසිත් ලක්ෂාන් 4/135
  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 70 (24) කසුන් විදුර නොදැවී 34,

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සැරසන්ස් අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේ දී.

  • සැරසන්ස් – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 17 (7.1)

ටැමිල් යූනියන් සහ නුගේගොඩ අතර තරගය P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

  • ටැමිල් යූනියන් – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 395 (85) නවෝද් පරණවිතාන 147, සදීර සමරවික්‍රම 151, රොන් චන්ද්‍රගුප්ත 22, සංතුශ් ගුණතිලක 28, රවිඳු ප්‍රනාන්දු 27, Karan Kaila 3/114

මෙම තරග සියල්ල ම හෙට (12) දෙවැනි දිනයට ආරම්භ වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන තරගාවලියේ නවතම පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<