ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් ආරම්භ වීමට නියමිත ජාතික මලල ක්‍රීඩා දෙවැනි තේරීම් තරගාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් දැනුම් දී තිබුණා.
තරගාවලිය මීට පෙර මාර්තු 10 සහ 11 දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් තරගාවලිය දියගම ක්‍රීඩාංගණයට ගෙන යාමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.
දියගම ක්‍රීඩාංගණයේ ධාවන පථය අලුත්වැඩියා කිරීම නිසාවෙන් පසුගිය කාලසීමාවේ දී එම ක්‍රීඩාංගණයේ කිසිදු තරගාවලියක් නොපැවැත්වුණු අතර අලුත්වැඩියාවෙන් පසුව පවත්වන පළමු තරගාවලිය මෙයයි.
- ධනුෂ්ක වසර 27ක වාර්තාවක් බිඳ හෙළයි
- තේරීම් තරගාවලියේ දී වාර්තා බිඳ දමමින් පරිසාධන මට්ටම් ඉක්මවා ගිය ජයග්රාහකයෝ
- උෂාන් සුපිරි පිම්මකින් 2022 අරඹයි
කොරෝනා වසංගතය නිසාවෙන් මෙම තරගාවලියට සහභාගී කර ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන සීමා කිරීමට ද මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇති අතර තරගාවලියට අයැදුම් කිරීමට තිබිය යුතු සුදුසුකම් සීමා ද ඔවුන් පසුගිය දා නිකුත් කර තිබුණා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<






















