වසර මැද දී ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියක්

1906

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරියේ දී “ලංකන් ප්‍රිමියර් ලීග් (LPL)” නමින් දේශීය විස්සයි විස්ස තරගාවලියක් පවත්වන්නට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලී ද සිල්වා මහතා අද (16) තහවුරු කළේය.

[rev_slider LOLC]

සාන්තුවරයන්ගේ සටනට සාඩම්බර අනුග්‍රාහකත්වය Dialog සමාගමෙන්

සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අතර 84 වැනි වරටත් පැවැත්වෙන “සාන්තුවරයන්ගේ මහා ක්‍රිකට් සටන” ලබන මාර්තු මස 2 සහ 3 …

අදාළ තරගාවලිය විස්සයි විස්ස ආකෘතියට පැවැත්වීමට නියමිත අතර තරගාවලිය එළඹෙන අගෝස්තු මස 18 වැනිදා සිට සැප්තැම්බර් මස 10 වැනි දා දක්වා පැවැත්වෙනු ඇත.

තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් සහභාගී වන අතර ප්‍රථම වටයේ දී ඔවුන් එකිනෙකා දෙසැරයක් තරග කිරීමට නියමිත අතර ඒ අතරින් ඉදිරියෙන් පසුවන කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කරනු ඇත. ඒ අනුව සෑම කණ්ඩායමකට තරග 10ක් ක්‍රීඩා කිරීමට සිදු වන අතර එයින් තරග 5ක් සිය කණ්ඩායමේ සත්කාරකත්වය යටතේත්, ඉතිරි 5 ප්‍රතිවාදීන්ගේ සත්කාරකත්වය යටතේත් පැවැත්වීමට නියමිතයි.

මීට ප්‍රථම 2012 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් “ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය” පැවැත්වූ නමුත් 2013 දී එය පැවැත්නොවූයේ තරගාවලිය ආරම්භ වීමට සති 3කට පෙර තරගාවලියේ ගාස්තු නොගෙවීම හේතුවෙන් වරලත් කණ්ඩායම් කිහිපයක් තරගාවලිය ඉවත් කිරීම නිසාවෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<