එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග 3කට සහභාගී වීම සඳහා ඉන්දියානු සීමිත පන්දුවාර කණ්ඩායම මෙම මස 28 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
Virat Kohliගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ටෙස්ට් කණ්ඩායම එංගලන්තයේ පැවති ලෝක ටෙස්ට් ශූරතාවයට සහභාගී වීම නිසාවෙන් මෙම සීමිත පන්දුවාර තරගාවලිය සඳහා Virat Kohli, Rohit Sharma වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නොමැති නවක දෙවැනි සංචිතයක් නම් කිරීමට ඉන්දීය බලධාරීන් කටයුතු කළා.
ඒ අනුව නම් කළ සංචිතයේ නායකත්වය ආරම්භක පිතිකරු Shikhar Dhawanට හිමි වූ අතර ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු Ravi Shastri නොමැති වීම නිසා වැඩ බලන ප්‍රධාන පුහුණුකරු ලෙස Rahul Dravid පත්කිරීමට කටයුතු කර තිබුණා.
එම කණ්ඩායමේ උපනායකයා ලෙස Bhuvneshwar Kumar කටයුතු කරන අතර දෙවැනි පෙළක් ලෙස හැඳින්වූවත් Suryakumar Yadav, Manish Pandey, Hardik Pandya,Yuzvendra Chahal, Krunal Pandya සහ Kuldeep Yadav යන ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් මෙම සංචිතයට ඇතුළත්ව තිබුණා.
තවත් ක්රිකට් පුවත්:
- Brian Lara, Bret Leeගෙන් සංගාට පැසසුම්
- ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගය ගැන ඉන්දීය නායකයා අසතුටෙන්
- ශ්‍රී ලංකාව නොකඩවා පස්වැනි T20 තරගාවලියත් පරාජය වෙයි
ඔවුනට අමතරව නවක ක්‍රීඩකයන් වන Ishan Kishan සහ Sanju Samson කඩුලු රකින්නන් ලෙස කණ්ඩායම එක්කර තිබුණා. එමෙන්ම ඉන්දීය ජාතික සංචිතය සඳහා පළමු වරට කැඳවූ ක්‍රීඩකයන් පස්දෙනෙකු ද එම සංචිතයට ඇතුළත්.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සහ නිමා වූ ඉන්දීය දේශීය තරග පිටියෙහි කැපී පෙනෙන දස්කම් දක්වමින් ජාතික කණ්ඩායමේ දොරගුළු විවර කර ගත් එම ක්‍රීඩකයන්,
- Devdutt Padikkal (අවුරුදු 20)
නිමා වූ ඉන්දීය දේශීය තරග පිටියේ සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ Devdutt Padikkal ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය සඳහා කැඳවා තිබෙනවා.
කර්නාටක ප්‍රාන්තයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ඔහු 2020 සහ 2021 වසර ද්විත්වයේම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Royal Challengers Bangalore කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2020 IPL තරගාවලියේ දී පළමුවෙන් එම තරගාවලිය හා එක්වූ Padikkal එහි දී Royal Challengers Bangalore වෙනුවෙන් අර්ධ ශතක පහක් සමඟින් ලකුණු 473ක් රැස් කිරීමට සමත් වුනා.
IPL තරගාවලියට පෙර පැවති Vijay Hazare කුසලාන තරගාවලියේ දී නොකඩවා ශතක 4ක් ලබා ගනිමින් එවැනි දස්කමක් පෑ පළමු ඉන්දීය ක්‍රීඩකයා වීමට ද ඔහු සමත් වූ අතර එම තරගාවලියේ දී පිතිකරණ සාමාන්‍ය 147ක්ව පවත්වා ගනිමින් ලකුණු 737ක් රැස්කිරීමට ද ඔහු සමත් වුනා.
සීමිත පන්දුවාර පිටියේ මේ දිනවල ඉහළ දස්කම් අතර සිටින Devdutt Padikkal බොහෝ විට ශ්‍රී ලංකා සංචාරයේ දී සීමිත පන්දුවාර වරම් දිනා ගනු ඇත.
- Ruturaj Gaikwad (අවුරුදු 24)
Devdutt Padikkal මෙන්ම 2020 සහ 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ Ruturaj Gaikwad ද ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය සීමිත පන්දුවාර සංචිතයට කැඳවා ඇත.
පූනේ හී උපත ලබමින් මහාරාෂ්ට්‍ර කණ්ඩායම නියෝජනය කළ Gaikwad මෙම වසරේ පැවති Vijay Hazare කුසලානයේ දී මහාරාෂ්ට්‍ර කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.
Vijay Hazare තරගාවලියේ දී අපේක්ෂා කළ පරිදි දස්කම් දැක්වීමට ඔහු අසමත් වූවත් 2021 IPL තරගාවලියේ Chennai Super Kings කණ්ඩායම නියෝජනය කරමින් නොකඩවා අර්ධ ශතක දෙකක් රැස්කිරීමට ඔහුට හැකි වුනා.
පළමු පෙළ සාමාන්‍ය 47.87ක් ලෙස පවත් ගත් Gaikwadගේ මෑත කාලීන දස්කම් සලකා ශ්‍රී ලංකා සංචාරයට එක්කර ගැනීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබුනත්, සංචිතයේ සිටින අනෙකුත් ක්‍රීඩකයන් බැලූ විට ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබීම ඉතා අවිනිශ්චිතයි.
- Nitish Rana (අවුරුදු 27)
Kolkata Knight Riders කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස අවසන් තරගාවලි හතරේ දස්කම් දැක්වීමට සමත් වූ 27 හැවිරිදි Nitish Rana හට ද ඉන්දීය සංචිතයේ ඉඩක් ලබා දීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ද ආරම්භක පිතිකරුවෙකු ලෙස දස්කම් දැක්වීමට සමත් වූ Nitish Rana තරග අටක් ක්‍රීඩා කරමින් අර්ධ ශතක දෙකක් රැස්කිරීමට සමත් වුනා.
වසර ගණනාවක් පළමු පෙළ සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමෙන් පසු Rana හට ජාතික කණ්ඩායමේ දොරගුළු විවරව ඇති නමුත් Ishan Kishan, Sanju Samson සහ Manish Pandey ඉන්දීය කණ්ඩායමට ඇතුළත්ව ඇති නිසාවෙන් ක්‍රීඩා කරන සංචිතයේ අවස්ථාවක් ලබා ගැනීම අවිනිශ්චිත වේ.
- Chetan Sakariya (අවුරුදු 23)
සිය පළමු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙස මෙවර තරගාවලියේ Rajasthan Royals නියෝජනය කළ Chetan Sakariya පළමු තරගයේම දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ප්‍රතිවාදීන්ගේ ප්‍රබල කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.
මෙවර තරගාවලිය අත්හිටුවන විට තරග 7ක් තුළ සාමාන්‍ය 8.22ක් තබා ගනිමින් කඩුලු 7ක් දවා ගැනීමට Sakariya සමත් වූ අතර එහි දී දැක්වූ දස්කම් නිසා ඔහුව ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය කණ්ඩායමට කැඳවීමට තීරණය කර ඇත.
කෙසේ නමුත් හිතේ ධෛර්යයෙන් සෑම විටම අභියෝගයන්ට මුහුණ දුන් Sakariya හට ශ්‍රී ලංකා සංචාරයේ දී සීමිත පන්දුවාර වරම් හිමි වීමට විශාල ඉඩක් ඇත.
- Krishnappa Gowtham (අවුරුදු 32)
මෙම වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉන්දීය කෝටි 9.25කට Chennai Super Kings කණ්ඩායම ලබා ගත් Krishnappa Gowtham ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයෙහි වැඩිම මිලකට අලෙවි වූ ජාතික කණ්ඩායමට ක්‍රීඩා නොකළ ක්‍රීඩකයායි.
කෙසේ නමුත් මෙවර තරගාවලියේ දී කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාවක් හිමි නොවූ නමුත් මීට පෙර තරගාවලීන්හීදී ඔහු මුම්බායි ඉන්දියන්ස් සහ Rajasthan Royals නියෝජනය කරමින් තරග නවයක් ක්‍රීඩා කළ තිබුණා.
නමුත් එම ක්‍රීඩක සංචිතයේ Krunal Pandya සහ Hardik Pandya වැනි ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය තුන් ඉරියව් ක්‍රීඩකයන් සිටින නිසාවෙන් Krishnappa Gowtham හට තරගාවලියේ ක්‍රීඩා කිරීමට ඉඩක් ලැබීම ඉතා අවිනිශ්චිත වේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියා අතර තරග හයකින් යුත් සීමිත පන්දුවාර තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් ජූලි 13 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















