සාරංගි තුර්කියේ දී ජාතික වාර්තාවක් අලුත් කරයි

333

තුර්කියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා සාරංගි ද සිල්වා දුර පැනීම ඉසව්වේ කාන්තා ජාතික වාර්තාව බිඳ හෙළීමට අද (23) සමත් වුනා. 

Cezmi Or Yarmaları නම් මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා දුර පැනීම ඉසව්ව නියෝජනය කරමින් මීටර් 6.44ක දස්කමක් දැක්වීමට සාරංගි සමත් වූ අතර එම දස්කම නිසාවෙන් එම ඉසව්වේ ජාතික වාර්තාව බිඳ හෙළීමට ද ඇයට හැකි වුනා. 

සාරංගි දුර පැනීම ඉසව්වේ වත්මන් දකුණු ආසියානු ශූරිය ද (6.38m – 2019) වන අතර 2020 වසරේ පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 6.33ක දස්කමක් දක්වමින් එහි තරගාවලි වාර්තාව බිඳ හෙළීමට ඇය සමත් වුනා.

තවත් මලල ක්‍රීඩා පුවත් කියවන්න

එම ජයග්‍රහණයෙන් පසු ලැබූ ශිෂ්‍යත්වයක් නිසා කටාර්හි පුහුණුවකට පිටත් වූ සාරංගි තවත් දින 30ක විශේෂ පුහුණුවක් සඳහා පසුගිය සතියේ දී තුර්කියට පැමිණීමෙන් අනතුරුව මෙම තරගාවලිය සඳහා එක්ව තිබුණා. 

පසුගිය කාලසීමාවේ දී ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි නිසා සාරංගි හට ඔලිම්පික් වරම් දිනා ගැනීමට අවස්ථාවක් නොලැබුණු අතර බොහෝ විට ඇය තුර්කියේ දී තවත් තරගාවලියකට සහභාගී වීමට ඉඩක් ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<