Steve Smith වසර තුනකට පසු නායකත්වයට සූදානම් වෙයි

1110

පන්දුව පළුදු කිරීමට අනුබල දීම නිසාවෙන් වසරක තරග තහනමක් ලද ඕස්ට්‍රේලියානු හිටපු නායක Steve Smith වසර තුනකට පසුව තමන් නැවතත් නායකත්වය ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාව බිහි කළ සාර්ථකම පිතිකරුවෙකු සහ නායකයෙකු වන Steve Smith හට 2018 වසරේ සිදු වූ පන්දුව පළුදු කිරීමේ සිදුවීමෙන් පසු වසරක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වුනා.

එමෙන්ම එම සිදුවීමෙන් පසු වසර දෙකක් යන තුරු ඔහුට ජාතික කණ්ඩායමේ නායකත්වය දැරීම ද තහනම් වූ අතර ඔහුගෙන් පසු ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය Tim Paine හටත් සීමිත පන්දුවාර නායකත්වය Aaron Finch හටත් හිමි වුනා.

එමෙන්ම Steve Smith විසින් සිය කණ්ඩායම් සඟයන් වන Tim Paine සහ Aaron Finch හට නායකත්වය සිදු කිරීමට සිය උපරිම සහයෝගය ලබා දෙන අයුරු ද බොහෝ අවස්ථාවල දී දක්නට ලැබුණා.

නැවතත් නායකත්වයට පත්වීම පිළිබඳව News Corp වෙත අදහස් දක්වමින් Steve Smith ප්‍රකාශ කර සිටියේ ඕස්ට්‍රේලියානු තේරීම් කමිටු නිළධාරීන්ට අවශ්‍ය නම් තමන් නායකත්වය ඕස්ට්‍රේලියා ක්‍රිකට් ඉහළම තනතුර දැරීමට සූදානම් බවයි.

“එය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය වුවහොත් නැතිනම් එය නම් කණ්ඩායමට වඩාත් සුදුසුම වුවහොත් මම ඒ ගැන අනිවාර්යයෙන් උනන්දු වෙනවා.  කාලය ඉදිරියට යනවා. පසුගිය වසර කිහිපයේ දී මම මා ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

මීට අමතරව ඕස්ට්‍රේලියානු උපනායක වේගපන්දු යවන ක්‍රීඩක Pat Cummins ද තමන් නායකත්වය සඳහා සූදානමින් පසුවෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්: 

නමුත් ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් සාම්ප්‍රදායිකව පන්දු යවන්නෙක් හට නායකත්වය ලබා දීමෙන් වැළකී සිටින අතර 1956 වසරේ Ray Lindwall විසින් නායකත්වය දැරීමෙන් පසු කිසිදු වේගපන්දු යවන්නෙකු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකත්වයට පත්ව නැහැ.

කෙසේ නමුත් Steve Smith හට නැවත වරක් ඕස්ට්‍රේලියානු සංචිතය මෙහෙයවීමේ වගකීම ලබා දීම පිළිබඳව කිසිදු ඉඟියක් මේ දක්වා එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලබා දී නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<