ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් තරගය පස්සට

237
ICC World Test Championship Final postponed

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජුනි 10 වැනිදා සිට 14 වැනිදා දක්වා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද එය දින කිහිපයකින් පසුපසට දැමීමට ICC තීරණය කර තිබෙනවා.

ඒ අනුව ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජුනි 18 වැනිදා සිට 22 වැනිදා දක්වා ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ දීම පැවැත්වේ. මේ සඳහා හේතු වී තිබෙන්නේ 2021 IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය, ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගය පෙර පැවැත්වීම වෙනුවෙන් සැලසුම් කර දිනයන් එක සමීපව වැටී තිබෙන නිසයි.

තවත් ක්‍රිකට් පුවත්:

විශේෂයෙන්ම නිරෝධායන කාලයක් පැනවීම ඇතුළු තවත් කරුණු කාරනා කිහිපයක් සලකා බලා ICC විසින් මේ තීරණය ලබාගෙන තිබෙන නමුත් ඉන්දීය ක්‍රිකට් පරිපාලනය විසින් තවමත් IPL තරග කාලසටහන නිල වශයෙන් සම්මත කරගෙන නොමැත.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ඉන්දියාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තයට වැඩි අවස්ථාවක් තිබෙන නමුත් ඉන් වැඩිම අවස්ථාවන් තිබෙන්නේ ඉන්දියාවට සහ නවසීලන්තයටයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<