නව ක්‍රිකට් කළමනාකරු අසුන ජෙරම් ජයරත්නට

663

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වශයෙන් මෙන්ම ක්‍රිකට් උසස් දස්කම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ජෙරම් ජයරත්න මහතා එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වශයෙන් කටයුතු කරනු ඇත.

ඒ් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පුද්ගලික හේතුවක් නිසා සිය කළමනාකාර ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන නිසාවෙනි.

තවත් ක්‍රිකට් පුවත්

කෙස් නමුත් මෙම පත් කිරීම ස්ථාවර පත් කිරීමක් නොවන බවත්, කණ්ඩායමට සුදුසු නිලධාරියෙකු තෝරාපත් කර ගන්නා තුරු කණ්ඩායමේ තාවකාලික කළමනාකරුවෙකු ලෙස ඔහුව පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

ජෙරම් ජයරත්න මහතා මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාවකාලික පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර දීර්ඝ කාලයක් පුහුණු අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<