ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට තම ඉනිම් බිලිදෙද්දී යොවුන් ක්‍රීඩක ඇන්ජලෝ පෙරේරා මහනුවර ඇතුන් මට්ටු කරමින් තම කණ්ඩායම ජයග්‍රහණ කරා ගෙන යෑමට අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළේය.
ඇන්ජලෝගේ මේ දක්ෂතාවයත් සමඟින් ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය ලෙස අද (03) හම්බන්තොට දී නිමා වූ Dambulla Viiking සහ Kandy Tuskers අතර තරගයෙන් මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගත් අතර ඇන්ජලෝ තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ ය.
මෙම කණ්ඩායම් දෙක තරගාවලියේ මීට පෙර පැවති තෙවැනි තරගයේ දී ද එකිනෙකා හමු වූ අතර එම තරගයෙන් ද දඹුලු ක්‍රීඩකයෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 4ක ජයග්‍රහණයක් හිමි කර ගත්හ.
එදින තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරින් දඹුලු කණ්ඩායමේ ආබාධයකට ලක් වු ඕෂද ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ලහිරු කුමාර සහ ඉන්දියාවේ Sudeep Tyagi වෙනුවට ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, සචිඳු කොළඹගේ සහ ඇෆ්ගනිස්තානයේ Samiullah Shinwari කෙරෙහි විශ්වාසය තබා කණ්ඩායමට එක්කර ගෙන තිබුණි.
මහනුවර කණ්ඩායම වෙනුවෙන් කවිශ්ක අංජුල සහ ප්‍රියමාල් පෙරේරා කණ්ඩායමෙන් හැලී ගොස් ඒ වෙනුවට සිම්බාබ්වේ Brendon Taylor සහ ඉන්දියාවේ Munaf Patel එක්කර ගෙන තිබුණි.
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවි ලකුණු 156ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් හඹායන ඉනිමට පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවි ලකුණු 157ක් ලබා ගත් හ. ඒ තරගය නිමා වීමට තවත් පන්දු 4ක් ඉතිරිව තිබිය දී ය.
මහනුවර ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් Rahmanulla Gurbaz ලකුණු 15කට දැවී ගියේ ඉනිමේ 23 වැනි පන්දුවේ දී ය. ඒ වෙද්දී ඔහු ලකුණු 15ක් ලබා සිටි අතර මහනුවර ක්‍රීඩකයන්ට ලකුණු 33ක් එක් වී තිබුණි.
අනතුරුව මහනුවර ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වාර්තා විය. ඒ කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් එක්ව දෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු 58යි. මේ සඳහා ඔවුන් දෙදෙනා පන්දු 45ක් වැය කළහ. අවශ්‍යම මොහොතක ක්‍රියාත්මක වූ රමේෂ් මෙන්ඩිස්, සචිඳු කොළඹගේ ද සහයෝගය ලබා ගනිමින් කුසල් පෙරේරා පිටියෙන් ඉවත් කරන විට පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබා සිටියේය.
ඊට පසු පිටියට පිවිසි Brendon Taylorට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට මාලින්ද පුෂ්පකුමාර ඉඩ දුන්නේ නැත. පිටියේ ඈත කෙළවරක සිටි Anwar Ali අතට උඩ පන්දුවක් දෙමින් මේ විදෙස් ක්‍රීඩකයා දැවී යන විට ලබා සිටියේ ලකුණු 11ක් පමණි. යැවුණ ඊළඟ පන්දුවෙන් සීක්කුගේ ප්‍රසන්න ද දවා ගැනීමට මාලින්ද සමත් විය.
ඒ සමඟම පන්දු 7ක් තුළ ලකුණු 4කට කඩුලු 3ක් දවා ගනිමින් මහනුවර ඉනිම පාලනය කිරීමට දඹුලු ක්‍රීඩකයෝ සමත් වූයේ කුසල් මෙන්ඩිස්ගේ ද කඩුල්ල දවා ගනිමිනි. මෙන්ඩිස් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තේ ය. එම ලකුණු ප්‍රමාණය මෙන්ඩිස්ගේ මෙම තරගාවලියේ හොඳම ඉනිම ලෙසින් ද සටහන් විය.
ඉන් පසුව කමිඳු මෙන්ඩිස් ද ලකුණු 8කට දැවී ගියේ අතිරේක ක්‍රීඩක අශේන් බණ්ඩාර විසින් මනරම් ලෙස ලබා ගත් උඩ පන්දුව හේතුවෙනි. පන්දු යැවීමේ නිරත වූයේ කසුන් රාජිත ය. මහනුවර ඉනිම අවසන් වන විට අසේල ගුණරත්න (18) සහ ඩිල්රුවන් පෙරේරා (0) නොදැවී පිටියේ රැඳී සිටිය හ.
කඩුලු ලබා ගැනීමේ දී කසුන් රාජිත සහ මාලින්ද පුෂ්පකුමාර කඩුලු 2 බැගින් දවා ගත් අතර ඊට අමතරව රමේෂ් මෙන්ඩිස් සහ Samit Patel කඩුල්ල බැගින් දවා ගත් හ.
පිළිතුරු ඉනිම ප්‍රවේගවත් පහරකින් ආරම්භ කිරීමට නිරෝෂන් දික්වැල්ල සමත් වුව ද, මුහුණ දුන් තෙවැනි පන්දුවේ දී ඒ ගමන එතැනින් ම අවසන් විය. දික්වැල්ල ලබා ගත්තේ ලකුණු 4ක් පමණි. අනතුරුව උපුල් තරංග සහ ඇන්ජලෝ පෙරේරා එක්ව දඹුලු ඉනිම ගොඩ ගනිද්දී ක්‍රියාත්මක වූ යුද හමුදා ක්‍රීඩකයන් වූ අසේල ගුණරත්න සහ සීක්කුගේ ප්‍රසන්න එකී ගමන ලකුණු 42ක් වෙද්දී බිඳ දැමූහ. උපුල් පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තේ ය.
LPL පුවත්:
- ස්වභාවධර්මය වෙනුවෙන් Jaffna Stallions නිල ඇදුම වෙනසක්
- Afridiගේ ප්‍රකාශයට Naveen-ul-Haqගෙන් පිළිතුරු
- Afridi හදිසියේ LPL අතහැර ගෙදර යයි
- උණුසුම් වූ Tuskers – Gladiators තරගය ගැන Afridi කතා කරයි
- වනිඳු සහ අවිශ්ක Jaffna Stallions නම ඉහළින් තබයි
Samit Patel ද ලකුණු 11කට දැවී ගිය පසු දඹුලු ඉනිමේ ගැලවුම්කරුවන් වූයේ ඇන්ජලෝ පෙරේරා සහ නායක දසුන් ශානක ය. ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට එක් කළ සබඳතාවේ ලකුණු 50 පන්දු 26කින් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනි. ඉන් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තේ ඇන්ජලෝ වන අතර ඔහු මෙම තරගාවලියේ වාර්තා කරන ලද මංගල අර්ධ ශතකය පන්දු 36කින් වාර්තා කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 22ක් තිබිය දී ඇන්ජලෝ දැවි ගියේ ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවකට Rahmanulla Gurbaz අතට පහසු උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ වෙද්දී ඔහු පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 67ක් ලබා සිටි අතර ඔවුන් දෙදෙනා අතර සබඳතාව ලකුණු 74කි.
අනතුරුව යැවුණ පන්දුවාරයේ දී දසුන්ගේ ඉනිම ද නිමා විය. ඔහු නුවන් ප්‍රදීප්ගේ පන්දුවකට අසේල අතට උඩ පන්දුවක් දී දැවී යන විට පන්දු 23කට මුහුණ දී ලකුණු 33ක් ලබා සිටියේ ය. ඊට හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඇතුළත් විය.
ඉනිමේ අවසන් පන්දු 12 තිබිය දී දඹුලු ක්‍රීඩකයන්ට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 13ක් අවශ්‍ය තිබුණි. එම පන්දුවාරයේ දී ලකුණු 12ක් ලබා ගත් ඔවුන් ජයග්‍රාහී ලකුණ අවසන් පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී ලබා ගත්තේ ය. තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී Samiullah Shinwari ලකුණු 11ක් ද සහ Anwar Ali ලකුණු 9ක් ද ලබා නොදැවී පිටියේ රැඳී සිටිය හ.
මේ වන විට මෙම කණ්ඩායම් දෙක තරග අවසන් කළ ආකාරය
Team | M | W | L | T | PT |
Dambulla Viiking | 4 | 3 | 1 | 0 | 6 |
Kandy Tuskers | 5 | 1 | 4 | 0 | 2 |
[insert_php] $contents = file_get_contents(“http://stats.thepapare.com/cricket/embed/match_result/dambulla-viiking-vs-kandy-tuskers-match-10”); echo $contents;[/insert_php]
තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් හෙට (4) Colombo Kings සහ Jaffna Stallions අතර රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිත ය.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<