උණුසුම් වූ Tuskers – Gladiators තරගය ගැන Afridi කතා කරයි

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

344
Don't indulge abusive talks Afridi speaks about heated

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (01) පැවති Kandy Tuskers සහ Galle Gladiators අතර තරගය අතරතුර ඇෆ්ගනිස්තාන ක්‍රීඩක Naveen-ul-Haq සහ පාකිස්තාන ක්‍රීඩක Amir Khan අතර ඇතිවූ බහින්බස් වීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණි.

තරගයේ අවසන් පන්දුවාර කීපය තුල ඇතිවූ මෙම සිදුවීම තරගය අවසන් වීමෙන් පසුව ද පැවති අතර ඒ සඳහා පාකිස්තාන සුපිරි ක්‍රීඩක Shahid Afridi ද සම්බන්ධ වනු දක්නට ලැබුණි.

“අසභ්‍ය කතා ක්‍රීඩාවට ගේන්න එපා” පාකිස්තානයේ හිටපු නායක ෂාහිඩ් අෆ්රිඩි තරුණ ඇෆ්ගනිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක් සමඟ තරගයෙන් අනතුරුව එක්වූ උණුසුම් වචන හුවමාරුවේ දී පවසා තිබේ.

Kandy Tuskers සහ Galle Gladiators අතර ලංකා ප්‍රිමියර් ලීග් තරගය පැවැත්වුණේ තරගාවලියේ හයවැනි තරගය ලෙසිනි. මෙම තරගයට පිවිසෙන විට කණ්ඩායම් ද්විත්වයම ඔවුන්ගේ මුල් තරග දෙකම පරාජය වී සිටි අතර පළමු ජයග්‍රහණය සොයා කණ්ඩායම් දෙකම ප්‍රබල ලෙස සටන් වැදුණි. 

නමුත් අවසානයේ Tuskers ලකුණු 25කින් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය. තරගයෙන් අනතුරුව බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණේ Tuskers කණ්ඩායමේ ජයග්‍රහණය නොව ඇතිවූ උණුසුම් වචන හුවමාරුවයි.

තරගයේ අවසන් පන්දුවාර කීපය තුල දී ඇෆ්ගනිස්තාන ක්‍රීඩක Naveen-ul-Haq සිය පන්දුවාරය අතරතුර දී පන්දුවට පහර දෙමින් සිටි Amir Khan සමඟින් යම් වචන හුවමාරුවක යෙදී සිටිනු දක්නට හැකි විය. එම අවස්ථාවේ දී Tuskers කණ්ඩායමේ මුනාෆ් පටේල් ඇතුළු ක්‍රීඩකයන් ඔවුන් දෙදෙනා අතර ඇතිවූ තත්ත්වය සමථයකට පත්කිරීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. 

තරගයේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීමේ දී ද Naveen-ul-Haq හා Amir Khan යම් වචන හුවමාරුවකට එක්ව තිබුණි. තරගය අවසන් වීමෙන් පසුව ද ක්‍රීඩා පිටිය තුල දී ඔවුන් දෙදෙනා යම් බහින්බස් වීමකට උත්සාහ කරන අයුරු දක්නට ලැබුණි. 

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝවක දී පාකිස්තාන සුපිරි ක්‍රීඩක සහ Galle Gladiators කණ්ඩායමේ නායක Shahid Afridi ද එම සිදුවීමට සම්බන්ධ වන අයුරු දක්නට ලැබුණි. 

තවත් ක්‍රිකට් පුවත්:

තරගය අවසන් වීමෙන් පසු කණ්ඩායමෙ දෙකේම ක්‍රීඩකයන් එකිනෙකාට ආචාර කරමින් ගමන් කරන අවස්ථාවේ දී Shahid Afridi මෙලෙස Naveen-ul-Haq සමඟින් යම් උණුසුම් කතාබහකට එක්ව තිබුණි. සෙසු ක්‍රීඩකයන්ට ඉතාමත් සුහදව ආචාර කරන Shahid Afridi, Naveen-ul-Haq හට ඇඟිල්ල දිගු කරමින් යම් දෙයක් පවසන අයුරු එහි පැහැදිලිව සටහන්ව තිබුණි. එම අවස්ථාවේ දී Shahid Afridi කෝපයට පත්ව තිබුණු අතර මෙම සිද්ධියේ වීඩියෝව පසුව Twitter හි පලකර තිබුණි.

මෙම සිදුවීම පිළිබඳව Shahid Afridi ද සිය නිල Twitter ගිණුමේ අදහස් දක්වා තිබුණි. 

“තරුණ ක්‍රීඩකයාට මම දුන්න අවවාදය සරලයි. ක්‍රීඩා කරද්දී ක්‍රීඩා කරන්න, අසභ්‍ය දේවල් කතා කරන්න එපා. මට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ මිතුරන් ගොඩක් ඉන්නවා. ඒ වගේම අපට ඉතා සුහද සබඳතා තියනවා. කණ්ඩායමේ වගේම අපේ විරුද්ධවාදීන්ට ගරු කරන එක ක්‍රීඩාවේ මූලික ස්වභාවයයි.”

තරගාවලියේ අද (02) කිසිදු තරගයක් නොපැවැත්වෙන අතර හෙට (03) දිනයේ දී  Galle Gladiators සහ Jaffna Stallions අතර තරගය සහ Kandy Tuskers සහ Dambulla Viikings අතර තරගය ද පැවැත්වීමට නියමිතව තිබේ. 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<