විස්ඩන් කුසලානය විශ්‍රාම යවමින් නව කුසලානයක්

340

එංගලන්ත හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් බලධාරින්ගේ තීරණයකට අනුව එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මීළඟට පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ සිට තරගාවලි ජයග්‍රහකයින්ට පිරිනැමෙන කුසලානය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.

2020 IPL තරගාවලියට දින තීන්දුයි

ඒ අනුව මීළඟ තරගාවලියේ සිට විස්ඩන් කුසලානය වෙනුවට රිචඩ්ස් – බොතම් කුසලානය ලෙස නව කුසලානයක් ජයග්‍රහකයින්ට පිරිනැමෙනු ඇත.

වසරකට වරක් එළිදැක්වෙන ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසත් හැඳින්වෙන සුප්‍රකට විස්ඩන් සඟරාවේ 100 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් 1963 වසරේ දී විස්ඩන් කුසලානය හඳුන්වා දුන්නා. ඒ අනුව, විශ්‍රාම ගන්නා විස්ඩන් කුසලානය ලෝඩ්ස් හි පිහිටි MCC කෞතුකාගාරයේ තැන්පත් කිරීමට නියමිතය.

“මේක මටත් මගේ මිතුරු ඉයන්ටත් ලොකු ගෞරවයක්. මම ගොඩක් සතුටු වෙනවා මම කුඩා කල සිට ආදරය කළ ක්‍රීඩාවේ වටිනා කුසලානයක්, මා ක්‍රීඩාවට කළ සේවය අගයමින් මගේ නමින් නම් කිරීම ගැන” විවියන් රිචඩ්ස් පවසා සිටියා.

“මම එංගලන්තයට ගොස් සමර්සෙට් ප්‍රාන්තය නියෝජනය කරද්දී මට ඉස්සෙල්ලම හම්බවුනු කෙනෙක් තමයි සර් ඉයන් බොතම් කියන්නේ. ඔහු මගේ හොඳම යහළුවෙක්.” 

මාලිංග ඇතුළු ප්‍රවීණයින්ට 2021 T20 ලෝක කුසලානය මගහැරෙයි ද?

“මේ කුසලානයෙන් මගේ හා ඉයන්ගේ ක්‍රීඩා පිටියේ දී වගේම ඉන් පිටතදීත් තිබුණු සබඳතාව ගැනත් කියවෙනවා. අපි ක්‍රීඩා පිටියේ දී සහෝදරයින්. මම සතුටුයි ඔහුගේ එක් පසෙකින් මගේ නමත් ඒ කුසලානයේ තිබීම ගැන.”

රිචඩ්ස් එංගලන්තයට එරෙහිව ලකුණු 62.36ක සාමාන්‍යයක් පවත්වා ගනිමින් ශතක අටක් ද රැස්කර ගෙන ඇති අතර බොතම් කොදෙව්වන්ට එරෙහිව තරග 20ක දී 35.18ක සාමාන්‍යයක් පවත්වා ගනිමින් කඩුලු 61ක් දවාගෙන තිබෙනවා. 

“විව් තමයි මම දැකපු හොඳම පිතිකරුවා. ඔහු කොතරම් තරගකාරී වුනත් ඔහු හොඳ යහළුවෙක්. ක්‍රිකට්  ක්‍රීඩා පිටියේ දී මට අවශ්‍යම වුනේ ඔහුගේ කඩුල්ල දවා ගන්න” බොතම් පවසා සිටියා.

“බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන තරග හැමවිමට ගොඩක් අමාරු වුනා. අපි දෙදෙනාගේ නම තිබෙන කුසලානයක් තිබීම ගෞරවයක්. මම හිතනවා මේ දිනවල ක්‍රීඩා කරන තරගාවලිය වගේම ඉස්සරහට ක්‍රීඩා කරන කොදෙව් – එංගලන්ත තරගාවලිත් ඉතා තරගකාරී වෙයි  කියලා.” 

>>LPL සහ දේශීය ක්‍රිකට් ආරම්භයට පිඹුරුපත් සැකසේ<<

විස්ඩන් කුසලානය හඳුන්වාදීමෙන් අනතුරුව එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ටෙස්ට් තරගාවලි 27ක් ක්‍රීඩා කර ඇති අතර කොදෙව්වෝ 14 වතාවක් එම කුසලානය දිනාගෙන පෙරමුණේ සිටිනවා. එංගලන්තය 9 වතාවක් විස්ඩන් කුසලානය දිනාගෙන ඇති අතර 2022 වසරේ දී පැවැත්වීමට නියමිත එංගලන්තයේ කොදෙව් සංචාරය රිචඩ්ස් – බොතම් කුසලානයේ මංගල තරගාවලිය වනු ඇත.

Cricbuzz ඇසුරින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<