පාකිස්තානයේ තිදෙනෙක්ට ලෝක කුසලානයට දොර ඇරේ

284
PIC COURTESY - ESPN CRICINFO

වේගපන්දු යවන ක්‍රීඩකයින් වන මොහොමඩ් අමීර් සහ වහාබ් රියාස්, මෙම මස 30 වැනිදා එංගලන්තයේ හා වේල්සයේ දී ආරම්භ වීමට නියමිත 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන පාකිස්තාන සංචිතයට නම් කර තිබේ.

පාකිස්තාන ක්‍රීඩකයෙකුට සිය දියණිය අහිමි වෙයි

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙක් වන අසිෆ් අලීට…

ඔවුන් දෙදෙනා සංචිතයට එක්වීමත් සමඟ මීට පෙරාතුව ලෝක කුසලානයට නම් කළ පාකිස්තාන සංචිතයෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ වමතින් වේගපන්දු යවන ක්‍රීඩක ජුනෙයිඩ් ඛාන්ට හා තුන් ඉරියව් ක්‍රීඩක ෆහීම් අශ්රෆ්ට ය.

තවද පාකිස්තාන මැදපෙළ පිතිකරු අසිෆ් අලීව ලෝක කුසලානයට ක්‍රීඩා කරන අවසන් පාකිස්තාන සංචිතයට කැඳවා ඇත්තේ අබීඩ් අලී වෙනුවටයි. අසනීප තත්වයක් හේතුවෙන් නිමාවට පත්වු එංගලන්ත එක්දින තරග සංචාරය අහිමි වූ දඟපන්දු යවන ක්‍රීඩක ශදාබ් ඛාන් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවීම හේතුවෙන් ඔහු පාකිස්තාන අවසන් ලෝක කුසලාන සංචිතයේ සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ.

ඒ අනුව ශඩාබ් ඛාන් වෙනුවට එංගලන්ත තරග සංචාරය සඳහා කැඳවූ යසීර් ශාට ලෝක කුසලානය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබේ.

වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර්ට එළඹෙන ලෝක කුසලානයට මුල් වරට නම් කළ පාකිස්තාන සංචිතයේ ස්ථානයක් අහිමි විය.

ඇෆ්ගනිස්තානය පරදවා අයර්ලන්තයට පහසු එක්දින ජයක්!

පසුගිය දා බංග්ලාදේශයට ශූරතාවය හිමිකර දෙමින් අවසන් වුනු තුන්කොන්…

නමුත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ නිමාවට පත්වු පාකිස්තාන එක්දින තරග සංචාරයේ දී දක්ෂතා දැක්වුවහොත් අමීර්ට ලෝක කුසලාන සංචිතයේ ඉඩක් වෙන්වන බවය.

නමුත් පැපොල රෝගයට ගොදුරු වීම හේතුවෙන් අමීර්ට එංගලන්ත තරගාවලියේ දී වැඩි දක්ෂතා දැක්වීමට නොහැකි විය.

කෙසේ වෙතත් ලන්ඩන් නුවර දී අමීර් පරීක්ෂණ කිහිපයකට ලක්කිරීමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් යැයි සනාථ වීම හේතුවෙන් නැවතත් ඔහු ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කර තිබේ.

පසුගිය වකවානුවේ දී එක්දින පිටියේ දැක්වූ දක්ෂතා අවම වීම හේතුවෙන් අමීර්ට පළමුව නම් කළ පාකිස්තාන සංචිතයේ ස්ථානය හිමි නොවීය. නිමාවට පත්වු 2017 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු අමීර් එක්දින පිටිය තුල තරග 14ක දී පන්දුවාර 101ක් යොමු කර ඇති අතර එහි දී ඔහුට දවා ගැනීමට හැකිව ඇත්තේ කඩුලු 5ක් පමණයි.

කෙසේ නමුත් ලෝක කුසලානය පැවැත්වෙන එංගලන්තයේ තණතිරු වල අමීර්ගේ දක්ෂතා යහපත් වීම හේතුවෙන් ඔහුව නැවතත් පාකිස්තාන ලෝක කුසලාන සංචිතයට නම් කර ඇති බව වාර්තා වේ.

එංගලන්ත ක්‍රීඩක ක්‍රිස් වෝකස් පාකිස්තානය සමූල ඝාතනය කරයි

එංගලන්ත සහ පාකිස්තානය අතර පැවති තරග 5කින් සමන්විත වූ එක්දින…

මේ වන විට එක්දින තරග 51කට ක්‍රීඩා කර ඇති මොහොමඩ් අමීර් එහි දී ලකුණු 1971කට දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 60කි.

අමීර්ට අමතරව පාකිස්තාන ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබෙන වහාබ් රියාස් එක්දින තරග 79ක දී ලකුණු 3503කට කඩුලු 102ක් දවාගෙන තිබේ. වහාබ් එළඹෙන මැයි මස 22 වැනිදා එංගලන්තයේ බ්‍රිස්ටල් හිදී පාකිස්තාන කණ්ඩායමත් සමඟ එක්වීමට නියමිතයි.

පාකිස්තාන කණ්ඩායම ලෝක කුසලානයට පෙර මැයි මස 24 සහ 26 පුහුණු තරග දෙකකට ද සහභාගී වීමට නියමිතයි. ඒ ඇෆ්ගනිස්ථානය හා බංග්ලාදේශයට එරෙහිවයි.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරඹමින් මැයි මස 31 වැනිදා පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරග බිමට පිවිසීමට නියමිතයි.

පාකිස්තාන ලෝක කුසලාන සංචිතය – සෆ්රාස් අහමඩ් (නායක), අසීෆ් අලී, බාබර් අසාම්, ෆකාර් සමාන්, හාරිස් සොහෙයිල්, හසන් අලී, ඉමාඩ් වසීම්, ඉමාම් උල් හක්, මොහොමඩ් අමීර්, මොහොමඩ් හෆීස්, මොහොමඩ් හස්නෙයින්, ශදාබ් ඛාන්, ශහීන් අෆ්රිඩි, ශොයිබ් මලික්, වහාබ් රියාස්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<