2020 IPL තරගාවලියට දින තීන්දුයි

1551

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වසරේ පවත්වනවා ද, නැති ද යන්න සම්බන්ධයෙන් විශාල කතාබහක් පසුගිය කාලයේ දී නිර්මාණය වී තිබුණු අතර ඉන්දියාවට තදබල ලෙස බලපා ඇති කොරෝනා වසංගත තත්වය නිසාවෙන් තරගාවලියේ සත්කාරකත්වය මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ලබා දීමට ද පසුගිය දා තීරණය කෙරුණි.

කෙසේ නමුත් තරගාවලිය සංවිධායකයින් විසින් අද (24) තරගාවලිය පැවැත්වෙන කාලසීමාව නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු සංචිතය තවත් ලොකු වෙයි

ඒ අනුව තරගාවලිය 2020 සැප්තැම්බර් මස 19 වැනිදා සිට නොවැම්බර් මස 9 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන බව එහි සංවිධායක කමිටුව Cricbuzz වෙබ් අඩවිය වෙත තහවුරු කර ඇත.

ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නවසීලන්තය IPL තරගාවලියේ සත්කාරකත්වය දැරීම සඳහා සූදානමින් සිටි නමුත් ඒ ඒ රටවල් තුල තිබෙන කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමේ ස්වභාවය, කාලගුණය සහ තරගාවලිය සංවිධානය කිරීම සඳහා තිබෙන පහසුකම් යන සියලු කරුණු කාරණා සැලකිල්ලට ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා එහි සත්කාරකත්වය ලබා දී ඇත.

පසුගිය මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අප්‍රේල් මාසය දක්වා කල් දැමුණු අතර පසුව ඉන්දීය රජය විසින් ගත් අගුළු දැමීමේ ක්‍රියාමාර්ග සමඟින් එය දින නියමයක් නොමැතිව කල්දැමීමට සංවිධායකයන් තීරණය කළේය.

මීට පෙර 2014 වසරේ දී ද ඉන්දීය මහ මැතිවරණ කාල සීමාවක් තුල IPL තරගාවලිය ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ නිසා එරට ක්‍රිකට් පාලනාධිකාරිය සහ තරග සංවිධායක කමිටුව එක්ව එම IPL තරග විස්ස ඉන්දියාව තුල නොපවත්වා එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුල පවත්වමින් තරගාවලිය සාර්ථක ලෙස අවසන් කළේය.

“2011 අවසන් මහා තරගය අපිට දිනන්න තිබ්බා” – මැතිව්ස්

ඉන්දීය ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ රටේ Covid-19 අවදානම අවම ප්‍රදේශ කිහිපයක හෝ තිබෙන ක්‍රිකට් ක්‍රීඩාංගණවල තරගාවලිය පවත්වා අවසන් කිරීමට විටෙක සැලසුම් යොදා තිබූ නමුත් මේ වන විට ඉන්දියාව තුල මේ වයිරසය ශීඝ්‍රයෙන් පැතිර යන නිසා එම යෝජනාව ද මේ වන විට ප්‍රතික්ෂේප වෙමින් පවතියි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද COVID-19 වයිරස ආසාදිතයින් 57,000ක් පමණ වාර්තා වී ඇති අතර ජීවිත හානි 340ක් ද වාර්තා වී තිබේ. ඉන්දියාවේ මේ වන විට ආසාදිතයින් ලක්ෂ 11 සීමාව ද ඉක්මවා ගොස් ඇති අතර මරණ 28,000ක් පමණ එරටින් වාර්තා වී තිබේ.

කණ්ඩායම් ඉන්දියාවෙන් පිටත් වීමේ සැලැස්ම සහ තරගාවලියේ සම්පූර්ණ කාලසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු ලබන සතියේ පැවැත්වෙන IPL පාලක සභා රැස්වීමේ දී සාකච්ඡා කෙරේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<