ඇතුගල්පුර ‍රග්බි හමුදාව සීරුවෙන්

127
Maliyadeva College

සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරග මේ වන විටත් ආරම්භ වී අවසන්. ThePapare.com කරන මේ විමසුම කුරුණෑගල මලියදේව රග්බි කණ්ඩායමේ මෙවර සූදානම පිළිබඳවයි. 

කුරුණෑගල මලියදේව විද්‍යාලය මෙවර B කාණ්ඩයෙන් තරග කරන අතර වසර 4, 5ක පළපුරුද්දක් සහිත ක්‍රීඩකයන් රැසකින් සමන්විත ඔවුන් මෙවර තරග වාරය ආරම්භ කරනුයේ ඉතා හොඳ තරගයක් ප්‍රතිවාදීන්ට ලබා දීමේ අපේක්ෂාවෙනි. 

පොලීසියේ මහනුවර වැටලීම අසාර්ථකයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 14 වැනි සතියේ අවසන් තරගය සඳහා මහනුවර ක්‍රීඩා

2018 වසරේ දී B කාණ්ඩයේ සිට A කාණ්ඩය දක්වා උසස්වීමක් ලබාගන්නා මලියදේව කණ්ඩායම පසුගිය වසරේ දී A කාණ්ඩයේ ක්‍රීඩා කළේය. 

පසුගිය දක්ෂතා

2018 වසරේ පැවති අගමැති කුසලාන තරගාවලියේ දී කොළඹ ආනන්ද විද්‍යාලය පරදා ශූරතාව දිනා ගත් මලියදේව විද්‍යාලය එම දක්ෂතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවේ. එම අවසන් මහා තරගයේ දී ලකුණු තත්වය සටහන් වූයේ 22-20ක් වශයෙනි.

අගමැති ශූරතාවයට අමතරව බඳුන ශූරතාවය වෙනුවෙන් පැවති තරගයේ දී අනුශූරතාව ද දිනා ගැනීමට ඔවුන් සමත්ව ඇත. 2017 වසරේ පළමු වටයේ දී කාණ්ඩයේ දක්ෂතම කණ්ඩායම බවට ඔවුන් පත්ව ඇති අතර දෙවැනි වටයේ දී බඳුන අනුශූරතාවය දිනා ගැනීමට ද සමත්ව ඇත. මීට අමතරව මලියදේව ක්‍රීඩකයින් 2016 වසරේ දී පලිහ ශූරතාවය ද දිනා ගැනීමට සමත්ව ඇත.

2018 වසරේ පාසල් රග්බි පිටිය තුල මලියදේවය දැක්වූ දක්ෂතා ඔවුන් A කාණ්ඩය තෙක් රැගෙන යාමට සමත් විය. කෙසේ වෙතත් එම තරග වාරය ඔවුන්ට එතරම් සාර්ථක එකක් වූයේ නැත. 

මලියදේව කණ්ඩායම පසුගිය වසරේ A කාණ්ඩය යටතේ සහභාගි වූ තරග 5ම පරාජය විය. ඔවුන් රාජකීය කණ්ඩායම හමුවේ ලකුණු 62-06ක් ලෙසත්, වෙස්ලි කණ්ඩායම හමුවේ 52-10ක් ලෙසත්, සාන්ත පීතර කණ්ඩායම හමුවේ ලකුණු 82-00ක් ලෙසත්, සාන්ත තෝමස් කණ්ඩායම හමුවේ ලකුණු 38-08ක් ලෙසත්, කිංග්ස්වුඩ් කණ්ඩායම හමුවේ ලකුණු 62-14ක් ලෙසත් පරාජය විය. 

ඉන් අනතුරුව ඔවුන් පළඟ ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගත් අතර එහි දී ඔවුන් සුමංගල කණ්ඩායම පමණක් පරාජය කිරීමට සමත් විය. ඒ ලකුණු 26-17ක් ලෙසිනි. එම වටයේ අනෙකුත් තරග වූ ඩී. එස්. සේනානායක කණ්ඩායම සමඟින් පැවති තරගය 22-10  ලෙසත්, සාන්ත අන්තෝනි තරගය ලකුණු 26-17ක් ලෙසත්, සහිරා තරගය ලකුණු 33-19ක් ලෙසත් පරාජය වීමට මලියදේව කණ්ඩායමට සිදු විය. 

B කාණ්ඩයේ පෙරමුණට ඒමට වෙර දරන තර්ස්ටන්වරුන්

2020 ඩයලොග් අන්තර් පාසල් රග්බි තරගාවලිය පසුගිය දා ආරම්භ විය. මෙවර තරගාවලිය අන්

මෙවර තරග වාරය

මලියදේව කණ්ඩායම මෙම වසරේ දී IB කාණ්ඩය යටතේ ක්‍රීඩා කරයි. එම කාණ්ඩයට සහිරා විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය, සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා මහානාම විද්‍යාලය ඇතුලත් වේ. 

මෙවර තරගාවලිය සඳහා සහභාගි වන මලියදේව කණ්ඩායම 

එස්. බී. පල්ලේගෙදර, ජී. වයි. අමරසිංහ, එල්. බී. ඒකනායක, එස්. බී. හේරත්, එස්. ඩී. ගුණතිලක, පී. ටී. ගුණවර්ධන, කේ. ඩබ්ලියු. ඩී. ගනේගෙදර, ඒ. එම්. ඇල්ලේගොන්න, ඒ. එස්. තෙන්නකෝන්, එම්. බී. එම්. වීරසේකර, ටී. එන්. ඉන්ද්‍රරත්න, එස්. සී. රත්නායක, කේ. එස්. දහනායක, වී. එස්. දේශාන්, එච්. කේ. ගුණවීර, ටී. බී. අළුවිහාරේ, ඩී. ඩී. සෙල්ලහේවා, ආර්. එම්. පද්මසිරි, ආර්. පී. කවීශ, වී. ආර්. තෙන්නකෝන්, ඩබ්ලියු. ආර්. තීක්ෂණ, ආර්. එම්. රණසිංහ, බී. සී. පීරිස්, එම්. ඩී. ධනුගේ, වයි. එස්. එදිරිසිංහ 

මලියදේව කණ්ඩායම මෙවර තරගාවලිය ආරම්භ කරමින් සාන්ත ඇලෝසියස් කණ්ඩායම සමඟින් තරග වැදුණු අතර එම තරගය ජයග්‍රහණය කිරීමට මලියදේව කණ්ඩායම සමත්වූයේ ලකුණු 31-12ක් ලෙසිනි. 

මෙවර B කාණ්ඩය යටතේ තරග වදින මලියදේව විද්‍යාලයට සිය බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකි වේවායි ThePapare.com අප සුබ පැතුම් එක්කරන්නෙමු.

මෙවර පාසල් රග්බි තරග වාරයේ A කාණ්ඩයේ තරග මෙන්ම B කාණ්ඩයේ තරග ද ඔබ වෙත සමීප කිරීමට ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සූදානමින් සිටි. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <